නැපෝලියන් බොනපාට්

මුල් පිටුව | නැපෝලියන් බොනපාට්

1769 වසරේ අගෝස්තු මස 15 වන දා ප්‍රංශයට අයත් කෝසිකා දූපතේ අජක්සියෝ නම් නුවරේ දී නැපෝලියන් බොනපාට් (1769-1821) උපත ලද්දේය. ඉතාලි ජාතික කාලෝ බොනපාට් හා ලැටීෂියා රමෝලිනෝ ඔහුගේ දෙමවුපියන් වේ. ඔහුගේ පවුල දුප්පත්ය.පවුලේ හතර වැනියා ඔහුය. නිර්භීත රණ ශූරයෙකු වීමේ ලක්ෂණ නැපෝලියන්ගේ කුඩා කාලයේ සිටම ප්‍රකට විය. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු බ්‍රියැන් හි හමුදා පාසලට බැඳුණු නැපෝලියන් එහි වසර 5 ක් අධ්‍යාපනය හදාරා පැරිස් හි හමුදා ඇකඩමියට ඇතුලත් විය.

නැපෝලියන් බොනපාට්
නැපෝලියන් අධිරාජ්‍යයා ටියුලර්ස් හි ඔහුගේ අධ්‍යයන කාමරයේදී, 1812
ප්‍රංශ අධිරාජ්‍යයා
1 වන පාලනය1804 මැයි 18 – 1814 අප්‍රේල් 6
අනුප්‍රාප්තිකයාදහඅටවන ලුවිස් රජ
2 වන පාලනය20 මාර්තු – 22 ජූනි 1815
අනුප්‍රාප්තිකයාදහඅටවන ලුවිස් රජ
ප්‍රංශ ජනරජයේ පළමු කොන්සලය
තනතුර දරමින්
1799 දෙසැම්බර් 13 – 1804 මැයි 18
උපතනැපෝලියන් ඩි බූනපාට්
15 අගෝස්තු 1769(1769-08-15)
අජක්සියෝ, කෝසිකා, ප්‍රංශ රාජධානිය
මරණය5 May 1821(1821-05-05) (aged 51)
ලෝන්ග්වුඩ්, ශාන්ත හෙලේනා
භූමදානය1840 දෙසැම්බර් 15
Les Invalides, පැරීසිය
වල්ලභයා
  • ජොසෆින් ද බියර්නායිස් (වි. 1796; ann. 1810)
  • ඔස්ට්‍රියාවේ මාරි ලුයිස් (වි. 1810; sep. 1814)
දරුවන්
වෙනත්…
දෙවන නැපෝලියන් රජ
අත්සන

මේ ආකාරයෙන් වයස අවුරුදු 16දී (1793) ප්‍රංශ හමුදාවට බැදෙන්නට නැපොලියන්ට හැකි විය.

ප්‍රංශ විප්ලවය

හයවන ලුවී රජතුමා බලයෙන් පහ කරමින් 1789-1799 කාල වකවානුවේදී සිදු වූ ප්‍රංශ විප්ලයේදී නැපෝලියන් වාමාංශික විප්ලවකාරී ජැකොබියන්වරුන්ට සහයෝගය දැක්වූයේය.

මේ නිසා විප්ලවයෙන් පසු නැපෝලියන් නාමය රාජ්‍යයේ මුල් තැනකට පත් වූයේය. නැපෝලියන් සැබවින්ම ප්‍රංශ විප්ලවයේ දරුවෙකු ලෙස සැලකේ. 1792දී ප්‍රංශ විප්ලවය ජය ලැබුවේය. සිහසුන අහිමි වූ 16වැනි ලුවී රජු 1793දී මරණයට පත් විය. එයින් පසුව ප්‍රංශය ජනරජයක් බවට පත් වූයේය. ජනතා නියෝජිතයා ලෙස ප්‍රංශයේ පාලන බලයට පත් වූයේ ප්‍රමුඛ ජැකොබියන්වරයෙකු වූ මැක්ස්මිලියන් රොබෙස්පියර්ය. එහෙත් ඔහුට ප්‍රංශය නිසි ලෙස පාලනය කල නොහැකි විය. ඒ නිසා ඔහුට විරුද්ධව නැගී සිටි ජනතා වීරෝධය අවසාන වූයේ මැක්ස්මිලියන්ගේ මරණයෙනි. නැපෝලියන් ඉතා ඉක්මනින් ප්‍රංශ යුධ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරි තනතුරට පත් වූයේය.

නැපෝලියන්ට කිරුළ

1800දී ඉතාලි හමුදාව ප්‍රතිසංස්කරණය කළ නැපෝලියන් ඔවුන්ගේ සහය ඇතිව යුද්ධ කිහිපවක්ම ජය ගත්තේය. එයින් ප්‍රංශ අධිරාජ්‍යය විශාල විය.

