2025 සැප්තැම්බරයෙහිදී, නේපාලය පුරා විශාල පරිමාණයෙහි විරෝධතා සහ උද්ඝෝෂණ සිදුවූ අතර, මේවා ප්‍රධාන වශයෙන් සංවිධානය කෙරුණේ ඉසෙඩ් පරම්පරාවෙහි ශීෂ්‍යයන් සහ යෞවන පුරවැසියන් විසිනි.ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා ලෙසින්ද හැඳින්වෙන මෙම විරෝධතා, ඇරඹුනේ රටපුරා විවිධ සමාජ මාධ්‍ය පරිශ්‍රයන් වෙත එල්ලවුනු තහනමට පසුව වූ නමුත්, එහි සම්භවය වූයේ දූෂණය සහ රජයෙහි නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් විසින් පරිහරණය කරන ලද ධනය පිළිබිඹු වීම මෙන්ම මහජන මුදල් අවභාවිතය පිළිබඳ එල්ලවූ චෝදනා විය. පාලනය, විනිවිදභාවය, සහ දේශපාලන වගකිව යුතු බව පිළිබඳ පුළුල් කරුණු ඇතුලත් වන පරිදී ව්‍යාපාරය විස්තාරණය විය. රජයෙහි නිලධාරින්ට එරෙහි ප්රචණ්ඩත්වය සහ රජයෙහි සහ දේශපාලන ගොඩනැගිලි වන්ධල්‍යය රට පුරා ඇතිවෙමින් විරෝධතා උග්‍රවිය.
| 2025 නේපාල ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා | |||
|---|---|---|---|
ඉහළ සිට දක්ෂිණාවර්තව: විරෝධතාකරුවෝ රජයේ කාර්යාලයක් ගිනිබත් කරති • ශිෂ්‍ය උද්ඝෝෂණ • ගිනිගන්නා රජයේ කාර්යාලයක් ඉදිරිපිට විරෝධතාකරුවෝ උත්සව පවත්වමින් • සිංහ ඩර්බාර් දැවෙද්දී විරෝධතාකරුවෙක් පන්කොල තොප්පි මුහුදු මංකොල්ලකරුවන්ගේ කොඩිය සමග ගේට්ටුව මතට නගිමින්. | |||
| දිනය | 8 සැප්තැම්බර් 2025 – 13 සැප්තැම්බර් 2025 (5 දින) | ||
| ස්ථානය | නේපාලය | ||
| හේතූන් |
| ||
| ඉලක්ක |
| ||
| ක්‍රම |
| ||
| ප්‍රතිථලය | විපක්ෂ ජයග්‍රහණය
| ||
| සිවිල් ගැටුමට අදාල පාර්ශව | |||
| ප්‍රධන පුද්ගලයෝ | |||
| අපාතිකයෝ | |||
| මරණ(ය) | 72 (විරෝධතාකරුවන් 59, සිරකරුවන් 10, පොලිස් නිලධාරින් 3) | ||
| තුවාල ලද | 2,113 | ||
2025 සැප්තැම්බර් 9 දිනදී, හිටපු රජ ජැනෙන්ඩ්රා ෂා ආයාචනා කර සිටියේ සාමකාමී බව සහ බේරුම් කිරීම අභ්‍යන්තර වශයෙන් පවත්වා ගන්නා ලෙසටයි. එම දිනයෙහිදීම, අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලී, රජයෙහි අමාත්‍යවරු කිහිප දෙනෙක් හා සමගින් ඉල්ලාඅස්වූ අතර, සැප්තැම්බර් 12 දිනදී, නේපාලයෙහි අන්තර්කාලීන අග්‍රාමාත්‍යවරයා ලෙසින් සුෂිලා කාර්කි පත් කෙරිණි. සැප්තැම්බර් 13 දින විට විරෝධතා වියැකී ගියේය.
පසුබිම
2025 සැප්තැම්බර් 4 දිනදී, නේපාල රජය නියෝග කලේ, සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයෙහි නව නීති යටතෙහි ලියාපදිංචිය සිදුනොකිරීම හේතුවෙන් ෆේස්බුක්, X, යූටියුබ්, ලින්ක්ඩ්ඉන්, රෙඩ්ඉට්, සිග්නල්, සහ ස්නැප්චැට් ඇතුළු සමාජ මාධ්‍ය පරිශ්‍රයන් 26ක් වසා දමන ලෙසටය. මෙම ලියාපදිංචි අවශ්‍යතාවය ආශික වශයෙන් අභිප්‍රේරිත වූයේ නව ඩිජිටල් සේවා බද්දක් බලාත්මක කිරීම සහ විදේශීය e-සේවා ලබා දෙන්නන් වෙත දැඩි අගය එකතු කරන බදු නීති පැනවීමෙන් ආදායම නංවාලීමෙහි ආයාසයක් වශයෙන් විය. කෙසේවෙතත්, විචාරකයන් විසින් ප්රෝක්ත කරනු ලැබුවේ, මෙම සමාජ මාධ්‍ය වසා දැමීමට හේතු යුක්ත වූයේ, බලගතු දේශපාලන නායකයන්ගේ දරුවන් සහ ඥාතීන් විසින් භුක්ති විඳි අයුතු වරප්‍රසාද අවධාරණය කරමින් ඥාති සංග්‍රහය හුවා දැක්වූ සමාජ මාධ්‍ය නැඹුරුවක් බවයි.
