අයනගෝලය යනු, සූර්ය විකිරණයෙන් එය අයනිකෘත වී ඇති නිසා විශේෂක වන්නාවූද, මධ්‍යගෝලය, තාප ගෝලය සහ බහිර්ගෝලය යන්නන්ගේ කොටස් වලින් සමන්විත හා, 85 කිමී (53 සැත) සිට 600 කිමී (370 සැත) උන්නතාංශයක පිහිටන්නාවූද, ඉහළ වායුගෝලයේ කොටසකි. එය විසින්, වායුගෝලීය විද්‍යුතයේ වැදගත් කොටසක් ඉටු කෙරෙන අතර, චුම්බකගෝලයෙහි ඇතුළු සීමා දාරයද තනයි. එයසතුව ප්‍රායෝගික වැදගත් බවක් ඇත්තේ, එහි අනෙකුත් කෘත්‍යයන් අතර, එය විසින් පෘථිවියෙහි ඈත පිහිටි ස්ථාන වෙත ගුවන්විදුලි ප්‍රචාරණය වෙත බලපෑම් ඇති කරන නිසාය.
භූ-භෞතික විද්‍යාව
අයනගෝලය යනු, පෘථිවිය වට කොට, 50 කිමී (31 සැත) පමණ උසකින් ඇරඹී එහි සිට 1,000 කිමී (620 සැත) ට වඩා වැඩි දක්වා උසක් දක්වා පැතිරෙන, ඉලෙක්ට්‍රෝන සහ විද්‍යුත්මය ලෙසින් ආරෝපිත පරමාණු සහ අණු වලින් සැදි කබොල්ලකි. එහි පැවැත්ම සඳහා ප්‍රාථමික හේතු වන්නේ සූර්යයා වෙතින් නිකුත් වන පාරජම්බුල විකිරණයන් වෙති.
පෘථිවියේ වායුගෝලයෙහි පහළතම කොටස වන පරිවර්තී ගෝලය, පෘථිවි පෘෂ්ඨයෙහි සිට 10 කිමී (6.2 සැත) පමණ උසකට විහිදෙයි. 10 කිමී (6.2 සැත) ට වඩා වැඩි උසකින් පිහිටන්නේ අපරිවර්තී ගෝලය වන අතර, එයින් පසුව වන්නේ මධ්‍යගෝලය වෙයි.
සටහන්
- කේ. රාවර්. වේව් ප්‍රොපගේෂන් ඉන් ද අයනොස්ෆියර්. Kluwer Acad.Publ., Dordrecht 1993. ISBN 0-7923-0775-5
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයනගෝලය පිළිබඳ තොරතුරු, අයනගෝලය යනු කුමක්ද? අයනගෝලය යනු කුමක් දර්ශනය කරන්නේ?