අබුගිඩා

මුල් පිටුව | අබුගිඩා

අබුගිඩා (Abugida) යනු ලෝකය පවත්නා ලේඛනය සඳහා  භාවිත වන අක්ෂරමාලා ක්‍රම අතරින් එකක් වන සේම  එය ලේඛන කලාවේ තවත් අපූරු නිර්මාණයක් ලෙස හැඳින්විය විය හැක . මෙය අල්ෆාසිලබරි( alphasyllabary ),  නියෝසිලාබරි ( Neosyllabary ) සහ ව්‍යාජ හෝඩිය ( pseudo alphabet ) යන නම්වලින් ද හඳුන්වනු ලබයි .මෙම අක්ෂරමාලා  විශේෂයෙහි දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණය නම් අක්ෂර භාවිතයේදී ව්‍යංජන අක්ෂර නිරූපණය සදහා ප්‍රමුඛතාව ලබා දීමයි. මින් අදහස් වන්නේ ස්වර ශබ්ද නොසලකා හැරීම නොව, ව්‍යංජන ශබ්ද සම්පූර්ණ අක්ෂරයකින් නිරූපණ  කිරීමට ප්‍රමුඛතාව දී ඇති බව සේ ම ව්‍යංජන අක්ෂරය සමග බැඳී පවත්නා ස්වර ශබ්දය වෙනම අක්ෂරයක් ලෙස නොදක්වා ව්‍යංජන ශබ්දය නිරූපිත අක්ෂරයේම ඉදිරියෙන් , පිටුපසින් , ඉහළින් හෝ පහළින් ස්වර ශබ්ද නිරූපණය සඳහා  ශබ්දය සංකේතයක් යෙදීම යි. මෙම ස්වර සංකේත පිල්ලම් නමින් හඳුන්වනු ලබයි.  මේ ලේඛන අක්ෂරමාලාව සම්බන්දයෙන් ස්වාධීන අදහසක් 1948 ජේම්ස් ජර්මෙයින් ෆෙව්රියර් ( James Germain Fevrier)   "නියෝසිලබිස්ම්" යන නමින් ද ඩේවිඩ් ඩිරින්ජෙර් ( David Diringer ) "සෙමිසිලබරි" යන නමින් ද අදහස් දක්වා ඇත. පසුව 1959 වසරේදී  ෆ්‍රෙඩ් හවුස්හෝල්ඩර් ( Fred Householder ) "Pseudo Alphabet" යන නාමය ඉදිරිපත් කොට ඇති අතර මෙම අක්ෂර ක්‍රමය සඳහා ඉතියෝපියානු වචනයක් වන "අබුගිඩා" යන වචනය භාවිතයට පැමිණෙන්නේ 1990 වසරේදී පීටර්. ටී. ඩැනියල්ස් ( Peter .T . Daniels) මහතාගෙනි ,  1992 වසරේදී Faber විසින් මීට " Segmentally coded syllabically liner phonographic script "යන නම යෙදූ අතර ඥානවිදෙසිකන්, රිම්සිම් ,කාට්ස් සහ නොව්ලර් යන පිරිස මේ සඳහා අක්ෂර නොහොත් ආක්ෂරික යන නම නිර්දේශ කළහ.  ලෝකයේ මෙම අබුගිඩා අක්ෂරමාලා ක්‍රමය සහිත අක්ෂරමාලා බ්‍රාහ්මීය අක්ෂරමාලා භාවිත වන දකුණු ආසියාව, අග්නිදිග ආසියාව , ටිබෙටය වැනි ප්‍රදේශවලද, ඉතියෝපියානු සෙමිතික් අක්ෂරමාලාවල ද, කැනඩාවේ අබෝර්ජිනල් අක්ෂරවලද දැකිය හැක.  සිංහල අක්ෂරමාලාව ද බ්‍රාහ්මීය අක්ෂරමාලාවක් බැවින් මෙම අක්ෂරමාලා ක්‍රමයටම අයත් වේ .

මෙම ලිපිය තුළ Ethiopic text අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත instead of Ethiopic characters වෙනුවට දිස්වනු ඇත.
මෙම ලිපිය තුළ භාරතීය පෙළ අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ හෝ කොටු, අස්ථානගත ස්වර හෝ නැතිවූ පිල්ලම් instead of භාරතීය පෙළ වෙනුවට දිස්වනු ඇත.
මෙම ලිපිය තුළ Canadian Aboriginal syllabic characters අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත instead of syllabics වෙනුවට දිස්වනු ඇත.
මෙම ලිපිය තුළ ජාවා හෝඩියේ අක්ෂර අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත instead of ජාවා අක්ෂර වෙනුවට දිස්වනු ඇත.



https://www.definitions.net/definition/abugida

https://omniglot.com/writing/syllabic.htm

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අබුගිඩා පිළිබඳ තොරතුරු, අබුගිඩා යනු කුමක්ද? අබුගිඩා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.