අනුරාධපුර මධ්‍ය විද්‍යාලය

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය උතුරු මැද පළාතේ ඇති මිශ්‍ර පාසලකි. එය ද්වියිතික අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසලක්ද වේ.

Central College, Anuradhapura
සිංහල: මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර
ස්ථානය

ඛණ්ඩාංක8°20′07″N 80°24′27″E / 8.3352°N 80.4075°E / 8.3352; 80.4075
තොරතුරු
වර්ගයරජයේ පාසල
ආදර්ශ පාඨයඅසමු දරමු හැසිරෙමු
"Harken Memorize Act"
ආරම්භ කලේ1947
ආදිකර්තෘMr. R.L.N. De Zoyza
පාසල් අංකය0252222653
විදුහල්පතිMr.Percy Mahanaama Jayasundara (2022-Present)
ශ්‍රේණි6–13
සිසුන් ගණන5000
වර්ණ(ය)     තද කොල
     කහ
වෙබ් අඩවියanucentralcollege.lk/

ඉතිහාසය

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පිහිටා තිබෙන්නේ උතුරු මැද පළාතේ අගනුවර වන අනුරාධපුර නගරයේ ය. එය 1947 ජූලි මාස 21 වන දින ආර්.එල්.එන්. ද සොයිසා මහතාගේ මුල් පිරීම යටතේ වර්තමානයේ රත්මලේ තිස්ස මහා විද්‍යාලය පිහිටා තිබෙන ස්ථානයේදී පිහිටුවා ඇත. එය ආරම්භ වූයේ එකල අධ්‍යාපන ඇමති වශයෙන් කටයුතු කළ ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා විසින් සැලසු නිදහස් අධ්‍යාපනය ලබා දීමටයි. මෙම විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම ආරම්භ කළ මධ්‍ය විද්‍යාල 54 ට ඇතුලත් වේ. ආර්.එල්.එන්. ද සොයිසා මහතා මෙහි පළමු විදුහල්පතිතුමා විය. එවකට මෙහි ගුරුවරුන් 7 දෙනෙකු සහ සිසුන් 20 දෙනෙකු සිටියහ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පිළිබඳ තොරතුරු, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය යනු කුමක්ද? අනුරාධපුර මධ්‍ය විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?