කැළණිය විශ්වවිද්‍යාලය

මුල් පිටුව | කැළණිය විශ්වවිද්‍යාලය

කැලණිය විශ්වවිද්‍යාලය , ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹට ආසන්නයේ ඓතිහාසික කැලණි පුරවරයේ දළුගම පිහිටා ඇත. වර්තමානයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුලපති ධූරය හොබවන අතර උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියයි . වර්තමානය වන විට කැලණිය විශ්වවිද්‍යාලය පීඨ 6 කින් ද අනුබද්ධිත ආයතන 3 කින් ද ප්‍රත්‍යායිත විද්‍යායතන 3 කින් ද සමන්විත වේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 4 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3087 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි.

කැලණිය විශ්වවිද්‍යාලය
ආදර්ශ පාඨයපඤ්ඤාය පරිසුජ්ඣති
(ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න)
පිහිටුවන ලද්දේ1959 (ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස)
කුලපතිපූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
උපකුලපතිමහාචාර්ය නිලන්ති ද සිල්වා
පිහිටීමකැලණිය, ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩපදළුගම ප්‍රධාන පරිශ්‍රය සහ රාගම

ඉතිහාසය

කැලණිය විශ්වවිද්‍යාලය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙන නමින් 1875 දී කැලණිය, පෑලියගොඩ පිහිටවනු ලැබිණි. එතැන් සිට වසර 100 කට ආසන්න කාලයක් පිරිවෙනක් ව පැවති මේ ආයතනය 1957 අංක 45 දරන විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත අනුව 1959 ජනවාරි 01 දින සිට විශ්වවිද්‍යාලයක් බවට පත්කෙරුණු අතර ඒය ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස නම් කෙරිණි. මෙහි දී එවකට විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ මේ අභිනව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කරන ලදී.

පසුව 1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල එක ම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබූ අවස්ථාවේ දී 1972 පෙබරවාරි 15 වන දා සිට මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ සිදු වූ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ව්‍යුහය සංශෝධනයේ දී යථෝක්ත මණ්ඩපය කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව ලෙස නැවත වරක් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලදී.

1957 පනත අනුව ආරම්භයේ දී ගිහි පැවිදි ශිෂ්‍යයින් පමණක් මෙම ආයතනයට ඇතුළත් කරගනු ලැබූ අතර 1966 අංක 20 දරන ජාතික උසස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීමත් සමඟ ශිෂ්‍යවන්ටද මේ සඳහා ඇතුළත් වීමට හැකි විය. ආරභයේ දී පෑලියගොඩ පිරිවෙන් භූමියේ ම පිහිටවනු ලැබූ මෙම විශ්වවිද්‍යාලය ඉඩකඩ මඳ වීමේ ගැටලුව නිසා වර්තමානයේ විශ්වවිද්‍යාලය පිහිටුවා තිබෙන භූමි භාගයට 1975 වන විට ගෙන එන ලදී. 1959 ආරම්භක අවස්ථාවේ දී එය ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර, භූගෝල විද්‍යාව, බෞද්ධ අධ්‍යයන හා දර්ශනය, ආර්ථික විද්‍යාව, ගණිතය හා අධ්‍යාපන විද්‍යාව වැනි විෂය කීපයකට සීමා වුවද,

අද වනවිට මානවශාස්ත්‍ර, විද්‍යා, සමාජීය විද්‍යා, වෛද්‍ය විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන වශයෙන් හැඳින්වෙන පීඨ 6 කින් හා අධ්‍යයන අංශ 48 කින් සමන්විත මුල්පෙලේ විශ්වවිද්‍යාලයක් බවට පත් වී ඇත.

තේමා පාඨය

පඤ්ඤාය පරිසුජ්ඣති - ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න.

