අනන්තවර්මන් චෝඩගංග

ගංගේශ්වර අනන්තවර්මන් චෝඩගංග දේව (රා. 1077 – 1150[තහවුරු කර නොමැත]) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ දක්ෂිණ කාලිංගය පාලනය කළ නැගෙනහිර ගංග රාජවංශයේ පාලකයෙකි. මොහු වීරරාජේන්ද්‍ර චෝළ අධිරාජයාගේ දියණිය වූ රාජසුන්දරී සහ රාජරාජ දේවගේ පුත්‍රයා වේ. චෝළ රාජවංශයේ පළමුවන කුලෝත්තුංග චෝළ මොහුගේ මාමණ්ඩිය වේ. කෙසේනමුත්, ඉතිහාසඥ එස්.එන්. සේන් සඳහන් කරන්නේ අනන්තවර්මන් යනු පළමුවන කුලෝත්තුංගගේ මුණුපුරා බවයි. නටබුන්ව තිබූ පූරි හී ජගන්නාථ් දේවාලය 11වන සියවසේ දී නැවත නිර්මාණය කරවන ලද්දේ අනන්තවර්මන් චෝඩගංග විසිනි.

මූලාශ්‍ර

  • Sastri, K. A. Nilakanta (2000) [1935]. The Cōlas. Madras: University of Madras. pp. 322–323.

ආශ්‍රේයයන්

  1. Sen, Sailendra (2013). A Textbook of Medieval Indian History. Primus Books. pp. 36–37. ISBN 978-9-38060-734-4.
  2. Cesarone, Bernard (2012). "Bernard Cesarone: Pata-chitras of Orissa". asianart.com. සම්ප්‍රවේශය 2 July 2012. This temple was built between approximately 1135-1150 by Codaganga

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනන්තවර්මන් චෝඩගංග පිළිබඳ තොරතුරු, අනන්තවර්මන් චෝඩගංග යනු කුමක්ද? අනන්තවර්මන් චෝඩගංග යනු කුමක් දර්ශනය කරන්නේ?