අලුත් ඔය සමූලඝාතනය

අලුත් ඔය සමූලඝාතනය (හබරණ සමූලඝාතනය) යනුවෙන් හැදින්වෙන්නේ 1987 අප්‍රියෙල් 17 වන දිනදී, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් හබරණ-ත්‍රිකුණාමලය මාර්ගයේ අලුත් ඔය ගම්මානය ආසන්නයේදී, දරුවන්, කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් 127 දෙනෙකු සමූලඝාතනය කිරීමේ සිද්ධිය වේ. මෙම සමූල ඝාතනය ශ්‍රී ලංකා සිවිල් යුද්ධය පැවැති සමයේ එල්ටීටීඊ ය විසින් සිදුකරන ලද තවත් එක් වඩාත් අපකීර්තිමත් හා අමන අපරාධයක් ලෙස සැළකේ. එසේම එය එකල ගෙවීගිය වර්ෂ 100 ක කාලය තුල ලොව පුරා සිදුවූ ජීවිත 100 කට වඩා බිලිගත් දරුණුතම ත්‍රස්ථවාදී ප්‍රහාරයන්ගෙන් එකක් ලෙසද සැළකේ.

අලුත් ඔය සමූලඝාතනය
Aluth Oya massacre
ස්ථානයඅලුත් ඔය, උතුරු මැද පළාත
ඛණ්ඩාංක8°12′N 80°54′E / 8.200°N 80.900°E / 8.200; 80.900
දිනය1987 අප්‍රියෙල් 17 (+5.30 GMT)
ඉලක්කයසිංහල සිවිල් වැසියෝ
ප්‍රහාර මාදිලියවෙඩි තැබීම
ආයුධය(න්)තුවක්කු, මුගුරු
මරණ127
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි

මේවාද බලන්න

  • දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව

මූලාශ්‍ර

  1. ටැමිල්ස් කිල්ස් 18 නියර් සයිට් ඔෆ් මැසක්‍රේ, Los Angeles Times, අප්‍රියෙල් 20, 1987
  2. ගොරි කානේජ් ඔෆ් කිලිං ඉනසන්ට් සිවිලියන්ස්-ක්‍රොනොලොජි ඔෆ් Ltte ටෙරර් - පාර්ට් 30, ඩේලි නිව්ස්
  3. මැප් ඔෆ් වර්ස්ට් ටෙරරිස්ට් ඇටෑක්ස් වර්ල්ඩ්වයිඩ්: 100 ඕර් මෝ ෆේටලිටීස්, Robert Johnston
  4. බියොන්ඩ් ෆියර්: තින්කිං සෙන්සිබ්ලි අබවුට් සිකියුරිටි ඉන් ඇන් අන්සර්ටන් වර්ල්ඩ්, Bruce Schneier, pg 240

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අලුත් ඔය සමූලඝාතනය පිළිබඳ තොරතුරු, අලුත් ඔය සමූලඝාතනය යනු කුමක්ද? අලුත් ඔය සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?