අන්ත-දක්ෂිණාංශික දේශපාලනය යනු සංරක්ෂණවාදය, උග්‍ර ජාතිකවාදය සහ අධිකාරවාදය වැනි මතවාද වලින් සමන්විත දේශපාලනික ප්‍රේක්ෂාවලියකි. වම්-දකුණු දේශපාලනික ප්‍රේක්ෂාවලියෙහි දකුණු පස කෙළවර මගින් මෙය නිරූපනය කෙරෙයි. ඓතිහාසිකව මෙම යෙදුම භාවිතා වී ඇත්තේ ෆැසිස්ට්වාදය, නාසිවාදය සහ ෆැලන්ජිවාදය විස්තර කිරීමටය. එහෙත් නූතනයේදී නව-ෆැසිස්ට්වාදය, නව-නාසිවාදය, තෙවන ආස්ථානය, විකල්ප-දකුණ, වාර්ගික ස්වෝත්තමවාදය වැනි මතවාද ද, ඊට අමතරව වෙනත් අධිකාරවාදී, උග්‍ර ජාතිකවාදී, විදේශ භීතික, දේවතන්ත‍්‍රවාදී, වර්ගවාදී, සමලිංගිකභීති, සංක්‍රාන්තිලිංගිකභීතී සහ ප‍්‍රතිගාමී මතිමතාන්තර විස්තර කිරීමට ද "අන්ත-දක්ෂිණාංශික" යන යෙදුම භාවිත කෙරේ. අන්ත-දක්ෂිණාංශික දේශපාලනයෙහි ප්‍රතිඵල ලෙස විවිධ පුද්ගල කණ්ඩායම් දේශපාලනික ප්‍රචණ්ඩත්වයට, බලහත්කාරී ස්වීකරණයට, ජනවාර්ගික පවිත්‍රනයට සහ වාර්ගික සංහාර වැනි පීඩාවන්ට ලක් වී තිබේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අන්ත-දක්ෂිණාංශික දේශපාලනය පිළිබඳ තොරතුරු, අන්ත-දක්ෂිණාංශික දේශපාලනය යනු කුමක්ද? අන්ත-දක්ෂිණාංශික දේශපාලනය යනු කුමක් දර්ශනය කරන්නේ?