මාධ්‍ය පරිශ්‍ර තහනමෙහි වැදගත්කම නේපාල දේශපාලන ආර්ථිකය වෙතට බැඳී පවතියි. නේපාල දදේනි වෙතින් 33%ක් පැමිණෙන්නේ සිය දහස් ගණනක් රට හැර යාමේ අවසරපත් නිකුත් කිරීමෙන් වන අතර, යෞවන විරැකියා ප්‍රතිශතය 20% වෙතින් ගම්‍ය වන්නේ මෙම ප්‍රේෂණ වෙතින් නිවෙස් වල වියදම් පියවන බවත් විදේශයන් වෙතින් ආනයන කෙරෙන භාණ්ඩ සඳහා අවශ්‍ය වියදම සපයාගනු බවත් වුවත්, එය තවදුරටත් දක්වන්නේ දේශීය ආර්ථිකයෙහි රැකියාවන්ට මුල්තැන දීමේ ආකෘතියක් වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කමක් නොමැති බැවින්, මාර්ගගත ස්ථානයන්හි රැකියා කිරීමට යෞවනයන් පෙළඹවීමයි. එමනිසා, මාධ්‍ය පරිශ්‍ර තහනම විසින් යෞවන ජීවනෝපාය වෙත තර්ජනය එල්ල කලේය.
විරෝධතාවයන්ට පෙර, සාමාන්‍ය නේපාල ජාතිකයෙක්, වසරකට ඇඩො1,400 ඉපැයූ අතර, රටෙහි පාලක ප්රභූපිරිස් ඔවුන්ගේ ධනය සමාජ මාධ්‍ය තුල ප්රදක්ෂිණා කළෝය. මෙම "ඥාතිත්ව ඵලලාභියා" නැඹුරුතාවය විසින් සැලකිය යුතු මහජන විරෝධයක් පොළඹවන ලද අතර, එය විශේෂයෙන් ඉසෙඩ් පරම්පරාවෙහි පරිශීලකයන් වෙතින් විය. නේපාල ජනගහනයෙහි මධ්‍යස්ථ වයස වන්නේ 25 වන අතර, එයින් ගම්‍ය වන්නේ ජනගහනයෙන් විශාල කොටසක් ඉසෙඩ් පරම්පරාවට අයත් වන බව වන අතර, සමාජ මාධ්‍යය වැඩි වශයෙන් භාවිතා කරන්නේ එම වයස් කාණ්ඩය විය. මෙය නිසා මෙන්ම, රටෙහි විශාල වශයෙන් ග්‍රාමීය, රළු භූමිභාගය සහ සැලකිය යුතු ලෙසින් පිටරට සංක්‍රමණය දක්නට ලැබුනු බැවින්, දකුණු ආසියාවෙහි වැඩිම සමාජ මාධ්‍ය භාවිතය නේපාලයෙහි දක්නට ලැබුණු අතර, සෑම පුද්ගලයන් දෙදෙනෙකුට එක් ගිණුමක් පැවතිණි.
ඩිජිටල් සමායෝජනය
යෞවන සහභාගීත්ව කණ්ඩායම්, විශේෂයෙන් හාමි නේපෝල් ( රාජ්‍ය-නොවන සංවිධානයක්), විසින් ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා සංවිධානය කිරීමට මධ්‍ය මෙවලම් ලෙසින් අසංගත සේවාදායකයන් සහ ඉන්ස්ටග්රම් නාලිකා භාවිතා කළහ. හාමි නෙපෝල් විසංවාද කණ්ඩායමට ඕනෑම අයෙකුට බැඳීමට හැකිවූ අතර, මෙය නිසා සයිබර් හිංසකයන් හෝ නේපාලයෙහි ජීවත් නොවන ජනතාව හෝ එයට බැඳීමෙහි අවදානම පැවතිණි.