කුලපති සහ විශ්වවිද්‍යාල බලධාරීහු

කුලපති:
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ

උපකුලපති:
මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා

පීඨාධිපති - වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය:
ආචාර්ය R.P.C. රන්ජනී මහත්මිය
B.Com. [Kelaniya], M.Com., Ph.D. [Panjab]

පීඨාධිපති - සමාජීය විද්‍යා පීඨය:
මහාචාර්ය ඒ්.ඒච්.ඒම්.ඒච්. අබේරත්න මහතා
පීඨාධිපති - විද්‍යා පීඨය:
මහාචාර්ය නලින් ද සිල්වා මහතා
B.Sc. [Ceylon], D.Phill.[Sussex]

පීඨාධිපති - පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය:
මහාචාර්ය මැණික් ගුනසේකර මයා​
B.A. Hons. ( Kelaniya), M.A., PhD.( Michigan)


පීඨාධිපති - මානවශාස්ත්‍ර පීඨය:
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා
B.A. [Sri Lanka], Ph.D. [Kelaniya], Dip. in Japanese [Osaka U.]

පීඨාධිපති - වෛද්‍ය පීඨය:
මහාචාර්ය A.R. වික්‍රමසිංහ මහතා
M.B.B.S. [Colombo], MPH [Tulane], Ph.D. [Tulane], Ph.D. [Louisiana]

අධ්‍යක්ෂ - පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනය:
මහාචාර්ය G.D. සුමනපාල මහතා
B.A., M.A., Ph.D. [Kelaniya], Prachina Panditha

අධ්‍යක්ෂ - පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය:
මහාචාර්ය T.K.N.P. ද සිල්වා මහතා
B.Sc. [BE], M.Sc. [Archt]

අධ්‍යක්ෂ - වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය:
මහාචාර්ය J.A. ලියනගේ මහත්මිය
B.Sc. [Sri J'pura], Ph.D. [Cardiff], FRCS, F.I.Chemc.C., C.C.Chem., C.Sci.

විද්‍යාපීඨාධිපති - නාවික හා සාගරික විද්‍යාපීඨය:
කොමදෝරු S.S. රණසිංහ මහතා
WWW, RWP, USP, PSC, M.Sc. [D&SS], M.Sc. [WS&DM], AOWC

විද්‍යාලාධිපති - ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය:
සේනා විධායක/ මේජර් ජෙනරාල් N.A. රණසිංහ මහතා
RSP, USP, PSC

විද්‍යාලාධිපති - ගුවන් හමුදා කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය:
ගුවන් කොමදෝරු N.H.V. ගුණරත්න මහතා
USP, M.Sc. [Human Sec.], NDU-USA, PSC, CTF-NDU, PG. Dip. [LS] Colombo U., Dip. in HRM [UK], Dip. in Psy. [UK]

ලේඛකාධිකාරී:
W.M. කරුණාරත්න මහතා
B.Sc. Pub. Ad. [Sri J'pura], MSSC [Kelaniya]

පුස්තකාලාධිකාරී:
L.A. ජයතිස්ස මහතා
B.Sc. [Vidyalankara], Dip.Lib.Sc. & Inf.Studies [Kelaniya], M.L.I.Sc [Delhi]

වැඩබලන මූල්‍යාධිකාරී:
L.M. ජයවීර මහතා
B.A. Sp. [Sri J'pura], PG. Dip. in Mgt. [Open University]

