පළමුවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පක්ෂය

මුල් පිටුව | පළමුවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පක්ෂය

පළමුවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පාර්ශවය, අන්‍යෝන්‍ය එකඟතා බලවතුන්, හෝ මිත්‍ර බලවතුන් යනු, ප්‍රංශය, එක්සත් රාජධානිය, රුසියාව, ඉතාලිය, ජපානය, සහ එක්සත් ජනපදය යන රටවල නායකත්වයෙන් යුතුවූ සභාගයක් වන අතර ජර්මනිය, ඔස්ට්‍රියා-හන්ගේරියාව, ඕටමන් අධිරාජ්‍යය, බල්ගේරියාව, සහ ඒවායේ යටත් විජිත යන්නෙන් සමන්විතවූ මධ්‍ය බලවතුන්ට එරෙහිව පළමුවන ලෝක යුද්ධයෙහිදී (1914–1918) සටන් වැදුණි.

1914–1918
මිත්‍ර පාර්ශවය කොළ පැහැයෙන්; මධ්‍ය බලවතුන් තැඹිලි පැහැයෙන්
ප්‍රධාන මිත්‍ර බලවතුන්:
  •  එක්සත් රාජධානිය
  •  ප්‍රංශය
  •  රුසියාව
  •  ඉතාලිය
  •  ජපානය
  •  එක්සත් ජනපද

වෙනත් මිත්‍ර රාජ්‍යයන්:

  • 1914:
    •  සර්බියාව
    •  ඉන්දියාව
    •  කැනඩාව
    •  ඕස්ට්‍රේලියාව
    •  බෙල්ජියම
    •  මොන්ටිනිග්‍රෝ
  • 1915:
    • Asir
    • Nejd and Hasa
  • 1916:
    •  පෘතුගාලය
    • Kingdom of Hejaz
    •  රුමේනියාව
  • 1917:
    •  ග්‍රීසිය
    •  චීනය
    • සියම
    •  බ්‍රසීලය
  • 1918:
    •  ආර්මේනියාව
තත්ත්වයහමුදාමය සන්ධානය
ඓතිහාසික යුගයපළමුවන ලෝක යුද්ධය
• ස්ථාපිත කළේ
1914
• Disestablished
1918
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
Anglo-Portuguese Alliance
Treaty of London (1915)
Franco-Russian Alliance
Anglo-Japanese Alliance
Entente Cordiale
Anglo-Russian entente of 1907
Franco-Japanese Treaty of 1907
Anglo-Portuguese Alliance
Anglo-Japanese Alliance
Entente Cordiale
Franco-Polish alliance (1921)

20 වෙනි ශතවර්ෂයේ පළමු දශකය අවසන් වනවිට යුරෝපයේ ප්‍රධාන බලවතුන් කණ්ඩායම් දෙකකට බෙදී තිබුණි. ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ රුසියාව ඇතුලත් Triple Entente නම් සන්ධානය එක් කණ්ඩායමක් විය. අනෙක් කණ්ඩායම වූ Triple Alliance නම් සන්ධානයට මුලින් ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරියාව සහ ඉතාලිය ඇතුලත් වුවද, 1914 යුද්ධය ආරම්භ වනවිට ඉතාලිය මධ්‍යස්ථව සිටියේය. යුද්ධය අතරතුරදි මෙම පාර්ශව දෙකට තවත් රටවල්ද එකතු විය. ඒ අනුව 1914 ජපානය ද, 1915 ඉතාලිය ද Triple Entente සමග එකතු විය. මීට අමතරව මිත්‍ර පාර්ශවයේ රටවල් විසින් අත්පත් කරගෙන තිබූ අනෙක් රටවල්ද Triple Entente සන්ධානයට අයත් විය. උදාහරණ ලෙස බ්‍රිතාන්‍ය ඉන්දියාව (ඉන්දියාව, මියන්මාරය, බංග්ලාදේශය සහ පාකිස්ථානය), ඉන්දුචීන සංගමය (ප්‍රංශ යටත්විජිත වූ ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමය) සහ ජපාන කොරියාව (ජපානය විසින් අත්පත් කරගත් උතුරු සහ දකුණු කොරියාව) දැක්විය හැකිය.

මූලාශ්‍ර


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පක්ෂය පිළිබඳ තොරතුරු, පළමුවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පක්ෂය යනු කුමක්ද? පළමුවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.