සටහන්
- Nepali: जेन-जे विरोध, romanized: Jēn-jē virōdha
මූලාශ්‍ර
- ෂර්මා, ගෝපාල්; චිත්‍රාකර්, නවේශ් (9 සැප්තැම්බර් 2025). "නේපෝල් පීඑම් ඔලී රිසයින්ස් ආෆ්ටර් වයලන්ට් ඇන්ටි-කරප්ෂන් ප්‍රොටෙස්ට්ස් හිස් ඒඩ් සේස්". රොයිටර්ස්. https://www.reuters.com/business/media-telecom/nepal-pm-oli-resigns-after-violent-anti-corruption-protests-his-aide-says-2025-09-09/.
- ස්කාර්, චාලට්; ෆ්රේසර්, සිමොන්; එතිරාජන්, අන්බරාසන් (9 සැප්තැම්බර් 2025). "නෙපෝල් පාර්ලිමන්ට් සෙට් ඔන් ෆයරි ආෆ්ටර් පීඑම් රිසයින්ස් ඕවර් ඇන්ටි -කරප්ෂන් ප්‍රොටෙස්ට්ස්". බීබීසී. https://www.bbc.com/news/articles/c0m4vjwrdwgo.
- "ප්‍රොටෙස්ටර්ස් ටෝච් නෙපෝල් පාර්ලිමන්ට් ඈස් පීඑම් රිසයින්ස් අමිඩ් ටර්මොයිල්". අල් ජසීරා. 9 සැප්තැම්බර් 2025. https://www.aljazeera.com/gallery/2025/9/9/protesters-torch-nepal-parliament-as-pm-resigns-amid-turmoil.
- එලිස්-පීටර්සන්, හනා; පොකාරෙල්, ගවුරව් (9 සැප්තැම්බර් 2025). "ද නෙපලීස් ගවර්න්මන්ට් හෑස් ලිෆ්ටඩ් ද බෑන් ඔන් ෂෝසල් දීඩියා". ද ගාඩියන්. https://www.theguardian.com/world/2025/sep/09/nepal-protests-social-media-ban-lifted-gen-z-kathmandu.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;indiatodayනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ෂර්මා, ගෝපාල් (14 සැප්තැම්බර් 2025). "ඩෙත් ටෝල් ෆ්‍රොම් නේපෝල්ස් ඇන්ටි-කරප්ෂන් ප්‍රොටෙස්ට්ස් රේස්ඩ් ටු 72". https://www.reuters.com/world/asia-pacific/death-toll-nepals-anti-corruption-protests-raised-72-2025-09-14/.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;:3නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "වයි ජෙන් ඉසෙඩ් හෑස් ටේකන් ඕවර් ද ස්ට්රීට්ස් ඉන් නෙපෝල්". බීබීසී නිවුස්. 9 සැප්තැම්බර් 2025. https://www.bbc.com/news/articles/crkj0lzlr3ro.
- "ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ට් ඉන් කත්මන්ඩු අගේන්ස්ට් කරප්ෂන් ඇන්ඩ් බෑන් ඔන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස්" (en බසින්). ද කත්මන්ඩු පෝස්ට්. 8 සැප්තැම්බර් 2025. https://kathmandupost.com/visual-stories/2025/09/08/gen-z-protest-in-kathmandu-against-corruption-and-social-media-ban.
- "අ ඉයර් ඔෆ් කරප්ෂන්". ද රෙකෝඩ් (ඉංග්‍රීසි බසින්). 29 ජනවාරි 2021. 15 නොවැම්බර් 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 සැප්තැම්බර් 2025.
- "නෙපෝල් ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ට්ස් ලයිව්: කත්මන්ඩු ස්ට්රීට්ස් වෙයාර් ඩෙසර්ටඩ් ලුක්, ෆෝසර්ස් ඔන් එලර්ට් ආෆ්ට ඩේ -ලෝං ප්‍රොටෙස්ට්ස්". ඉන්ඩියා ටුඩේ (ඉංග්‍රීසි බසින්). 8 සැප්තැම්බර් 2025. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2025.
- "ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ට් ඉන් කත්මන්ඩු අගේන්ස්ට් කරප්ෂන් ඇන්ඩ් බෑන් ඔන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස්". ද කත්මන්ඩු පෝස්ට් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2025.
- "ජෙන් ඉසෙඩ් යූත්ස් ස්ටේජ් ප්‍රොටෙස්ට් ඇට් මයිතිගාර් අගේන්ස්ට් කරප්ෂන්, සෝෂල් මීඩියා බෑන්". ද හිමාලයන් ටයිම්ස් (ඉංග්‍රීසි බසින්). 8 සැප්තැම්බර් 2025. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2025.
- ගුරුබාචාර්ය, බිනාජ් (4 සැප්තැම්බර් 2025). "නෙපෝල් බ්ලොක්ස් ෆේස්බුක්, එක්ස්, යූටියුබ් ඇන්ඩ් අදර්ස් ෆො ෆේලිං ටු රෙජිස්ටර් විත් ද ගවර්න්මන්ට්". ඒපී නිවුස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 4 සැප්තැම්බර් 2025.
