ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් GCMG, KStJ (1887–1964), සියෙරා ලියෝනයේ, කෙන්යාවේ සහ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස සේවය නළේය.
ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් | |
|---|---|
| ලංකාවේ පළමුවන අග්‍රාණ්ඩුකාර | |
| තනතුර දරමින් 4 පෙබරවාරි 1948 – 6 ජූලි 1949 | |
| රාජ්‍ය නායකයා | හයවන ජොර්ජ් රජ |
| අනුප්‍රාප්තිකයා | හර්වල්ඩ් රැම්ස්බොටම්, පළමුවන සෝල්බරි සාමිවරයා |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1887 |
| විපත | 1964 |
| වෘත්තිය | සිවිල් නිලධාරියා |
පූජ්‍ය එඩ්වර්ඩ් විලියම් මුවර්ගේ පුත්‍රයාවූ හෙතෙම, විම්බෙල්ඩන්හී කිංස් කොලෙජ් පාසැලෙහි අධ්‍යාපනය ලැබ, ජීසස් විද්‍යාලය, කේම්බ්‍රිජ් වෙතින් 1909දී උපාධිය ලැබීය. පළමු ලෝක යුද්ධයෙහිදී, 1916 සිට 1919 දෙක්වා සෙලොනිකාහී පිහිටුවා තුබූ රාජකීය කාලතුවක්කු බලකායෙහි ලුතිනන් වරයෙක් වශයෙන් සේවය කලේය.
සියෙරා ලියොනයේ ආණ්ඩුකාර ලෙසින් 1934 සිට 1937 දක්වා සේවය කිරීමෙන් අනතුරුව , 1937 සිට 1939 දක්වා ලන්ඩනයේ යටත්විජිත දෙපාර්තමේන්තුවෙහි සහායක රාජ්‍ය උප ලේකම් ලෙසින්ද 1939 සිට 1940 දක්වා එහි නියෝජ්‍ය රාජ්‍ය උප ලේකම් ලෙසින්ද හෙතෙම සේවය කලේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හෙන්රි මොන්ක්-මේසන් මුවර් පිළිබඳ තොරතුරු, හෙන්රි මොන්ක්-මේසන් මුවර් යනු කුමක්ද? හෙන්රි මොන්ක්-මේසන් මුවර් යනු කුමක් දර්ශනය කරන්නේ?