මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භූමිබොල් අදුල්යාදෙජ් රජු එහි 9 වන රජුය. දැනට මෙහි පාලකයා මහා වජිරලොන්ග්කොන්ග් රජුය. මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්‍රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී.
තායි රාජධානිය ราชอาณาจักรไทย රජ අණසක් තායි | |
|---|---|
කොඩිය Emblem | |
ජාතික ගීය: Phleng Chat Thai රාජකීය ගීය: Phleng Sansoen Phra Barami | |
තායිලන්තය (green) හි පිහිටීම අග්නිදිග ආසියාව (dark grey) – [Legend] තුල | |
| අගනුවර සහ විශාලතම නගරය | කෘංතෙප් හෙවත් බැංකොක්1 |
| නිල භාෂා(ව) | තායි |
| Official scripts | තායි හෝඩිය |
| ජාති නාම(ය) | Thai |
| රජය | ඒකීය පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව |
• රජතුමා | රාම X |
• අග්‍රාමාත්‍ය | ප්‍රායුත් චාන්-ඕ-චා |
| ව්‍යවස්ථාදායකය | ජාතික සභාව |
| සෙනට් සභාව | |
| නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | |
| පිහිටුවීම | |
• සත්තොතායි රාජධානිය | 1238 - 1448 |
• අයුත්තරා රාජධානිය | 1351 - 1767 |
• තොන්බුරි රාජධානිය | 1768 - 1782 |
• රත්තනකොසින් රාජධානිය | 6 April 1782 |
• ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව | 24 June 1932 |
• පසු ව්‍යවස්ථාව | 24 August 2007 |
| වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 513,120 km2 (198,120 sq mi) (50th) |
• ජලය (%) | 0.4 (2,230 km2) |
| ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 63,525,062 (21st) |
• 2000 ජන සංගණනය | 60,606,947 |
• ඝණත්වය | 132.1/km2 (342.1/sq mi) (88th) |
| දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $539.871 billion |
• ඒක පුද්ගල | $8,060 |
| දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $263.889 billion |
• ඒක පුද්ගල | $3,939 |
| ගිනි (2002) | 42 මධ්‍යම |
| මාසද (2017) | 0.923 දෝෂය: අනීතික HDI අගය · 87th |
| ව්‍යවහාර මුදල | Baht (฿) (THB) |
| වේලා කලාපය | UTC+7 |
| රිය ධාවන මං තීරුව | වමෙන් |
| ඇමතුම් කේතය | +66 |
| අන්තර්ජාල TLD | .th |
| |
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අගනුවර
බැංකොක් තායිලන්තයේ අගනගරයයි. මෙය කෙටියෙන් "තායි" ලෙස හදුන්වයි. මෙම නගරය තායිලන්තයේ දේශපාලන, සමාජීය හ ආර්ථික මධ්‍යස්ථානය වෙයි. 1980 හා 1990 යන වර්ෂ වල ආසියානු ආයෝජනයේ උච්චතම අවස්ථාවේ පැවති බැංකොක් නගරය කලාපයේ ආර්ථික හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය විය.එයින් ලෝකේ අනෙක් රටවලට දේශපාලන හා සංස්කෘතික අතින් කරන බලපෑම් වැඩි විණි. 2019 වර්ෂයේදී එයට ගිණිකොණ දිග ආසියාවේ වැඩිම වියදම් ඇති නගරය අතර දෙවැනි තැන හිමි විය.
මූලාශ්‍ර
- CIA - The World Factbook -- Thailand. 2009-10-03. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/th.html
- "Population and Housing Census 2000, National Statistical Office". Web.nso.go.th. 2000-04-01. සම්ප්‍රවේශය 2010-04-25.
- "Thailand". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය 2009-10-05.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තායිලන්තය පිළිබඳ තොරතුරු, තායිලන්තය යනු කුමක්ද? තායිලන්තය යනු කුමක් දර්ශනය කරන්නේ?