අබුඩාබි

මුල් පිටුව | අබුඩාබි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන මෙන්ම දෙවනුවට විශාල නගරය අබුඩාබි වේ. අබුඩාබි, උතුරු මැද වෙරළ තීරයේ පර්සියානු බොක්ක ආශ්‍රිතව පිහිටි ටී(T) හැඩති දූපතකි.

අබුඩාබි ෆෙඩරල් රජයේ කාර්යාල, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මධ්‍යස්ථානය හා එමිරේට් රජ නිවස මෙහි පිහිටා ඇත. මෙය සර්ව භෞමික රාජධානියකි. අබුඩාබියේ වේගවත් දියුණුව, නාගරිකරණය සහ ජනතාවගේ ඉහළ සාමන්‍ය ආදායම නිසා එය විශාල සහ දියුණු නගරයක් බවට පත්වී ඇත. වර්තමානයේ මෙම නගරය රටේ දේශපාලන, කාර්මික සංස්කෘතික හා වාණිජ මධ්‍යස්ථානය බවටද පත්ව ඇත. 2008 වර්ෂයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දේශීය නිෂ්පාදනයෙන් 56.7% අබුඩාබියෙන් උත්පාදනය වී ඇත. අබුඩාබියේ වැදගත් මූල්‍ය ආයතන වන අබුඩාබි ආරක්ෂක ආයතනය , එක්සත් අරාබි මධ්‍යම බැංකුව, සංස්ථා නිල නිවාස සහ ආයතන සහ සංස්ථා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර අබුඩාබිය ලෝකයේ විශාල තෙල් නිෂ්පාදකයෙක් වේ. මෑත වකවානුවේ අබුඩාබි නගරයේ ආර්ථිකය විවිධාංගීකරණය වෙමින් නව මූල්‍ය ආයෝජන හා සංචාරක ව්‍යාපාරය ආරම්භ විය. කලාපය තුළ තෙවනුවට විශාල වියදම් සහිත නගරය වන අතර ලෝකයේම 26 වැනි වියදම් සහිත නගරය වේ. 2007 වර්ෂයේදී අබුඩාබිය ලෝකයේ සෞභාග්‍යයෙන් ඉහළම නගරය ලෙස සැලකිණි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අබුඩාබි පිළිබඳ තොරතුරු, අබුඩාබි යනු කුමක්ද? අබුඩාබි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.