අවලෝකිතේශ්වර යනු සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව මූර්තිමත් කෙරෙන ශ්‍රේෂ්ඨතම පරමබෝධිසත්ත්වයන් ය. මෙම බෝධිසත්ත්වයන් විවිධ අයුරින් නිරූපණය සහ විස්තර කෙරෙන අතර, ඇතැම් සංස්කෘතීන්වල මෙම බෝධිසත්ත්වයාණන් වහන්සේ කාන්තාවක හෝ පුරුෂයකු ස්වරූපයෙන් ද වන්දනාවට ලක්වේ.චීන බුද්ධාගම තුළ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් තරමක් වෙනස් කාන්තා ස්වරූපයකින් යුතුව ගුවාන්යින් බෝධිසත්ත්වවරිය ලෙස වන්දනාමාන කෙරේ. කාම්බෝජය තුළ මෙම බෝසතුන් ලෝකේස්වරක් ලෙසත්, ජපානය තුළ කන්සොන් හෝ කන්නොන් ලෙසත් හැඳින්වේ.
නිරුක්තිය
අවලෝකිතේශ්වර යන්න "පහළ" යන අරුතැති අව නම් ක්‍රියා උපසර්ගය, "නිරීක්ෂණය, ආවේදනය, දැකීම" අරුතැති ලෝක් යන ක්‍රියා පදයෙහි අතීත කෘදන්තය වන ලෝකිත සහ "අධිපති", "පාලක" යන අරුතැති ඊශ්වර යන ප්‍රත්‍යයන් තුන එක්වී සෑදුණකි. සන්ධි වීමේ දී, අ+ඊශ්වර යන්න ඒශ්වර ලෙස යෙදේ. සංයුක්තය ලෙස සැලකූ විට මෙම වදනෙහි අරුත "(ලෝකය දෙස) අවලෝකනය කරන අධිපතියා" යන්නයි. නාමයෙහි ලෝක ("ලෝකය") යන්න අන්තර්ගත නොවූවත්, එම අරුත හැඟවේ. මෙය කාම්බෝජ ස්වරූපය වන ලෝකේස්වරක් යන්න තුළ දැකගත හැක.
මේවාත් බලන්න
- ගුවාන්යින්
- ඊශ්වර
- ශුද්ධ භූමි බුදු දහම
- විෂ්ණු
සටහන්
- Leighton, Taigen Dan (1998). Bodhisattva Archetypes: Classic Buddhist Guides to Awakening and Their Modern Expression. New York: Penguin Arkana. pp. 158–205. ISBN 0140195564. OCLC 37211178.
- Studholme p. 52-54, 57.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිබඳ තොරතුරු, අවලෝකිතේශ්වර බෝධිසත්ව යනු කුමක්ද? අවලෝකිතේශ්වර බෝධිසත්ව යනු කුමක් දර්ශනය කරන්නේ?