'වාක්‍යක තේරුම වෙනස් කරන තනි අකුරු නිපාත පද වේ. සාමාන්‍යයෙන් පෙර වදන සමග ඉඩක් නොතබා ලියන අතර සමහර ගුරුකුල වල ලේඛකයෝ නිපාත පද තනිව ලියනු දක්නට ලැබේ..
වාක්‍යාවසාන නිපාතය
සිංහල
- යි
නිදසුන: අමර මමයි.
ලියන සිංහල
- ය
නිදසුන්:අමර මමය.
- ඉ
නිදසුන්:සේවකයන් වැඩට එති'යි මම සිතුවෙමි
මෙන්
- හ
නිදසුන් : මම තරහයි හ.
අතිරේකාර්ථ නිපාතය සහ සන්ධාන නිපාතය
කථාකරන සිංහල
- ත්
නිදසුන:අමරත් එනවා.
නිදසුන:අමරත් මමත් එනවා.
ලියන සිංහල
- ද
නිදසුන:අමරද එයි.
නිදසුන:අමරද මමද එයි.
උපරිමාර්ථ නිපාතය සහ අවධාරණ නිපාතය
- ම
නිදසුන:අමර ලොකුම පුතා.
නිදසුන:අමරම එනවා.
සූචක නිපාතය
කථාකරන සිංහල
- දි
නිදසුන:පන්සලේදි අමර මුනගැහුනා.
ලියන සිංහල
- දී
නිදසුන:පන්සලේදී අමර හමුවිය.
ප්‍රතික්ෂේපාර්ථ නිපාතය
කථාකරන සිංහලේ පමණි
- යැ
නිදසුන්:අමර මමයැ!
අනුමතාර්ථ නිපාතය
ලියන සිංහලේ පමණි
- නෙ
නිදසුන්:අමර මමනෙ.
සූචකනාර්ථ නිපාතය
කථාකරන සිංහලේ පමණි
- ලු
නිදසුන්:අමර මමලු!
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල නිපාත පද පිළිබඳ තොරතුරු, සිංහල නිපාත පද යනු කුමක්ද? සිංහල නිපාත පද යනු කුමක් දර්ශනය කරන්නේ?