මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය

මුල් පිටුව | මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය

මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයකි. ලංකා දිවයිනේ මධ්‍ය ලක්‍ෂය මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය තුල ඇතැයි සැලකේ. මෙහි විශාලත්වයෙන් ව.කි.මී. 1993.9 කින් සමන්විත වේ. මධ්‍යම පලාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රික්කය නැ‍ඟෙනහිර දේශාංශ 80º 28” , සිට 80º 59” දක්වා හා උතුරු අක්ෂාංශ 7º 24” සිට 8º 01” දක්වා පැතිර පවතී. උතුරින් අනුරාධපුරය ද නැ‍ගෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්ක වලින් මායිම් වන මාතලේ, දිවයිනේ ස්වාභාවික සම්පත් වලින් අනූන ප්‍රදේශ වලින් එකකි.

මාතලේ දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය

මාතලේ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
විශාලතම නගරයමාතලේ
සරිය
 • මුළු1,993.9 කිමී2 (769.8 සතරැස් සැත)
 • භූමිය1,952 කිමී2 (754 සතරැස් සැත)
 • ජලය41 කිමී2 (16 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු482,229
 • ඝණත්වයBad rounding here240/කිමී2 (Bad rounding here630/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-22

සීගිරිය , දඹුලු ලෙන් විහාරය මෙන්ම නකල්ස් කඳුවැටිය ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත 482,229 ක ( වර්ෂ 2012 දි ) ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.

භූගෝලීය පසුබිම

ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ උතුරු අර්ධය නිරූපනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටීම හා භූගෝලීය කරුණු මිණුම් දෙපාර්තමේන්තුවේ මැනුම් සිතියමේ (පරිමාණය 1 : 63360) දඹුල්ල, නාලන්ද, කුරුණෑගල, පොලොන්නරුව, ඇළහැර හා රංගල යන අඟලේ සිතියම් වලින් නිරූපනය කෙරේ.

දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශ, ඒකකයක් වශයෙන් ගත් කල මූලික පාෂාණ වර්ගය චානොකයිට්ය. මෙම මූලික පාෂාණ වර්ගය කාලයක් ගතවීමේදි පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවන නොයෙක් බලපෑම් මත උඩු නැමි, විභේද හා යටි නැමි වලින් සංකීර්ණ ව්‍යුහ සාදයි. මෙම ලක්‍ෂණ නකල්ස් කඳු වැටිය ආශ්‍රිතව දැකිය හැක.

මාතලේ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර සීමාවේ පිහිටි මහවැලි නිම්නය අසල ප්‍රදේශය භූ වර්ගීකරණයට අනූව විජයන් ශ්‍රේණියට අයත් වේ. මහවැලි ග‍ඟේ පිටාර තැන්නක් වන මෙම කලාපයේ විශේෂයෙන්ම අවසාදිත දියළු පස් තැන්පත්ව පවතී.

මාතලේ දිස්ත්‍රික්කයේ භූ විෂමතාවය සැලකීමේදී එය ප්‍රධාන කොටස් 3 කට බෙදා දැක්විය හැක.

  1. උතුරු දිග තැන්න
  2. මාතලේ ද්‍රෝණිය හා නකල්ස් ප්‍රදේශය
  3. ලග්ගල සමාන්තර හෙල්වැටි

උතුරු දිග තැන්නට සාමාන්‍යයෙන් දඹුල්ල, ගලේවෙල, පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අයත් වේ. තැන් තැන් වල උස් කඳු හා ශේෂ කඳු වලින් පිරුණු මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් තැනිතලාවක් හා රළු බිමක ලක්‍ෂණ පෙන්වයි. මෙම ප්‍රදේශයේ පිහිටි ශේෂ කඳු අතර සීගිරිය, දඹුල්ල, බේලියකන්ද පුරාණයේ සිට ප්‍රසිද්ධියක් උසුලයි. මෙම තැනිතලාව සාමාන්‍යයෙන් අඩි 500 - 1000 ත් අතර උන්නතාංශයක් පෙන්වයි.

