නේපාලයෙහි අග්‍රාමාත්‍යවරයා (Nepali: नेपालको प्रधानमन्त्री, romanized: Nēpālakō pradhānamantrī) යනු, නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවෙහි රජයෙහි ප්‍රධානියා වෙයි. අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට නායකත්වය සපයන අතර රට තුල ප්‍රධාන විධායක අධිකාරත්වය දරයි. තනතුර දැරීමට සුදුසු වන පරිදී, අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රටිනිධි සභා තුල බහුතර සහාය පවත්වාගෙන යායුතු අතර එහි විශ්වාසය දිනාගෙන සිටිය යුතුය. අග්‍රාමාත්‍යවරයාට මෙම සහාය බිඳවැටුනු විටෙක ඔවුන් ඉල්ලා අස්විය යුතුය.
| නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවෙහි අග්‍රාමාත්‍යවරයා नेपालको प्रधानमन्त्री (Saṅghīya lōkatāntrika gaṇatantra nēpālakā pradhānamantrī) | |
|---|---|
නේපාලයෙහි ලාංඡනය | |
නේපාලයෙහි ධජය | |
| ශෛලීය | අති ගරු |
| මෙහි සාමාජිකයෙකි |
|
| මොහුට වාර්තා කරයි |
|
| නිවහන | කත්මන්දු |
| ආසනය | සිංහ ඩර්බාර්, කත්මන්දු |
| පත් කරන්නා | නේපාලයෙහි ජනාධිපතිවරයා |
| ධූර කාල ප්‍රමාණය | මාස 6 |
| සංස්ථාපන ලිඛිතය | වගන්තිය 76(2), නේපාලයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
| සමාරම්භක දරන්නා | භීම්සෙන් තාපා |
| සංස්ථාපනය | 1806 |
| නියෝජ්‍ය | නේපාලයෙහි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා |
| වෙබ් අඩවිය | parliament.gov.np/ |
අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවහන බලුවටාර්, කත්මන්දු තුල පිහිටා ඇත. චන්ද්‍රා ෂම්සේර් ජං බහඩුර් රේනාගේ පාලන කාලයේදී (1901–1929) සිට අග්‍රාමාත්‍යවරයාගේ නිල කාර්යාලය පිහිටන්නේ සිංහ ඩාබර් තුලය.
නේපාලයෙහි ප්‍රමුඛතා පිළිවෙල අනුව, වත්මන් තනතුරු ධාරී අග්‍රාමාත්‍යවරයා තුන්වන ස්ථානයෙහි පසුවෙයි.
ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා වලින් පසුව, 2025 සැප්තැම්බර් 9 දිනදී, අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලී ඉල්ලා අස්විය. අන්තර්කාලීන රජය පැවති සමයෙහිදී, හිටපු අග්‍රවිනිශ්චයකාර සුෂිලා කාර්කි 2025 සැප්තැම්බර් 12 දින සිට අග්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කරයි.
ඉතිහාසය
නේපාලයෙහි අග්‍රාමාත්‍ය තනතුර සියවස් ගණනාවක් තිස්සේ සැලකිය යුතු ආකාරයට පරිණාමයට ලක්ව ඇති අතර, එසේ වී ඇත්තේ රටෙහි සංකීර්ණ දේශපාලන සහ සමාජ පරිවර්තන වලට අනුකූලවය. මුලින්ම, රජවරුන්ගේ පාලනය යටතේ, මෙම භූමිකාව විශාල වශයෙන් චාරිත්‍රානුකූල ස්වභාවයක් ඉසිලූ අතර, නියම බලය ඒකාග්‍රව පැවතියේ රජවරු සහ පාරම්පරික අධිපතීන් අතෙහිය.