මේ ගමනේ උච්චතම ඵලය වූයේ 1804දී නැපෝලියන් ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් වීමයි. ප්‍රංශ අධිරාජ්‍යයා ලෙස අභිෂේක ගන්වන උත්සවයට එවකට සිටි පාප් වහන්සේ වන හත්වන පියුස් පාප්වහන්සේ වැඩම කළහ.

කලින් ඇති කර ගත් එකගතාවකට අනුව නැපෝලියන්ගේ කිරුළට සහ වෙනත් රාජකීය ආභරණවලට පාප් වහන්සේ ආශීර්වාද කරනු ලැබුණි. ඉන් අනතුරුව නැපෝලියන් විසින්ම තමන්ගේ කිරුළ තමන්ට පලදවා ගත්තේය.

ප්‍රංශ අධිරාජ්‍යයේ ව්‍යාප්තිය

ප්‍රංශ අධිරාජ්‍යය විශාල කිරීම නැපෝලියන් බොනපාට්ගේ විශාලතම සිහිනය විය. ඔහු ඒ සදහා මුදල් සොයා ගන්නා ලද්දේ එවකට ප්‍රංශ යටත් විජිතයක්ව පැවති ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තය ලිවින්ග්ස්ටන් සහ ජේම්ස් මොන්රෝ යන දෙදෙනා හට ඇමරිකානු ඩොලර් මිලියන 5කට රොබට් විකිණීමෙනි. ඒ 1805දීය.

ඉන් පසුව නැපෝලියන් මහා බ්‍රිතාන්‍යය, රුසියාව හා ඔස්ට්‍රියාව ආක්‍රමණය කරන්නට සැලසුම් කළේය. එහෙත් 1805දී නැපෝලියන් මහා බ්‍රිතාන්‍යයේ ට්‍රැපල්ගාර් නාවුක් සටනින් පරාජයට පත් වූයේය. එසේ වුවත් ඔහු ඔස්ට්‍රියාව යටත් කර ගත්තේය.

ඉන් අනතුරුව ඕලන්දය, ඉතාලිය, ස්වීඩනය හා ස්පාඤ්ඤයද අත්පත් කර ගත්තේය. මේ ආකාරයෙන් ප්‍රංශ අධිරාජ්‍යය යුරෝපය පුරා පැතිර ගියේය. නැපෝලියන් ඒ සදහා අනුගමනය කළේ තමන්ට විරුද්ධව බල හමුදා සංවිධානය වන්නට පෙර ඔවුන්ට පහර දීමයි.

බලයෙන් පහ වීම

රුසියාව යටත් කර ගැනීම නැපෝලියන්ගේ සැලසුම්වල ප්‍රධාන ඉලක්කය විය. 1812දී නැපෝලියන් රුසියාව ආක්‍රමණයෙන් පරාජය විය. එපමණක් නොව ප්‍රංශයට දැඩි අලාභයක් සිදු විය. මේ නිසා නැපෝලියන්ගේ පාලනයද දුර්වල විය.

මෙහි ප්‍රතිඵලය වූයේ නැපෝලියන්ට එරෙහි වූවන් විසින් 1814දී නැපෝලියන් බලයෙන් පහ කර එල්බා දූපතට පිටුවහල් කිරීමයි. එහෙත් නැවතත් සිය බලය අත්පත් කර ගන්නට නැපෝලියන්ට හැකි විය. නැවතත් ඔහු මහා බ්‍රිතාන්‍යය සමග කරන ලද වෝටර්ලූ සටනින් අන්ත පරාජයට පත් විය.

එහි ප්‍රතිඵලය වූයේ 1815දී ඔහු නැවතත් බලයෙන් පහ වීමයි. නැපෝලියන් කරන ලද යුද්ධ වලින් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව මිලියනයක්ද, යුධ හමුදාවේ මිලියන් 2.5ක්ද මිය ගිය හා අතුරුදහන් සංඛ්‍යාව ලෙස සැලකේ.

නැපෝලියන්ගේ මරණය

ඉංග්‍රීසින් විසින් 1815 ජූලි 15 වැනි දින දී අල්ලා ගන්නා ලද නැපෝලියන් බොනපාට් අප්‍රිකානු මහද්වීපයේ බටහිර වෙරළේ සිට කිලෝ මීටර් 1950ක් දුරින් පිහිටි අත්ලාන්තික් සාගරයේ ශාන්ත හෙලේනා දුපතට පිටුවහල් කරන ලද්දේ 1815 දෙසැම්බර් 10 වැනි දින දිය. ශාන්ත හෙලේනාවේ ‘ලෝන්ග්වුඩ්’ නම් නිවස්නයක් නැපෝලියන්ට බ්‍රිතාන්‍ය හමුදාව විසින් සාදා දුන් අතර එම දූපත අවට නිදහසේ සැරිසැරීමේ අවස්ථාව ද නැපෝලියන් වෙත ලැබුණා.