මාතලේ ප්‍රදේශය ද්‍රෝණියක් ලෙස භූ විද්‍යාත්මකව පෙන්වා දිය හැක. එයට ප්‍රධාන හේතුව කඳු වලල්ලකින් මාතලේ නඟරය වටවී තිබීමයි. නකල්ස්, ගුරුළුහෙල පන්සලතැන්න, ඕවිල්කන්ද හා හුන්නස්ගිරි කඳුවැටියෙන් වටවී ඇති මාතලේ නඟරය ආශ්‍රිත ප්‍රදේශ මෙසේ ද්‍රෝණියක පිහිටයි. මෙම ප්‍රදේශයේ භූ ලක්‍ෂණ සංකීර්ණ කරවමින් ගලා බසින ගංගාව සුදු ගඟ වේ. රත්තොට හරහා නැ‍ගෙනහිර දෙසට යනවිට රළු භූ විෂමතාවයක් දක්වන නකල්ස් කඳු වැටිය හමුවේ. මුදුන් පහකින් සමන්විත මෙම වැටියේ සාමාන්‍ය උන්නතාංශය අඩි 4000 ක් පමණ වේ.

නකල්ස් කඳු වැටියේ නැ‍ඟෙනහිර බෑවුමේ පිහිටි කැපී පෙනෙන ලක්‍ෂණයකි, ලග්ගල සමාන්තර හෙල්වැටි කලාපය. නකල්ස් වැටියේ සිට ලග්ගල ප්‍රදේශයට සමාන්තරව උතුරු දෙසට විහිදෙන හෙල්වැටි තුනකින් මෙම කලාපය සමන්විත වේ. මින් එක් වැටියක් නකල්ස් හි තෙළඹුගල සිට වස්ගමුව දක්වා ද, දෙවැනි වැටිය නකල්ස් හි වමාරපුගල සිට රණමුරේ හරහා අඹන්ගඟ දක්වා ද විහිදෙන අතර තෙවැනි වැටිය රඹුක්ඔළුව ප්‍රදේශයේ සිට ලග්ගල උඩසිය පත්තුව දෙසට විහිදෙයි.

වනාන්තර ව්‍යාප්තිය ද සංකීර්ණය. එහි මධ්‍ය නිරිත හා බටහිර ප්‍රදේශ කඳුකර තෙත් කලාපීය වනාන්තර ද, නකල්ස් හි නැ‍ඟෙනහිර ප්‍රදේශ කඳුකර වියළි කලාපීය වනාන්තර ද, උතුරු හා ලග්ගල, විල්ගමු ප්‍රදේශ පහතරට වියළි කලාපීය වනාන්තර වලින් ද සමන්විත වේ. ප්‍රධාන මෝසම් සුලං දෙක මඟින්ම වර්ෂාව ලැබුවත් වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ඊසානදිග මෝසම් සුලං මඟිනි. ප්‍රදේශයේ ඛනිජ සම්පත් සැලකීමේදී ලග්ගල, කළුගඟ හා හත්තොට අමුණ මැණික් ද, වාරියපොල හා කයිකාවල මයිකා නිධි ද, තලාගොඩ හා ඕවල පිඟන් නිෂ්පාදනයට භාවිතා කරන පෙල්ස්පාර් ඛනිජ නිධි ද වැදගත් වේ. තවද හුණු හා කළුගල් කර්මාන්තය ද මහා පරිමාණ වශයෙන් සිදුකෙරේ.

ඓතිහාසික පසුබිම

ලිඛිත ඉතිහාසයක් අති ලංකාවේ එකම දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය වේ. "ඓතිහාසික මාතලේ "සිගිරිය නිර්මාණය කලෙ කාශ්‍යප රජතුමා විසිනි

දේශගුණය

  • වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1659
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 23
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 31

සංචාරක ආකර්ෂණ

  • සීගිරිය - යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
  • දඹුලු ලෙන් විහාරය - යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
  • අළුවිහාර රජමහා විහාරය - ක්‍රි:පූ 1 වෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය මුල්වරට තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීම.
  • කවටයාමුණ රජමහා විහාරය
  • නාලන්දා ගෙඩිගේ
  • නකල්ස් කඳුවැටිය / ( දුම්බර කඳුවැටිය )
  • හුන්නස්ගිරිය කඳුවැටිය
  • රිවස්ටන්
  • ඇතිපොල කන්ද / ( විල්ෂයාර් කන්ද )
  • සෙම්ඹුවත්ත
  • ඉබ්බන්කටුව මෙෙගලිතික සුසාන භුමිය

ආර්ථිකය

ජනගහන ප්‍රමානය, වර්ධනය සහ ජන ඝනත්වය

මාතලේ දිස්ත්‍රික්කයේ ( 2012 දි ) මුළු ජනගහනය 482,229 ක් විය. 1981 සහ 2001 වර්ෂ අතරතුරදී ජනගහන වර්ධනය පුද්ගලයින් 83,974 හෝ ප්‍රතිශතය සියයට 19.03 කි. ඉහත කාල සීමාව තුළ මාතලේ දිස්ත්‍රික්කයේ වාර්ෂික ජනගහන වර්ධන අනුපාතිකය 1.1 % කි. 2011 වර්ෂයේ දි මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය වන 74,529 මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්ද අඩුම ජනගහනය වන 12,087 ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද වාර්තා වෙයි.

