ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගමුව සෙල් ලිපි ද්විත්වය පිහිටුවා තිබේ. සෙල් ලිපිය අඹගමුව නගරයේ සෙල්ලිපිගම ග්‍රාමයේ, නාවලපිටිය-ගිනිගත්හේන මාර්ගයේ සිට මීටර 400ක් පමණ දුරින් පිහිටා තිබේ.
| අඹගමුව සෙල් ලිපි | |
|---|---|
| Ambagamuwa Inscriptions | |
අඹගමුව සෙල් ලිපි ශ්‍රී ලංකාව තුළ අඹගමුව සෙල් ලිපි හි පිහිටීම | |
| පිහිටීම | සෙල්ලිපිගම, අඹගමුව |
| ඛණ්ඩාංක | 7°01′20″N 80°29′44″E / 7.0221628268°N 80.4956404558°E |
පළමුවන විජයබාහු රජු (1070-1110) විසින් සිය තිස් අටවන රාජ්‍ය වර්ෂයෙහි අඹගමුව සෙල් ලිපිය පිහිටුවා තිබේ.ශ්‍රීපාදස්ථානය වන්දනා කල රජු විසින් සිරිපා වන්දනාවේ යන බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිස සිදුකල දාන මාන හා දෙමළ බලය මැඩපවත්වා ලක්දිව එක්සේසත් කල ආකාරය පිළිබඳ විස්තර මෙහි සටහන්ය. සෙල් ලිපිය ප්‍රථම වරට එච්.සී.පී. බෙල් මහතා විසින් කියවන ලදී.
මධ්‍යකාලීන සිංහල අක්ෂරයෙන් නිර්මාණය කොට ඇති මෙම ලිපි ද්විත්වයෙන් එක් ලිපියක දිග අඩි 12 අඟල් 3 ක් හා පළල අඩි 9 අඟල් 3 ක් වේ. අනෙක් ලිපිය අඩි 9 ක් හා අඟල් 4 ක් දිගු වන අතර පළල අඟල් 9 ක් හා අඟල් 7 ක් වේ.
ආශ්රිත
මූලාශ්‍ර
- "හිස්ටොරික් ඉන්ස්ක්රිප්ශන් ෆේසින් ඩිකේස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
- "සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර". දිවයින. 23 දෙසැම්බර් 2009. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
- වික්‍රමසිංහ, ඩී.එම්.ඩී.ඉසෙඩ්. (1912–1927). අඹගමුව ඉන්ස්ක්රිප්ෂන් ඔෆ් විජයබාහු I (1058-1114 A.D.). එපිග්රැෆියා සෙලනිකා II. p. 202-218.
{{cite book}}: CS1 maint: date format (link) - "සිරිපා පිදුම් ගැන කියන අඹගමු සෙල් ලිපිය". සිළුමිණ. 19 අප්‍රේල් 2009. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අඹගමුව සෙල් ලිපිය පිළිබඳ තොරතුරු, අඹගමුව සෙල් ලිපිය යනු කුමක්ද? අඹගමුව සෙල් ලිපිය යනු කුමක් දර්ශනය කරන්නේ?