ආනන්ද වීරකෝන්

ආනන්ද වීරකෝන් (ඉංග්‍රීසි: Ananda Weerakoon) යනු 1950 වකවානුවේ ලංකාවේ සිටි ප්‍රවීන චිත්‍රපට නළුවෙකි. 1956 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (චිත්‍රපටය)හි නිමල්ගේ චරිතයට පණ පොවමින් ආනන්ද මහත් ජනප්‍රිය විය.

ආනන්ද වීරකෝන්
Ananda Weerakoon
උපත1934 සැප්තැම්බර් 20 වෙනිදා
කොළොන්නාව ශ්‍රී ලංකාව
මියගිය දිනය2022 September 21 (age 88)
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවචිත්‍රපට නළු
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන චිත්‍රපට නළු 1950 වකවානුව
ආගමබෞද්ධ

නාලන්දා ශිෂ්‍ය අවදිය

ආනන්ද වීරකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. නාලන්දාවේදී වීරකෝනයන්ගේ සිංහල ගුරුවරයා සිරි පෙරේරා (යූ. ඒ. එස්‌. පෙරේරා / සිරි අය්යා) වූ අතර නැටුම් ගුරුවරයා ශේෂා පළිහක්කාර විය. ආනන්දගේ සමකාලීන නාලන්දා මිතුරන් අතර කරුණාරත්න අබේසේකර, ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර, රිජ්වේ තිලකරත්න, චිත්‍රානන්ද අබේසේකර, සුගතමුනි ඥාණසිරි, සුමන අක්මීමන, ගුණරත්න අබේසේකර වැන්නවුන් විය. ඔහු නාලන්දා ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයෙකුද විය.

චිත්‍රපට රංගනය

1955 වසරේ තිරගත වූ සිරිසේන විමලවීර ගේ “අසෝකා” චිත්‍රපටයේ දුෂ්ට පෙම්වතෙකු ලෙස රඟපෑ ආනන්ද, විමලවීරයන්ගේම 1955 වසරේ තිරගත වූ “‍පොඩිපුතා” චිත්‍රපටයේ ද පෙම්වතෙකු ලෙස රඟපෑවේය. 1956 වසරේ තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “රේඛාව“ චිත්‍රපටයේද ආනන්ද පෙම්වතා විය. ඔහු පෙම්බැඳි තරුණිය ලෙස රඟපෑවේ මල්ලිකා පිලපිටියයි. ඇය රොෂාන් පිලපිටියගේ මවයි. රේඛාවේ සිසිර සේනාරත්න ගායනා කළ “ඕලු නෙළුම් නෙරිය රඟාලා” ගීතය ගයමින් පාරුවක යන කඩවසම් තරුණයා ආනන්දය. “ජීවිත සටන” (1957) චිත්‍රපටයේ වීරකෝන්ගේ පෙම්වතා ලෙසද ‘සුකුමලී’ (1957) චිත්‍රපටයේ රීටා රත්නායකගේ පෙම්වතා ලෙසද, ‘මා ආලය කළ තරුණිය’ (1959) හා ‘වනමල’ (1960) චිත්‍රපටවල කුමාරි මානෙල් ගේ පෙම්වතා ලෙසද රඟපෑ ඔහු 1960 එංගලන්තය බලා ගියේය. එහිදී ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑ ෂෝන් කොනරි (Sean Connery) සමග Frightened city චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට අවස්ථාවක් ඔහුට ලැබිණ.

විවාහ දිවිය

ආනන්දගේ දයාබර බිරිඳ ජානකී ජයකොඩි ගායන ශිල්පිනියකි. ඇය හිටපු අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ සොහොයුරියකි. ඔවුන්ගේ වැඩිමහල් පුතා රේණුක ඇමෙරිකාවේ ද දෙවැනි පුතා නාලක ලන්ඩනයේ ද පදිංචිව සිටී. මිනිබිරියන් තිදෙනෙකුගේ සීයා ආච්චි කෙනෙකි ආනන්ද හා ජානකී යුවළ.

ආශ්‍රිත

  • ආනන්ද වීරකෝන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන්
  • "පටාචාරා අත හැරියා - සේපාලි අමතක කළා". sarasaviya. 2013/04/04. {{cite web}}: Check date values in: |date= (help)
  • "සිංහල සිනමාවේ පැරණි පෙම්වතුන්ගේ වර්තමාන කතාව". lakbima.lk. 2015/03/15. {{cite web}}: Check date values in: |date= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආනන්ද වීරකෝන් පිළිබඳ තොරතුරු, ආනන්ද වීරකෝන් යනු කුමක්ද? ආනන්ද වීරකෝන් යනු කුමක් දර්ශනය කරන්නේ?