හතරවන විජයබාහු රජ

මුල් පිටුව | හතරවන විජයබාහු රජ

හතරවන විජයබාහු රජ යනු ක්‍රි.ව. 1270 දි දෙවන පරාක්‍රමබාහු රජතුමාගෙ මරණයෙන් පසු දඹදෙනිය අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් වූ ඔහුගේ වැඩිමහළු පුත් විජයබාහු කුමාරයා ය. හතරවන විජයබාහු නමින් ප්‍රකට වූ මෙතුමා බෝසත් විජයබාහු නමින් ද හැඳින්වින.

හතරවන විජයබාහු රජ
දඹදෙනිය රාජධානියේ රජ
හතරවන විජයබාහු රජුගේ මස්සකයක්
රාජ්‍ය සමය1267/8-1270
පූර්වප්‍රාප්තිකයාදෙවන පරාක්‍රමබාහු රජ
අනුප්‍රාප්තිකයාපළමු බුවනෙකබාහු රජ
මරණය1272 ඔක්තොම්බර්
දඹදෙණිය, ලංකාව
දරුවන්තෙවන පරාක්‍රමබාහු රජ
වංශයසිරි සඟ බෝ රාජවංශය
පියාදෙවන පරාක්‍රමබාහු රජ
ආගමථෙරවාද

එහෙත් මෙම රජතුමාට බලයේ සිටිය හැකි වුනේ දෙවසරක් පමණි. මිත්ත නම් සෙන්පතියෙක් ක්‍රි.ව. 1272 දී රජ ගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරා දමා තෙමේ රජ විය. මිත්ත සෙන්පතියාට සිහසුනට උරුමයක් නොවූ අතර වැටුප් ප්‍රසාද දී හමුදාපතීන් පක්ෂ කරවාගෙන තමන්ට තර්ජනයක් විය හැකි බෝසත් විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු ආදිපාදයන් මැරවීමට චරපුරුෂයන් යෙදවීය.

මෙකල රාජ සේවයේ සිටි විදේශීය හමුදාංකයේ සිටි ආර්ය භටයන් මිත්තට අවනත නොවුණු අතර ඔවුන්ගේ නායක ඨකුරක සෙන්පතියා මිත්තව මරා දමා තමා එය සිදුකලේ සිහසුනට උරුමකම් කියන බුවනෙකබාහු ආදිපාදගේ උපදෙස් පරිදි බව සිංහල සෙන්පතියන්ට පැහැදිලි කර ඔවුන්ද පක්ෂ කොටගෙන බුවනෙකබාහු ආදිපාදයන් කැඳවා රජ කරවීය. බුවනෙකබාහු කුමරා පළමු බුවනෙකබාහු රජ නමින් දඹදෙනිය අග නගරය කරගෙන රජ විය. ඒත් ටික කලෙකින් පළමු බුවනෙකබාහු රජතුමා තම අග නගරය වශයෙන් යාපහුව තෝරා ගත්තේය.

සබැඳි පිටු

  • සිංහලේ රාජාවලිය

යොමු

  1. "මහාවංශය - හතරවන විජයබාහු රජු". www.sundaytimes.lk. සම්ප්‍රවේශය 2023-07-16.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හතරවන විජයබාහු රජ පිළිබඳ තොරතුරු, හතරවන විජයබාහු රජ යනු කුමක්ද? හතරවන විජයබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.