අහ්මෝස් (“සඳුගේ දරුවා”) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දාහත්වන රාජවංශයේ කුමරියකි. ඇය (එඩිතර) සෙකෙනෙන්රේ ටාඕ පාරාවෝවරයා සහ ඔහුගේ සහෝදරි-භාර්යාව වූ සිට්ඩ්ජෙහුටිගේ එකම හඳුනාගත් දියණියයි. එසේම ඇය Iවන අහ්මෝස් පාරාවෝවරයාගේ සහ අහ්මෝස්-නෙෆටාරි රැජිනගේ අර්ධ-සොයුරියක ද වේ. ඇගේ පදවි නාමයන් අතර රජුගේ දියණිය සහ රජුගේ සොයුරිය යන නාමයන් දක්නට ලැබේ.
| අහ්මෝස් | ||||||
|---|---|---|---|---|---|---|
| රජුගේ දියණිය රජුගේ සොයුරිය | ||||||
අහ්මෝස් කුමරියගේ මමිය; ටියුරින්, මියුසියෝ ඉජිසියෝ | ||||||
| භූමදානය | QV47, රැජිනියන්ගේ නිම්නය | |||||
| ඊජිප්තු නාමය |
| |||||
| රාජවංශය | දාහත්වන රාජවංශය | |||||
| පියා | සෙකෙනෙන්රේ ටාඕ | |||||
| මව | සිට්ඩ්ජෙහුටි | |||||
| |||||
| අහ්මෝස් රූපාක්ෂර වලින් |
|---|
අහ්මෝස් කුමරිය ඇගේ සුප්‍රකට අර්ධ සොයුරා සහ සොයුරියට පසුවත් ජීවත්ව තිබේ. ඇය මියගොස් ඇත්තේ Iවන තුත්මෝස් (දහඅටවන රාජවංශයේ) රජ සමයේ යැයි විශ්වාස කෙරේ.
QV47 සොහොන්ගැබ
ඇගේ දේහය රැජිනියන්ගේ නිම්නයේ QV47 සොහොන්ගැබේ භූමදානය කරන ලදී. රැජිනියන්ගේ නිම්නයේ ඉදි වූ ප්‍රථම සොහොන්ගැබ ඇයට අයත් යැයි සැලකේ. මෙම සොහොන්ගැබ සාපේක්ෂව සරල අතර, එක් කුටියක් සහ භුමදාන පතලක් දක්නට ලැබේ. මෙම සොහොන්ගැබ පිහිටියේ අහ්මෝස් කුමරුගේ නිම්නය යනුවෙන් හැඳින්වෙන උප නිම්නයක ය. අහ්මෝස් කුමරියගේ මමිය සොයාගන්නා ලද්දේ අර්නස්ටෝ ෂියාපැරෙලි විසින් 1903-1905 අතර කාලයේ සිදුකළ කැනීම්වලිනි. ඇගේ මමිය වර්තමානයේ ඉතාලියේ ටියුරින්හි ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත. මමියට පසෙක තිබී ෂියාපැරෙලි විසින් ඇගේ මිනීපෙට්ටියෙහි කොටසක්, හම් සපත්තු, මළවුන්ගේ පුස්තකයේ ඇතැම් පරිච්ඡේද 20ක් අන්තර්ගත ලිනන් රෙදි කඩක කොටසක් ද සෙයාගන්නා ලදී මෙම සෑම කෞතුක වස්තුවක්ම ටියුරින්හි තබා ඇත.
මූලාශ්‍ර
- ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් (2004) ISBN 0-500-05128-3, පි. 128
- ඩෙමාස්, මාර්තා සහ නෙවිල්, ඇග්නිව්, සංස්. 2012. වැලී ඔෆ් ද ක්වීන්ස් ඇසෙස්මන්ට් රිපෝට්: වෙළුම 1. ලොස් ඇන්ජලීස්, CA: ගෙටි සංරක්ෂණ ආයතනය. ගෙටි සංරක්ෂණ ආයතනය, ලිපියට සබැඳිය
- පෝටර්, බර්තා සහ මොස්, රොසලින්ඩ්, ටොපෝග්‍රැෆිකල් බිබ්ලියොග්‍රැෆි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ටියන් හයිරොග්ලිෆික් ටෙක්ස්ට්ස්, රිලීෆ්ස් ඇන්ඩ් පේන්ටිංස් වෙළුම I: ද තීබන් නෙක්‍රොපොලිස්, කොටස 2. රෝයල් ටූම්බ්ස් ඇන්ඩ් ස්මෝලර් සිමෙට්‍රීස්, ග්‍රිෆිත් ආයතනය. 1964
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අහ්මෝස් (කුමරිය) පිළිබඳ තොරතුරු, අහ්මෝස් (කුමරිය) යනු කුමක්ද? අහ්මෝස් (කුමරිය) යනු කුමක් දර්ශනය කරන්නේ?