නැපෝලියන් ශාන්ත හෙලේනා දූපතේදී 51 හැවිරිදි වියේදී එනම් 1821 මැයි 5 වැනි දින මිය ගියේය.1821 මැයි 6 වන දින නැපෝලියන්ගේ මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන් නිගමනය කළේ ඔහුගේ මරණය ආමාශයේ පිළිකාවක්, ආමාශයේ වණ වලින් ලේ ගැලීම නිසා සිදු වූවක් බවත්, ඔහුගේ මරණයට පෙර දින ඔහුට රසදිය අඩංගු සංයෝගයක් වන කැලමෙල් විශාල මාත්‍රාවක් ලබා දී තිබෙන බවත් ය.

දරුවන්

නැපෝලියන් 1796 දී ජෝසෆින් සමඟ විවාහ වූ නමුත් එම විවාහයෙන් දරුවන් බිහි නොවීය. 1806 දී, ඔහු තම සුළු පුත් Eugène de Beauharnais (1781–1824) සහ ඔහුගේ දෙවන ඥාති සොහොයුරිය වන Stéphanie de Beauharnais (1789–1860) හදා වඩා ගත් අතර ඔවුන් වෙනුවෙන් රාජවංශික විවාහයන් සංවිධානය කළේය.

මාරි ලුයිස් සමඟ නැපෝලියන්ගේ විවාහය එක් දරුවෙකු බිහි කළේය, ඔහු උපතේ සිට රෝමයේ රජු ලෙස හැඳින්වූ නැපෝලියන් ෆ්‍රැන්සිස් ජෝසප් චාල්ස් (දෙවන නැපෝලියන් රජ) (1811-1832) විය. 1815 දී නැපෝලියන් ධුරයෙන් ඉවත් වූ විට ඔහු තම පුත්‍රයා "දෙවන නැපෝලියන්" ලෙස නම් කළ නමුත් මිත්‍ර පාක්ෂිකයින් ඔහුව හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඔහු 1818 දී රීච්ස්ටැඩ් ආදිපාද පදවිය පිරිනමන ලද අතර දරුවන් නොමැතිව වයස අවුරුදු 21 දී ක්ෂය රෝගයෙන් මිය ගියේය.

නැපෝලියන් චාල්ස් ලියොන් (1806–1881) නම් අනෛතික පුතෙකු පිළිගත්තේය. ඔහුගේ පෝලන්ත අනියම් බිරිඳ වන මාරියා වලෙව්ස්කාගේ පුත් ඇලෙක්සැන්ඩ්‍රේ කොලොනා-වලෙව්ස්කි (1810–1868) ද DNA සාක්ෂි සනාථ කර ඇති පරිදි ඔහුගේ දරුවා ලෙස පුළුල් ලෙස ප්‍රසිද්ධ විය. ඔහුට තවත් අනෛතික දරුවන් සිටින්නට ඇත.

පින්තුර ගැලරිය

  • නැපෝලියන් අධිරාජයාගේ ලාංඡනය
  • පැරිසියේ ලෙස් ඉන්වලිඩ්ස් හි නැපෝලියන්ගේ සොහොන
  • බොනපාට්, වයස අවුරුදු 23, කෝර්සිකානු රිපබ්ලිකන් ස්වේච්ඡා සේවකයන්ගේ බලඇණියක ලුතිනන් කර්නල් ලෙස, හෙන්රි ෆීලික්ස් එම්මානුවෙල් ෆිලිපොටෝක්ස් විසින් 1835 දී සාදන ලද ඡායාරූපය
  • නැපෝලියන්ගේ පියා වන කාලෝ බූනපාට්

සටහන්

  1. ප්‍රංශයේ රජු ලෙස

මූලාශ්‍ර

  1. Dwyer (2013), pp. 320–21. sfnp error: no target: CITEREFDwyer2013 (help)
  2. McLynn (1997), p. 318-19. sfnp error: no target: CITEREFMcLynn1997 (help)
  3. Palmer (1984), p. 203. sfnp error: no target: CITEREFPalmer1984 (help)
  4. McLynn (1997), p. 663 harvp error: no target: CITEREFMcLynn1997 (help)
  5. Palmer (1984), p. 105. sfnp error: no target: CITEREFPalmer1984 (help)
  6. McLynn (1997), p. 630 harvp error: no target: CITEREFMcLynn1997 (help)
  7. Lucotte, Gérard; Macé, Jacques & Hrechdakian, Peter (September 2013). "Reconstruction of the Lineage Y Chromosome Haplotype of Napoléon the First" (PDF). International Journal of Sciences. 2 (9): 127–139. ISSN 2305-3925. 6 April 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
  8. McLynn (1997), p. 423 harvp error: no target: CITEREFMcLynn1997 (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නැපෝලියන් බොනපාට් පිළිබඳ තොරතුරු, නැපෝලියන් බොනපාට් යනු කුමක්ද? නැපෝලියන් බොනපාට් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.