වසන්ත ඔබේසේකර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිර පිටපත් රචකයෙකි.
වසන්ත ඔබේසේකර Vasantha Obeysekera | |
|---|---|
| උපත | දෙසැම්බර් 29 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | ලංකා විශ්වවිද්‍යාලය |
| රැකියාව | අධ්‍යක්ෂක, තිර රචක |
මුල් අවධිය
1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) උපාදිය හැදෑරූ ඔබේසේකර මහතා පසුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී. මේ කාලය තුලදී, අමතරව ඔහු කෙටි කතා ආදියද ලියූ බව සඳහන්ය.
කලා දිවියට පිවිසීම
1967 දී සත් සමුදුර චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙමින්, ඔබේසේකර මහතා සිය කලා දිවිය අරඹන ලදී. එම වසරේ මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය වූවේද එම සත් සමුදුර චිත්‍රපටයයි. 1971 දී Comité de libération du cinéma français වෙතින් ඔහුට සිනමා ශිල්පය පිළිබඳ සහතිකයක් හිමිවිය.
චිත්‍රපට
| වසර | නිර්මාණය | අධ්‍යක්‍ෂණය | නිෂ්පාදනය | තිර රචනය | විස්තර |
|---|---|---|---|---|---|
| 1970 | වෙස් ගත්තෝ | ||||
| 1976 | වල්මත්වූවෝ | ||||
| 1977 | දියමන්ති | ||||
| 1979 | පළඟැටියෝ | වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්යක්ෂණය සහ හොඳම තිර රචනය සඳහා ජනාධිපති සිනමා සම්මාන හිමිවිය. | |||
| 1983 | දඩයම | හොඳම අධ්‍යක්‍ෂණය ජනාධිපති සම්මාන සහ සරසවිය හොඳම අධ්‍යක්‍ෂණය සම්මානය | |||
| 1989 | කැඩපතක ඡායා | හොඳම තිර රචනය සරසවිය සම්මාන | |||
| 1995 | මාරුතය | ||||
| 1998 | දොරකඩ මාරාව | හොඳම අධ්යක්ෂණය සහ හොඳම තිර රචනය ජනාධිපති සම්මාන | |||
| 1999 | තීර්ත යාත්‍රා | හොඳම තිර රචනය ජනාධිපති සම්මාන | |||
| 2001 | සළෙළු වරම | හොඳම අධ්‍යක්‍ෂණය හොඳම තිර රචනය සරසවිය සම්මාන, | |||
| 2005 | අසනි වර්ෂා | ||||
| 2006 | සෙව්වන්දි | ||||
| 2007 | ආගන්තුකයා |
සම්මාන
- හොඳම අධ්‍යක්‍ෂණය - පළඟැටියෝ
- හොඳම තිර රචනය - පළඟැටියෝ
- හොඳම අධ්‍යක්‍ෂණය - දඩයම
- හොඳම අධ්‍යක්‍ෂණය - දොරකඩ මාරාව
- හොඳම තිර රචනය - දොරකඩ මාරාව
- හොඳම තිර රචනය - තීර්ථ යාත්‍රා
- හොඳම අධ්‍යක්‍ෂණය - තීර්ථ යාත්‍රා
- හොඳම අධ්‍යක්‍ෂණය - දඩයම
- හොඳම තිර රචනය - කැඩපතක ඡායා
- හොඳම තිර රචනය - සළෙලළු වරම
- හොඳම අධ්‍යක්‍ෂණය - සළෙලළු වරම
ආශ්‍රිත
- http://vasanthaobeysekere.webs.com/
- "'සෙව්වන්දි': අනදර් ඩ්‍රාමාටික් ට්විස්ට් බයි ඔබේසේකර". විජය නිව්ස් පේපර් ලිමිටඩ්. 2006. සම්ප්‍රවේශය 2007-12-21.
- http://archives.dailynews.lk/2002/10/12/fea08.html
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වසන්ත ඔබේසේකර පිළිබඳ තොරතුරු, වසන්ත ඔබේසේකර යනු කුමක්ද? වසන්ත ඔබේසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?