පිඨ

  • මානවශාස්ත්‍ර පීඨය සංරක්ෂණය කළ පිටපත 2010-06-27 at the Wayback Machine
    • වාග්විද්‍යා අධ්‍යයන අංශය
    • සිංහල අධ්‍යයන අංශය
    • පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය
    • නූතන භාෂා අධ්‍යයන අංශය
    • ඉංග්‍රීසි අධ්‍යයන අංශය
    • සංස්කෘත අධ්‍යයන අංශය
    • හින්දි අධ්‍යයන අංශය
    • නාට්‍ය, රංගකලා හා ප්‍රතිබිම්භකලා අධ්‍යයන අංශය
    • බටහිර සම්භාව්‍ය හා ක්‍රිස්තියානි අධ්‍යයන අංශය
  • සමාජීය විද්‍යා පීඨය සංරක්ෂණය කළ පිටපත 2010-04-28 at the Wayback Machine
    • පුරාවිද්‍යා විද්‍යා අධ්‍යයන අංශය
    • ඉතිහාස අධ්‍යයන අංශය
    • ජනසන්නිෙව්දන අධ්‍යයන අංශය
    • ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය
    • භූගෝල විද්‍යා අධ්‍යයන අංශය
    • දර්ශන අධ්‍යයන අංශය
    • සමාජ විද්‍යා අධ්‍යයන අංශය
  • පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය සංරක්ෂණය කළ පිටපත 2016-07-19 at the Wayback Machine
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨයේ තිබෙන වැදගත් අධ්‍යයන අංශයක් වශයෙන් පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය සැලකිය හැකි ය. 1972 දී මෙය ආරම්භ කළ අතර ශ්‍රි ලංකාව තුළ පුස්තකාලයාධිපති වෘත්තියේ පුහුණු මිනිස් බල සම්පත නිර්මාණය කිරිම හා පුස්තකාල හා තොරතුරු විද්‍යාවට අදාළ උසස් අධ්‍යාපනය හා වෘත්තිය දැනුම ලබා දීමෙහි ලා ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින එකම අධ්‍යයනාංශය වේ. පුස්තකාල වෘත්තියේ ගුණාත්මක බව වර්ධනය කිරිම හා මෙම ක්ෂේත්‍රෙය් මානව සම්පත සංවර්ධනය කිරිම සඳහා අපරිමිත සේවයක් මෙමඟින් සිදු වේ. පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳව ශ්‍රි ලංකාවේ සිටින එක ම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වන පියදාස රණසිංහ මහතා මෙහි අචාර්ය මණ්ඩලයේ කටයුතු කරන අතර වර්තමාන අංශ ප්‍රධාන තනතුර හොබවන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ලැගුම්දෙණිෙය් පියරතන ස්වාමීන් වහන්සේ ය.
  • විද්‍යා පීඨය සංරක්ෂණය කළ පිටපත 2008-03-16 at the Wayback Machine
  • වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය සංරක්ෂණය කළ පිටපත 2010-04-24 at the Wayback Machine
  • පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය සංරක්ෂණය කළ පිටපත 2010-03-29 at the Wayback Machine
  • වෛද්‍ය පීඨය සංරක්ෂණය කළ පිටපත 2010-03-27 at the Wayback Machine

අනුබද්ධිත ආයතන

  • පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනය
  • පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය
  • වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය

ප්‍රත්‍යායිත විද්‍යායතන

  • නාවික හා සාගරික විද්‍යාපීඨය
  • ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
  • ගුවන් හමුදා කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය

‍පහසුකම් සහ සේවාවන්

  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය
  • පුස්තකාලය සංරක්ෂණය කළ පිටපත 2010-05-10 at the Wayback Machine
  • ඉංග්‍රීසි ඉගැන්වීමේ ඒකකය සංරක්ෂණය කළ පිටපත 2010-05-07 at the Wayback Machine
  • ශාරීරික අධ්‍යාපන අංශය සංරක්ෂණය කළ පිටපත 2010-05-09 at the Wayback Machine
  • කාර්ය මණ්ඩල සංවර්ධන ඒකකය සංරක්ෂණය කළ පිටපත 2010-05-09 at the Wayback Machine
  • වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය සංරක්ෂණය කළ පිටපත 2010-05-07 at the Wayback Machine
  • ශිෂ්‍ය උපදේශක ඒකකය
  • වෛද්‍ය මධ්‍යස්ථානය සංරක්ෂණය කළ පිටපත 2010-04-23 at the Wayback Machine
  • විවෘත හා දුරස්ථ අධ්‍යන කේන්ද්‍රය
  • ආසියානු මධ්‍යස්ථානය සංරක්ෂණය කළ පිටපත 2010-04-25 at the Wayback Machine

බාහිර සබැඳුම්

  • University of Kelaniya
  • Vidyalankara Pirivena
  • University of Ceylon
  • Sri Lanka University Games

අඩවියෙන් බැහැර පිටු

  • කැලණිය විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවිය
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව
  1. http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html සංරක්ෂණය කළ පිටපත 2016-04-05 at the Wayback Machine ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැළණිය විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු, කැළණිය විශ්වවිද්‍යාලය යනු කුමක්ද? කැළණිය විශ්වවිද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.