18වන සියවසෙහිදී, ෂා රාජාණ්ඩුවෙහි සංස්ථාපනය හා සමගම, අග්‍රාමාත්‍යවරයාගේ තනතුරට ඉහළ ප්‍රමුඛත්වයක් ලැබිණි. මෙම තනතුර බොහෝවිට බලගතු වංශාධිපතීන් සහ රාජකීය අමාත්‍යවරුන් විසින් උසුලනු ලැබූ අතර, ඔවුන් විසින් ඵලදායී ලෙසින් පරිපාලනමය සහ හමුදාමය කටයුතු හසුරවන ලදි. රේනා යුගයෙහිදී (1846–1951), අග්‍රාමාත්‍යධූරය රේනා රජපවුල තුල පරම්පරාවෙන් උරුම වන්නක් බවට පත් වීමත් සමගම, අග්‍රාමත්‍යවරයා විසින් උත්තරීතර බලාධිකාරියක් දරමින් රජතුමා නාමමාත්‍රික නායකයෙක් වූ, ඒකපුද්ගලාධිකාරී පාලනයක් බිහි විය.
රේනා රාජ්‍ය පාලන කාලය 1951 වසරෙහි අවසන් වීම හා සමගම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙහෙළි නැංවූ නව යුගයක් උදාවිය. එතැන් සිට, අග්‍රාමාත්‍යවරයාගේ තනතුර නේපාලයෙහි දේශපාලන දෘෂ්ඨිපථයෙහි කේන්ද්‍රගත භූමිකාවක් ඉටුකරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩු, බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාද ක්‍රම, දේශපාලන අස්ථායිතා කාලසීමා සහ, අත්‍යන්තයෙහි 2008 වසරෙහි රාජාණ්ඩුව අහෝසි කිරීම දක්වා රට රැගෙන ගියේය.
ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් ලෙසින් නේපාලය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව, වර්තමානයෙහි අග්‍රාමාත්‍යවරයා රජයෙහි ප්‍රධානියා වශයෙන් සේවය කරමින් විධායක කටයුතු සහ සැලසුම් සම්පාදන කටයුතු පිළිබඳ වගකියන අතර, චාරිත්‍රානුකූල රාජ්‍ය නායකයා ලෙසින් ක්‍රියාකරන ජනාධිපතිවරයා සමග කටයුතු කරයි.
බලය සහ අධිකාරිය
අනෙකුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයන් හා සසඳන විට නේපාලයෙහි අග්‍රාමාත්‍යවරයාට වඩාත් බලගතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායකමය භූමිකාවන් පවරා ඇත.එය එසේ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 75 ඡේදය විසින් ඉපැහැදිලි ලෙසින්, ෆෙඩරල් රජයෙහි විධායක බලය අමාත්‍ය කවුන්සිලය වෙත පවරා ඇති අතර එහි නායකයා ජනාධිපතිවරයා නොව අග්‍රාමාත්‍යවරයා වන බැවිනි. අනෙකුත් බොහෝ පාර්ලිමේන්තු ජනරජයන්හී, ජනාධිපතිවරයා අවම වශයෙන් නාමික හෝ ප්‍රධාන විධායකයා වන අතර සම්මතය පරිදී කැබිනට් මණ්ඩලයෙහි උපදෙස් මත ක්‍රියාකිරීමට බැඳී සිටියි. 76 වන ඡේදය ප්‍රකාර, අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය කවුන්සිලයෙහි සභාපතිවරයා වන අතර, අමාත්‍ය කවුන්සිලය හා සමගින් සාමුහිකව විධායක බලය ක්‍රියාත්මක කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පසුබිම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 76 ඡේදයෙහි 7 කොටස ප්‍රකාර, ජනාධිපතිවරයා විසින්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි බහුතර පක්ෂයෙහි නායකයා, අග්‍රාමාත්‍යවරයා ලෙසින් පත් කල යුතු වෙයි. කිසිම පක්ෂයකට බහුතර බලයක් නොමැති නම්, මන්ත්‍රණ සභාවෙහි ඔවුන් අතර බහුතර බලය හුවා දක්වන