කෑගල්ල

මුල් පිටුව | කෑගල්ල

කෑගල්ල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පිහිටි නගරයකි. එය කොළඹ–මහනුවර මාර්ගයේ, කොළඹ සිට සැතපුම් 48 ක් (කිලෝමීටර 78) දුරින් හා මහනුවර සිට සැතපුම් 24 ක් (කිලෝමීටර 40) දුරින් පිහිටා තිබේ.

කෑගල්ල
නගරය
නගරයේ දර්ශනයක්
කෑගල්ල
ඛණ්ඩාංක: 7°15′11″N 80°20′43″E / 7.25306°N 80.34528°E / 7.25306; 80.34528
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

සබරගමුවේ ඇති දිස්ත්‍රික්ක දෙක අතුරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන්නේ කෑගල්ලයි. වර්මාතනයේ එය නගර සභාවක් මගින් පාලනය වේ.

ජනප්‍රවාද

ක්‍රි.පු 89 දී, වළගම්බා රජ්ජුරුවන් ගේ රාජ්‍ය පාලන කාලයේදී ලක්දිව ආක්‍රමණය කළ ද්‍රවිඩ සතුරන් පරාජය කිරීමේ අරමුණින් සේනා සංවිධානය කරන්නට විය. දවසක් මෙසේ රට පුරා සේනා සංවිධානය කරන්නට ගිය දිනයක, වළගම්බා රජු දඹුල්ලේ සිට දනගිරිගල, ඇකිරියගල හරහා සල්ගලට යන අතරතුර ලස්සන ගල්තලාවක නැවතී දිවා ආහාර ගෙන බුලත් විටකුත් කෑවේය. ඉන්පසු නැවතත් ගමන යන අතරතුර තව වරක් විටක් කෑමට උවමනා වී රජතුමාගෙ රත්තරං ගිරය සොයන විට එය කෑ ගල උඩ අමතක වෙලා කියල මතක් උනාලු.

ඔන්න ඉතින් එදා ඉඳන් කෑගල ක්‍රමික විකශනයේ ප්‍රතිඵලයක් විදියට ‘කෑගල්ල’ උනා කියල තමයි ජනප්‍රවාදයෙහි සඳහන් වෙන්නෙ.

මේ 'කෑගල' තියෙන්නෙ 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉදිරියෙන්, ඒ වගේම ඒ ගල උඩ තියෙන පල්ලියට කියන්නෙ 'ගල් පල්ලිය' කියලයි. ඔය 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉස්සරහ තියෙන එහෙමත් නැති නම් 'ගල් පල්ලිය' ලග තියෙන ගලේ තමයි වළගම්බා රජ්ජුරුවො නැවතිලා බුලත් විටක් එහෙම කාල ගිහින් තියෙන්නෙ. මේ ගල තියෙන්නේ කෑගල්ල නගරය ආසන්නයේම තමයි.

වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු, මායා, පිහිටි කියන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයක් ලෙස සඳහන් වෙනවා. ' පුංචි දඹුල්ල ' කෑගල්ලේ තිබෙන බව ඔබ දන්නවා ද ?

නගරයේ පිහිටි පාසල්

  • කෑගලු විද්‍යාලය
  • කෑගලු බාලිකා විද්‍යාලය
  • ශාන්ත මරියා විද්‍යාලය
  • ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය
  • ස්වර්ණජයන්ති මහා විද්‍යාලය
  • වලගම්බා මහා විද්‍යාලය
  • මහානාග මහා විද්‍යාලය
  • පින්නවල මධ්‍ය මහා විද්‍යාලය
  • ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, තෝලංගමුව
  • සුජාතා කනිශ්ට විද්‍යාලය
  • බණ්ඩාරනායක මහා විද්‍යාලය, හෙට්ටිමුල්ල
  • පැරකුම්බා මහා විද්‍යාලය, දැදිගම

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෑගල්ල පිළිබඳ තොරතුරු, කෑගල්ල යනු කුමක්ද? කෑගල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.