හංස සන්දේශය

මුල් පිටුව | හංස සන්දේශය

පසුබිම

හංස සන්දේශය ක්‍රි.ව. 1457 - 1465 කාලය තුලදී කරවූ බව පෙනේ. මෙම සන්දේශ කාව්‍යය ලියැවී ඇත්තේ මෙයට පෙර ලියැවුනු සන්දේශ කාව්‍යයක් වන ගිරා සන්දේශය ට පිළිතුරු වශයෙනි. ගිරා සන්දේශයෙහි එක් අදහසක් වූයේ තොටගමුවේ විජයබා පිරිවෙනත් එහි හිමියනුත් වර්ණනා කිරීමයි. මේ අදහස මුදුන්පත් කරගන්නා අටියෙන් ගිරා සන්දේශ කතුවරයා සිදු කලේ පැරකුම්බා රජුට ආසිරි පතන නියායෙන් ගිරවා තොටගමුවේ විජයබාපිරිවෙන්පති රාහුල හිමියන් වෙත යැවීමයි. මෙම වර්ණනා කිරීම නොඉවසු පිරිසක් විසින් පෙරදැරිව හංස සන්දේශය කරවූ බවක් පෙනේ. මෙම සන්දේශ කාව්‍යය කරවූ පිරිස රාහුල හිමියන්ගේ පිළිවෙත්හි වරදම දුටු බවක් පෙනේ. මෙම පිරිස ගිරවාට පිළිතුරු වශයෙන් හංසයා දූත ගමනක යෙදවූ බව පෙනේ. ගිරා සන්දේශයේ කතුවරයා මෙන්ම මෙම හංස සන්දේශයේ කතුවඑරයාද කවුරුන්දැයි පැහැදිලි නැත. මෙම කතුවරයා මේ පොතට දුන් මුල් නම තිසරසන්දෙස යනුයි. එනමුදු මෙම නමින් ලියැවුනු අනෙක් සන්දේශයක් ඒ වන විට ව්‍යවහාරයේ පැවතිණ. එබැවින් මෙම කාව්‍යය ප්‍රසිද්ධයට පත්වූයේ හංස සන්දේශය නමිනි. සන්දේශ කාව්‍යයේ කවි 200ක් අඩංගුව ඇත. මෙම කාව්‍යය කරවූ වර්ෂය සඳහන්ව නැත. එහෙත් ගිරා සන්දේශයට අනතුරුව, ඒහා සමකාලීනව ලියැවුනු කාව්‍ය ග්‍රන්ථයක් ලෙස මෙය සැලකිය හැක.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හංස සන්දේශය පිළිබඳ තොරතුරු, හංස සන්දේශය යනු කුමක්ද? හංස සන්දේශය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.