සභාගයෙහි අනුග්‍රහය සහිත–සිරිත් වශයෙන්, එවන් සභාගයක ජ්‍යෙෂ්ඨ හවුල්කාර පක්ෂයෙහි නායකයා පත් කල යුතු වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයෙහි ප්‍රතිඵල නිකුත්වී දින 30ක් ඇතුළත බහුතර සභාගයක් පිහිටුවේ නොමැති වුවොත්, ජනාධිපතිවරයා විසින් මන්ත්‍රණ සභාවෙහි විශාලතම පක්ෂයෙහි නායකයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කල යුතු වෙයි. පසුව දැක්වුනු අවස්ථාවන්හිදී, අග්‍රාමාත්‍යරයා ලෙසින් පත් කෙරුණු පුද්ගලයා විසින් දින 30ක් ඇතුළත විශ්වාසය ප්‍රකාශ කිරිමේ ඡන්දයක් ජයග්‍රහණය කල යුතුය. කෙසේවෙතත්, විශ්වාසය ප්‍රකාශ කිරීමේ ඡන්දය අසාර්ථක වුවහොත්, ජනාධිපතිවරයා විසින් මන්ත්‍රී මණ්ඩලයෙහි විශ්වාසය ප්‍රදර්ශනය කල හැකි මන්ත්‍රීවරයෙක් පත් කල යුතු වෙයි. මැතිවරණයෙහි අවසාන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කොට දින 55ක් ඇතුලත, මන්ත්‍රී මණ්ඩලයෙහි විශ්වාසය දිනා ගැනීමට කිසිම මන්ත්‍රීවරයෙකුට නොහැකි වුවහොත්, මාස හයක් ඇතුලත මැතිවරණයක් පැවැත්විය යුතුය.
තනතුර අත්හැර යාම
නේපාලයෙහි 2015 වසරෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඡේදය 77 (1) පරිදී, අග්‍රාමාත්‍යවරයා තනතුර අත්හැර යෑමෙහි ක්‍රියාවලිය පහත පරිදී වෙයි:
පහත අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍යවරයා තනතුර අත්හැර ගිය ලෙස සැලකෙයි:
- ඔවුන් ජනාධිපතිවරයාට ලිඛිත ඉල්ලා අස්වීමෙහි ලිපියක් භාරදීම,
- වගන්තිය (100) ප්‍රකාර විශ්වාසය පල කිරීමෙහි යෝජනාවක් පරාජය වුවහොත් හෝ, විශ්වාසභංග යෝජනාවක් ජයග්‍රහණය කලහොත්,
- ඔවුන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි සාමාජිකත්වයෙන් ඉවත් වුවහොත්,
- ඔවුන් මිය ගියොත්.
තවදුරටත්, ඡේදය 77 (3) දක්වන්නේ: වගන්තිය (1) පරිදී අග්‍රාමාත්‍යවරයා තනතුරු අත්හැර ගියහොත්, තවත් අමාත්‍ය කවුන්සිලයක් පත්කෙරෙන තුරු, වර්තමාන අමාත්‍ය කවුන්සිලය දිගටම බලයෙහි පවතින අතර, අග්‍රාමාත්‍යවරයාගේ මරණය සිදුවූ අවස්ථාවකදී, නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කෙරෙන තුරු, ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය තනතුර හොබවනු ඇත.
මෙයද බලන්න
- නේපාලයෙහි අග්‍රාමාත්‍යවරුන් ලැයිස්තුව
- නේපාලයෙහි අන්තර්කාලීන රජය
ආශ්‍රිත
සටහන්
- "පීඑම් ඩවුබා ෂිෆ්ට්ස් ටු ඔෆීෂියල් රෙසිඩන්ස් ඉන් බලුවාටර්". ද හිමාලයන් ටයිම්ස්. 19 ජූනි 2017. සම්ප්‍රවේශය 26 මාර්තු 2018.
- "ප්‍රසිඩන්ට් අපොයින්ට්ස් පුෂ්පා කමල් දාල් ප්‍රයිම් මිනිස්ටර්". kathmandupost.com (English බසින්).
{{cite web}}: CS1 maint: unrecognized language (link) - "පීඑම්ස් ඔෆිස් – හෙරිටේජ් ටේල් – ECSNEPAL – ද නේපෝලි වේ". ecs.com.np. සම්ප්‍රවේශය 26 මාර්තු 2018.
- "බලුවටාර් වැකේටඩ් – ද හිමාලයන් ටයිම්ස්". ද හිමාලයන් ටයිම්ස්. 14 ඔක්තොම්බර් 2015. සම්ප්‍රවේශය 26 මාර්තු 2018.
