ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය

මුල් පිටුව | ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය

ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය (හුඩ්ස් ටවර් කෞතුකාගාරය ලෙසින්ද හැඳින්වේ) යනු, ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික කෞතුකාගාරයකි. ත්‍රිකුණාමල අර්ධද්වීපයෙහි, ශ්‍රී ලංකා තටාකාංගනය අභ්‍යන්තරයෙහි, ත්‍රිකුණාමල ඇතුලත වරායට පිවිසුම අබියස උස් කඳුවැටියක, ඔස්ටන්බර්ග්හී මෙය පිහිටා ඇත. හුඩ්ස් ටවර් යනු කෞතුකාගාර භූමියේ පිහිටි නිරීක්ෂණ කුළුණක් වන අතර, නැගෙනහිර ඉන්දීය සේවා ස්ථානයෙහි හිටපු අණදෙන නිලධාරීයෙකුව සිටි වයිස්-අද්මිරාල් ශ්‍රීමත් සැමුවෙල් හුඩ් සිහිවීම පිණිස එම ගොඩනැගිල්ලට එම නම ලබා දී ඇත.

ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය
කෞතුකාගාරයේ පිවිසුම් මාර්ගය
පිහිටීමත්‍රිකුණාමලය, ශ්‍රී ලංකාව

ඉතිහාසය

ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය පිහිටි ස්ථානය පළමුවන පරාක්‍රමබාහු රජ (1153-1186) විසින් ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කිරීම සඳහා සහ බුරුම දේශයට එරෙහිව සිය නාවික බළකාය පිටත් කර හැරීම සඳහා භාවිතා කළ ආරක්‍ෂිත බළකොටුවක් පැවති ස්ථානයක් වශයෙන් විශ්වාස කෙරේ.

ඔස්ටන්බර්ග් බලකොටුව

මෙම ස්ථානය සඳහා නම් ලැබී ඇත්තේ, ලන්දේසින් විසින්, ත්‍රිකුණාමලය අභ්‍යන්තර වරායට පිවිසුමෙහි තනන ලද සහ පසුව 1795දී බ්‍රිතාන්‍යයන්ට යටත්කර දුන් කුඩා බලකොටුවක් වූ ඔස්ටන්බර්ග් බලකොටුව වෙතිනි. මුහුදු මට්ටමෙහි පිහිටවුනු ප්‍රබල කාලතුවක්කු ඇණියක් සහ එයට ඉහළින්වූ කඳුවැටියෙහි පිහිටවූ බොහෝ තුවක්කු වෙතින් සමන්විතවූ මෙය, "ලංකාවෙහි වඩාත්ම ප්‍රබල ලෙසින් තුවක්කු බලයක් සහිත බලකොටුව" ලෙසින් හඳුන්වා තිබුණි. කෙසේවෙතත්, ඔස්ටන්බර්ග් කඳු වැටියෙහි වෙරළාශ්‍රිත කාලතුවක්කු ඇණිය ස්ථානගත කිරීම, ප්‍රධාන වශයෙන් 1920 වසරෙහි සිට බ්‍රිතාන්‍යයන් විසින් සීමාකිරීම හේතුවෙන්, ඒවා වෙතින් දැනට දක්නට ඇත්තේ අල්පයකි.

වෙරළාශ්‍රිත කාලතුවක්කු ඇණිය

කෞතුකාගාරය

සංකේතාත්මක හේතූන් නිසා, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තුවක්කු අතරින් සමහරක්, ක්‍රියාකාරී තත්ත්වයෙහි පවතින පරිදී නඩත්තු කරනු ලැබේ.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ලැයිස්තුව

මූලාශ්‍ර

  1. "නාවික කෞතුකාගාරය". ශ්‍රී ලංකා නාවික හමුදාව. සම්ප්‍රවේශය 7 ජූලි 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය යනු කුමක්ද? ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.