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2012 )

  • සිංහල 389,092
  • ශ්‍රී ලංකා දෙමළ 24,756
  • ඉන්දියානු දෙමළ 23,400
  • ශ්‍රී ලංකා යෝනක 44,113
  • මැලේ 335
  • බර්ගර් 376
  • ශ්‍රී ලංකා චෙට්ටි 29
  • භාරත 7
  • වෙනත් 121
  • එකතුව 482,229


ආගම් අනුව දිස්ත්‍රික් ජනගහනය ( 2007 )

  • බෞද්ධ 372,211
  • හින්දු 45,287
  • ඉස්ලාම් 42,667
  • රෝමානු කතෝලික 8,963
  • වෙනත් ක්‍රිස්තියානි 1,817
  • වෙනත් 55

දිස්ත්‍රික් ස්ත්‍රී - පුරුෂ ජනගහන තොරතුරු

( 2001 ජන හා නිවාස සංගණනය )

  • ස්ත්‍රී 221,258
  • පුරුෂ 220,070
  • එකතුව 441,328

පරිපාලන ව්‍යුහය

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 11
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව
ගම්මාන සංඛ්‍යාව 1373
මැතිවරණ කොට්ඨාස 4


ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හා අංශ අනූව ජනගහනය හා ජන ඝනත්වය ( 2007 වසර )

ප්‍රා‍.ලේ. කොට්ඨාසය නාගරික ජනගහනය ග්‍රාමීය ජනගහනය වතු ජනගහනය එකතුව වර්ග ප්‍රමානය (ව.කි.මී.) ජන ඝනත්වය
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 65739 261 66000 192.4 343
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 65058 18 65076 456.3 143
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 30050 30050 250.1 120
පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 28567 803 29370 80.5 365
යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 28853 1721 30574 65.7 465
මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 37488 34810 755 73053 63.7 1147
අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 13246 3312 16558 52.3 317
ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 12866 367 13233 389 34
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 28677 28677 262.9 109
රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 42705 9997 52702 92.7 569
උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 1043 58679 5985 65707 87.7 749
එකතුව 38531 409250 23219 471000 1993.3 236

මැතිවරණ කොට්ඨාස

මාතලේ දිස්ත්‍රික්කය ,මැතිවරණ කොට්ඨාස 4 කට වෙන්කර ඇති අතර එක් එක් මැතිවරණ කොට්ඨාසයන්හි ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව ( වර්ෂ 2014 ) අනුව පහතින් දක්වා ඇත.

මැතිවරණ කොට්ඨාසය ජන්ද සංඛ්‍යාව
දඹුල්ල 131831
ලග්ගල 70323
මාතලේ 84225
රත්තොට 93296
එකතුව 379675

මාතලේ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන

මහ නගර සභා

  • මාතලේ
  • දඹුල්ල

නගර සභා

ප්‍රදේශීය සභා

  • මාතලේ ප්‍රාදේශීය සභාව
  • යටවත්ත ප්‍රාදේශීය සභාව
  • රත්තොට ප්‍රාදේශීය සභාව
  • උකුවෙල ප්‍රාදේශීය සභාව
  • ගලේවෙල ප්‍රාදේශීය සභාව
  • පල්ලේපොල ප්‍රාදේශීය සභාව
  • නාවුල ප්‍රාදේශීය සභාව
  • අඹන්ගඟකොරලේ ප්‍රාදේශීය සභාව
  • ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාව
  • විල්ගමුව ප්‍රාදේශීය සභාව
  • දඹුල්ල ප්‍රාදේශීය සභාව

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක
  • ශ්‍රී ලංකාවේ පළාත්
  • ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • ශ්‍රී ලංකාවේ මහනගර සභා
  • ශ්‍රී ලංකාවේ නගර සභා
  • ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව

මූලාශ්‍ර

  • http://www.ds.gov.lk/dist_matale/english/location_based_info.html
  • ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[1]
  • මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[2] සංරක්ෂණය කළ පිටපත 2015-07-13 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.