නුගේගොඩ

මුල් පිටුව | නුගේගොඩ

නුගේගොඩ යනු ශ්‍රී ලංකාවේ කොලඹ දිස්ත්‍රික්කයේ ඇති ජනාකීර්ණ නගරයකි. එහි කොටසක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සීමාවටත් කොටසක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා වල සීමාවටත් අයත්ය.

නුගේගොඩ
නගරය
නුගේගොඩ නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත,ශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කකොළඹ_දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් අංකය10250

ඉතිහාසය

දශක කිහිපයකට කලින් කුඩා ගම්මානයක් පමණක් වුවත් මෑතකාලීනව විශාල සංවර්ධනයක් සහ දියුණුවක් පෙන්නුම් කර ඇත. මේ නිසා ඉදිකිරීම් සංඛ්යාවෙහි විශාල වර්ධනයක් සිඩුවී ඇති අතර තුරුලතා සහ ස්වභාවික පරිසරය විශාල ලෙස අඩුවී ඇත. වෙල්යායවල් සහ වෙනත් කෘශිකාර්මික බිම් මෑතක් වනතුරු (1990 මුල් භාගය තෙක්)දක්නට ලැබුනත් දැන් ඒවා විශාල වශයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඇත. වර්තමානයේ සාන්ත ජෝන් විද්‍යාලය, අනුලා විද්‍යාලය සහ ජනප්‍රිය රොටරි ආයතනය වැනි අධ්යාපන ආයතන විශාල ප්‍රමාණයක් නුගේගොඩ පවත්වාගෙන යනු ලබයි.

2007 නොවැම්බර් 29 වැනිදා නුගේගොඩ සිදුවූ බෝම්බ පිපුරුමෙන් සිවිල් වැසියන් 25 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 50කට වැඩි ගණනක් තුවාල ලැබූහ. මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය මගින් සිදුකරන ලද්දකි. ආරක්ශක අමාත්‍යංශය පවසන පරිදි කඩසාප්පු හා පෞද්ගලික රථවාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුවිය.

2009 ජනවාරි 23 වැනි දින අලුතින් ඉදිවූ ගුවන් පාලම මහජනයාට විවෘත කරන ලදී.

ආර්ථිකය

උත්සව සමයන්හිදී නුගේගොඩ පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී යයි. ප්‍රසිද්ධ බෝ ගහ හන්දිය අසල ඇඳුම් කඩ සඳහා නුගේගොඩ ප්‍රසිද්ධය. ලංකාවේ ප්‍රධාන පොත්හල් ජාලයක් වන සරසවි සමූහයේ ප්‍රධාන ශාඛාව ඇත්තේද නුගේගොඩය. නුගේගොඩ පොලද ලන්කාවෙ ඇති ප්‍රධාන පොලකි. විවිධ වර්ගයේ එලවලු, පළතුරු, මසුන් සහ මස් වර්ග එහිදී ලබාගත හැකි අතර සතියේ සෑම දිනකම විවුර්තව පවතී. නුගේගොඩට යාබද දෙල්කඳ ඇති සති පොලද ලංකාවෙ ප්‍රධාන පොලකි. හයිලෙවල් මාවත දෙපස පවත්වන මෙම පොලෙන් ඕනම වර්ගයක කෘශි නිශ්පාදනයක් මිලට ගැනීමේ හැකියාව පවතී.


නුගේගොඩට අයත් මිරිහාන කොට්ඨාශයේ මිරිහාන පොලිස් ස්ථානය පිහිටා තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ සන්නිවේදන අංශයේ මූලස්ථානය මෙන්ම බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා නුගේගොඩ ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයද මිරිහානේ පිහිටා ඇත.

අධ්‍යාපනය

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය නුගේගොඩ අසල නාවල පිහිටා තිබෙන අතර දිවයිනේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද නුගේගොඩ අසල පිහිටා තිබේ. මේ ප්‍රදේශයේ පාසල්ද විශාල සංඛයාවක් දක්නට ඇත.

  • සාන්ත ජෝන් විද්‍යාලය
  • සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය
  • අනුලා විද්‍යාලය
  • ශාන්ත ජෝසෆ් පිරිමි විදුහල
  • ශාන්ත ජෝසෆ් කාන්තා විදුහල

මූලාශ්‍ර

  1. http://mohanjith.net/postal_codes/western/colombo/10250-nugegoda.html

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුගේගොඩ පිළිබඳ තොරතුරු, නුගේගොඩ යනු කුමක්ද? නුගේගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.