ආසියාව

ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.

භූමිප්‍රමාණය44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත)
ජනගහණය3,879,000,000 (1වන)
ජනගහණ ඝණත්වය89/කිමී2 (226/වර්ග සැත)
ජාතිකත්ව නාමයආසියානු
රටවල්එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ ව‍ෙනත් 6 කි.
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
හඳුනානොගත් ප්‍රදේශ
{{{1}}}
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC+2 සිට UTC+12
අන්තර්ජාලය TLD.ආසියාව
විශාලතම නගරනගර ලැයිස්තුව
{{{1}}}

ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.


නිරුක්ති විස්තරය

අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්

මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.

ආසියාවේ භූගෝලිය පිහිටීම

උතුරු අර්ධගොලයේ නැගෙනහිර කොටසේ ආසියව පිහිට ඇති නමුත් ආසියාවට අයත් සමහර දූපත් දකුණු අර්ධගොලයේ පිහිටා ඇත. භූගෝලිය වශයෙන් බැලූ විට ආසියාව සහ යුරෝපය එකම භූමියක පිහිටා ඇත. ආසියාව සහ යුරෝපය පිහිට භූමිය (Eruasia) යනුවෙන් හදුන්වයි.

සාපෙක්ෂ පිහීටීම

ආසියාවට උතුරින් ආක්ටික් සාගරය ද, නැගෙනහිරින් පැසිෆික් සාගරය ද, දකුණින් ඉන්දියන් සාගරය ද, බටහිරින් යුරෝපා මහද්වීපයෙන් ද, ආසියාව ප්‍රධාන වශයෙන් මායිම් වී ඇත.

ආශ්‍රිත

ලිපි සඳහා යොමු:

  • Subregions of Asia

විශේෂ මාතෘකා:

ලැයිස්තු:

ව්‍යාපෘති

  • Asian Highway Network
  • Trans-Asian Railway

සටහන්

මූලාශ්‍ර

  1. "List of continents by population". Worldatlas.com. සම්ප්‍රවේශය 2010-06-01.
  2. "Like herrings in a barrel". The Economist. December 23, 1999.
  3. National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආසියාව පිළිබඳ තොරතුරු, ආසියාව යනු කුමක්ද? ආසියාව යනු කුමක් දර්ශනය කරන්නේ?