රාජය කාලය වසර 60ක කාලයකි.
| මුටසිව රජ | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
| රාජ්‍ය සමය | ක්‍රිපූ 367– ක්‍රිපූ 307 |
| පූර්වප්‍රාප්තිකයා | පණ්ඩුකාභය රජ |
| අනුප්‍රාප්තිකයා | දේවානම්පිය තිස්ස රජ |
| වංශය | විජය |
| පියා | පණ්ඩුකාභය රජ |
මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.
මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි.
මෙයද බලන්න
ආශ්රිත
- බ්ලේස්, එල්.ඊ. (1933). "III". හිස්ට්‍රි ඔෆ් සිලෝන් (පළමු ed.). කොළඹ: ආසියානු අධ්‍යාපනික සේවා. p. 273. ISBN 81-206-1841-6.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුටසීව රජ පිළිබඳ තොරතුරු, මුටසීව රජ යනු කුමක්ද? මුටසීව රජ යනු කුමක් දර්ශනය කරන්නේ?