අයිබීරියානු අර්ධද්වීපය (අයිබීරියාව ලෙසද හැදින් වෙන) යුරෝපයේ නිරිත දෙසින් පිහිටා ඇති අර්ධද්වීපයකි. පිරනීස් කඳුවැටිය වෙතින් අනෙකුත් යුරෝපියානු භූමි ප්‍රදේශයෙන් වෙන්ව ඇති මෙම අර්ධද්වීපයට අයත් භූමිය ප්‍රධාන වශයෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදී ඇත. ඇන්ඩෝරාව, ප්‍රංශයට අයත් කුඩා ප්‍රදේශයන් කිහිපයක් සහ බ්‍රිතාන්‍යට අයත් ප්‍රදේශයක් වන ජිබ්‍රෝල්ටාව ද එයට ඇතුළත් වේ. වර්ග කිලෝමීටර් 596,740 ක (වර්ග සැතපුම් 230,400 ක්) වන මෙම අර්ධද්වීපය ජනගහනය අනුව ගත් කල දෙවන විශාලතම යුරෝපීය අර්ධද්වීපය ද වේ(ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය හා බෝල්කන් අර්ධද්වීපයෙන් පසුව).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිබීරියානු අර්ධද්වීපය පිළිබඳ තොරතුරු, අයිබීරියානු අර්ධද්වීපය යනු කුමක්ද? අයිබීරියානු අර්ධද්වීපය යනු කුමක් දර්ශනය කරන්නේ?