- එලිස්-පීටර්සන්, හන්නා (8 සැප්තැම්බර් 2025). "ඇට් ලීස්ට් 10 පීප්ල් කිල්ඩ් ඩියුරිං ප්‍රොටෙස්ට්ස් අගේන්ස්ට් නෙපෝල්ස් සෝෂල් මීඩියා බෑන්" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/world/2025/sep/08/nepal-bans-26-social-media-sites-including-x-whatsapp-and-youtube.
- "ජෙන්-ඉසෙඩ් ප්‍රොටෙස්ට් රිමේන් පීස්ෆුල්, සොලියුෂන්ස් මස්ට් කම් ෆ්‍රොම් විතින්: ෆෝමර් කිං ජානෙන්ඩ්රා". සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2025.
- "නෙපෝල් කාම් ඈස් ෆර්ස්ට් ෆීමේල් ප්‍රයිම් මිනිස්ටර් ටේක්ස් චාර්ජ් ආෆ්ටර් ඩෙඩ්ලි ප්‍රොටෙස්ට්ස්". icirnigeria.org. 13 සැප්තැම්බර් 2025.
- (hi බසින්)බීබීසී නිවුස්. 11 සැප්තැම්බර් 2025. https://www.bbc.com/hindi/articles/ckgqyq7q4geo.
- චන්ද්‍රා, අතුල්; පොකාරෙල්, ප්රාමේශ්. "නෙපෝල්ස් ජෙන් ඉසෙඩ් අප්රයිසිං ඊස් අබවුට් ජොබ්ස්, ඩිග්නිටි – ඇන්ඩ් අ බ්‍රෝකන් ඩිවලප්මන්ට් මොඩල්". පීප්ල්ස් ඩිස්පැච්. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2025.
- "අ "නෙපෝ කිඩ්" ට්‍රෙන්ඩ් අමිඩ් ජෙන් ඉසෙඩ් -ලෙඩ් ප්‍රොටෙස්ට්ස් අගේන්ස්ට් නෙපෝල්ස් සෝෂල් මීඩියා බෑන්". එන්ඩීටීවී. 8 සැප්තැම්බර් 2025. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2025.
- කරෙල්, සමික්. "'ටොපල් දිස් ගවර්න්මන්ට්': නෙපෝල්ස් ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ටර්ස් ඩිමාන්ඩ් මාස් රෙසිග්නේෂන්ස්". අල් ජසීරා. https://www.aljazeera.com/features/2025/9/9/we-want-mass-resignations-nepals-gen-z-anger-explodes-after-19-killed.
- ලටිෆ්, අමීර් (8 සැප්තැම්බර් 2025). "ආමි කෝල්ඩ් ඉන් ටු ක්වෙල් වයලන්ට් ප්‍රොටෙස්ට්ස් ඉන් නේපෝල් ආෆ්ටර් ක්ලෑෂර්ස් ඕවර් සෝෂල් මීඩියා බෑන් ලීව් 19 ඩෙඩ්" (en බසින්). අනඩොලු ඒජන්සි. https://www.aa.com.tr/en/asia-pacific/army-called-in-to-quell-violent-protests-in-nepal-after-clashes-over-social-media-ban-leave-19-dead/3681127.
- බෝස්, සයිකට් කුමාර් (9 සැප්තැම්බර් 2025). "වයි නෙපෝල් බෑන්ඩ් සෝෂල් මීඩියා, ඇන්ඩ් වයි දැට්ස් නොට් ඔන්ලි ට්‍රිගර් ෆො ප්‍රොටෙස්ට්ස්". එන්ඩීටීවී. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2025.
- බට්ලර්, ගැවින් (9 සැප්තැම්බර් 2025). "සෝෂල් මීඩියා ඊස් අ බිග් පාට් ඔෆ් නෙපෝලි ලයිෆ්". බීබීසී නිවුස්.
- ලම්සාල්, සන්ග්යා; තුලාඩ්හාර්, සුදික්ෂා (11 සැප්තැම්බර් 2025). "හූ, ඕර් වට්, ඊස් හාමි නේපෝල්?". නෙපෝලි ටයිම්ස්. සම්ප්‍රවේශය 12 සැප්තැම්බර් 2025.
- තිවාරි, සුබ්හම්; ෂර්මා, ආකාශ් (8 සැප්තැම්බර් 2025). "හූ ආ දි ඕර්ගනයිසර්ස් ඔෆ් නෙපෝල්ස් මැසිව් ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ට්?". ඉන්ඩියා ටුඩේ (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 සැප්තැම්බර් 2025.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;:5නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2025 නේපාල ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා පිළිබඳ තොරතුරු, 2025 නේපාල ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා යනු කුමක්ද? 2025 නේපාල ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා යනු කුමක් දර්ශනය කරන්නේ?