අජන්තා ලෙන්

(මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)

අජන්තා ලෙන් යනු, ඉන්දියාවෙහි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි අවුරන්ගාබාද් දිස්ත්‍රික්කයෙහි පිහිටි, පොයුපෙ 2වන සියවසෙහි සිට ක්‍රියු 480 හෝ 650 පමණ දක්වා කාල නිර්ණය කල හැකි, ගලෙහි කැන නිමැවුනු බෞද්ධ ලෙන් සමාධි 30 ක් පමණ වෙති.

අජන්තා ලෙන්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිර්ණායකයසංස්කෘතික: i, ii, iii, vi
මූලාශ්‍ර242
අභිලේඛනය1983 (7වන සැසිය)
ඛණ්ඩාංක20°33′09″N 75°42′02″E / 20.552377°N 75.700436°E / 20.552377; 75.700436
මහාරාෂ්ට්‍රය තුළ අජන්තා ලෙන් හි පිහිටුම


අජන්තා ලෙන් විහාර

ඉන්දියාවේ වයඔ දිග මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මගෝරා ගඟ අසබඩ අශ්ව ලාඩමක හැඩය ගත් උස් ගල් පර්වතයක අජන්තා ලෙන් පන්තිය පිහිටයි. ක්‍රි.ව. 2 වන සියවසේ දී විහාර අසුහාර දහසක් කරවු අශෝක රජ සමයේ ආරම්භය හා ක්‍රි.ව. 7 වන සියවස තුල කරවු බවට ශිලා ලේඛනවල සඳහන් වේ. මෙහි ලෙන් 29 ක් දැකිය හැක. ඒවා කොටස් දෙකකින් යුතුය.

චෛත්‍ය ශාලා

ඉහළ: අජන්තා ලෙන් අංක 26 චෛත්‍ය ශාලාවේ ඇතුළත, රොබට් ගිල්ගේ (1868 පමණ) ඡායාරූපයක්; පහළ: ජේම්ස් ෆර්ගසන් විසින් අඳින ලද ලෙන් අංක 19 චෛත්‍ය ශාලාවේ සිතුවමක්.

ගුහාව කෙලවර ගලින් නෙලන ලද කුඩා චෛත්‍යයක් දැකිය හැකිවන අතර සංඝයා රැස්වීමට ධර්ම සාකච්ඡා පැවැත්වීමට යොදාගෙන ඇත. 9, 10, 19, 26 යන ගුහා ලෙන් චෛත්‍ය ශාලාවන්ය

ආවාස ශාලා

වැඩි වශයෙන් බිතු සිතුවම් දක්නට ඇත 1, 2, 16, 17 යන ලෙන් ආවාස ශාලාවන් ය.


අජන්තා සිතුවම් වල වස්තු විෂය

  • බුද්ධ චරිතය
  • ජාතක කතා
  • ඓතිහාසික සිද්ධි
  • තේමා කොට ගනිමින් නිර්මිත අජන්තා සිතුවම් බොහොමයක් ලෝකෝත්තර තේමාවන් මුල් කොට ගනිමින් නිර්මාණිත අතර ඉතා සුළු ප්රමාණයක් ලෞකික තේමාවන් මුල් කොටගනිමින් නිර්මාණය කොට තිබේ.
  1. ගෝපාල්, මාදන් (1990). කේ.එස්. ගෞතම් (ed.). ඉන්ඩියා ත්‍රෑ දි ඒජර්ස්. ප්‍රකාශන අංශය, තොරතුරු සහ ගුවන්විදුලි අමාත්‍යාංශය, ඉන්දියානු රජය. p. 173.

2.කෝරළගේ සම්පත් සුරංග(2018). චිත්ර කලාව ,පෙබරවාරි කලාපය.ඉමාෂි ප්රකාශන,පිටු 26,27,28,29.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අජන්තා ලෙන් පිළිබඳ තොරතුරු, අජන්තා ලෙන් යනු කුමක්ද? අජන්තා ලෙන් යනු කුමක් දර්ශනය කරන්නේ?