- "හූ ඊස් සුෂිලා කාර්කි? නෙපෝල්ස් ෆර්ස්ට් වුමන් චීෆ් ජස්ටිස් බැක්ඩ් බයි ජෙන් ඉසෙඩ් ඈස් ඉන්ටරිම් පීඑම්". ඩක්කන් හෙරල්ඩ්. 11 සැප්තැම්බර් 2025. සම්ප්‍රවේශය 12 සැප්තැම්බර් 2025.
- "ෆෝමර් ප්‍රයිම් මිනිස්ටර්ස් | ඔෆිස් ඔෆ් ද ප්‍රයිම් මිනිස්ටර් ඇන්ඩ් කවුන්සිල් ඔෆ් මිනිස්ටර්ස්" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-05-25.
- "ලිස්ට් ඔෆ් ප්‍රයිම් මිනිස්ටර්ස් ඔෆ් නේපෝල් (1806-2022)". Jagranjosh.com (ඉංග්‍රීසි බසින්). 2021-07-12. සම්ප්‍රවේශය 2025-05-25.
- "ජං බහඩුර් | ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් නේපෝල් ඇන්ඩ් ෆවුන්ඩර් ඔෆ් රේනා ඩිනස්ටි | බ්‍රිටැනිකා". www.britannica.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-05-25.
- ඩිපාට්මන්ට් ඔෆ් ස්ටේට්. දි ඔෆිස් ඔෆ් ඉලෙක්ට්‍රොනික් ඉන්ෆොමේෂන්, බියුරෝ ඔෆ් පබ්ලික් එෆෙයාර්ස් (2005-02-09). "නේපෝල් (01/09)". 2001-2009.state.gov (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-05-25.
- "නෙපෝල් - මොනකි, ඩිමොක්‍රසි, කන්ස්ටිට්‍යුෂන් | බ්‍රිටැනිකා". www.britannica.com (ඉංග්‍රීසි බසින්). 2025-05-23. සම්ප්‍රවේශය 2025-05-25.
- "ලිස්ට් ඔෆ් ප්‍රයිම් මිනිස්ටර්ස් ඔෆ් නේපෝල්". වර්ල්ඩ්ඇට්ලස් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2019-04-02. සම්ප්‍රවේශය 2025-05-25.
- රෙනෝල්ඩ්ස්, ලැටීෂා. "යූඕඑෆ්එල් ලයිබ්‍රරීස්: ගවර්න්මන්ට් රිසෝසර්ස් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් ඉන්ෆර්මේෂන්: නෙපෝල්". library.louisville.edu (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-05-25.
- "හිස්ට්‍රි ඔෆ් නෙපෝල් | ඉවෙන්ට්ස්, පීපල්, ඇන්ඩ් ෆැක්ට්ස් | බ්‍රිටැනිතා". www.britannica.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-05-25.
- "පාට් 7 ෆෙඩරල් එක්සකටිව්, සෙක්ෂන් 75 එක්සකටිව් පවර්". නෙපෝල් ලෝ කමිෂන් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-06-23.
- "පාට් 7 ෆෙඩරල් එක්සකටිව්, සෙක්ෂන් 76 කන්ස්ටිට්‍යුෂන් ඔෆ් කවුන්සිල් ඔෆ් මිනිස්ටර්ස්". Nepal Law Commission (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-06-23.
- "පාට් 7 ෆෙඩරල් එක්සකටිව්, සෙක්ෂන් 77 වැකේෂන් ඔෆ් ඔෆිස් ඔෆ් ප්‍රයිම් මිනිස්ටර් ඇන්ඩ් මිනිස්ටර්". නෙපෝල් ලෝ කමිෂන් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-06-23.
පුස්තක
- ආචාර්ය, බාබුරාම් (2012), ආචාර්ය, ශ්‍රී ක්‍රිෂ්න, ed. (in ne), ජනාරාල් භීමේෂන් තාපා : යින්කෝ උත්තන් තාතා පට්ටන්, කත්මන්දු: එඩියුකේෂන් බුක් හවුස්, pp. 228,
- නේපෝල්, ගියන්මනි (2007) (in ne), නේපෝල් කො මහාභාරත් (3වන ed.), කත්මන්දු: සාජා, pp. 314,
- අමාත්‍ය, ෂපල්යා (ජූනි–නොවැම්බර් 1978), "ද ෆේලියර් ඔෆ් කැප්ටන් නොක්ස් මිෂන් ඉන් නේපෝල්", ඒන්ෂන්ට් නේපෝල් (කත්මන්දු) (46–48): 9–17, http://himalaya.socanth.cam.ac.uk/collections/journals/ancientnepal/pdf/ancient_nepal_46-48_05.pdf, ප්‍රතිෂ්ඨාපනය ජනවාරි 11, 2013
- ප්‍රධාන්, කුමාර් එල්. (2012), තාපා පොලිටික්ස් ඉන් නේපෝල්: විත් ස්පෙෂල් රෙෆරන්ස් ටු භිම් සෙන් තාපා, 1806–1839, නවදිල්ලිය: කන්සෙප්ට් පබ්ලිෂිං කම්පනි, pp. 278, , https://books.google.com/books?id=7PP1yElRzIUC
- කර්මාචාර්යය, ගංගා (2005), ක්වීන්ස් ඉන් නෙපලීස් පොලිටික්ස්: ඇන් එකවුන්ට් ඔෆ් රෝල්ස් ඔෆ් නේපලීස් ක්වීන්ස් ඉන් ස්ටේට් අෆෙයාර්ස්, 1775–1846, නේපාලය: එඩියුකේෂනල් පබ්ලිෂිං හවුස්, , https://books.google.com/books?id=6G5uAAAAMAAJ
- පහාරි, අනුප් (1995), දි ඔරිජින්ස්, ග්‍රෝත් ඇන්ඩ් ඩිසලූෂන් ඔෆ් ෆෙඩරලිස්ම් ඉන් නේපෝල්: අ කන්ට්‍රිබ්‍යුෂන් ටු ද ඩිබේට් ඔන් ෆෙඩරලිස්ම් ඉන් නොන්-යුරපියන් සොසයිටීස්, 4, විස්කොන්සින් විශ්වවිද්‍යාලයය—මැඩිසන්, https://books.google.com/books?id=Gz7TAAAAMAAJ
- රාජ්, ප්‍රකාශ් ඒ. (1996), බ්‍රාහ්මින්ස් ඔෆ් නේපෝල්, නබීන් පබ්ලිකේෂන්ස්, , https://books.google.com/books?id=4i1uAAAAMAAJ
- රෙජ්මි, මහේෂ් චන්ද්‍රා (1971). රෙජ්මි රිසර්ච් සීරීස් (PDF). Vol. 03. රෙජ්මි රිසර්ච් සෙන්ටර්.
- ෂාහා, රිෂිකේෂ් (1990), මොඩර්න් නේපෝල් 1769–1885, රිවර්ඩේල් කම්පනි, , https://books.google.com/books?id=Y3NuAAAAMAAJ
- ෂාහා, රිෂිකේෂ් (2001), ඇන් ඉන්ට්‍රඩක්ෂන් ඔෆ් නේපෝල්, කත්මන්දු: රත්න පුෂ්ටක් භන්ඩාර්, https://books.google.com/books?id=kmwwAQAAIAAJ
- ඩී.ආර්. රෙජ්මි (1975), මොඩර්න් නේපෝල්, 1, ෆර්මා කේ.එල්. මුකෝපාඩ්‍යය, , https://books.google.com/books?id=idJBAAAAYAAJ
- රයිට්, ඩැනියෙල් (1877), හිස්ට්‍රි ඔෆ් නේපෝල්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, https://books.google.com/books?id=mHE5hkHc7kcC
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නේපාලයෙහි අග්‍රාමාත්‍යවරයා පිළිබඳ තොරතුරු, නේපාලයෙහි අග්‍රාමාත්‍යවරයා යනු කුමක්ද? නේපාලයෙහි අග්‍රාමාත්‍යවරයා යනු කුමක් දර්ශනය කරන්නේ?