හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය

මුල් පිටුව | හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය

හොඳම චලන චිත්‍ර සිනමා පටය සඳහා වු ඇකඩමි සම්මානය වාර්ෂිකව පිරිනමනු ලබන්නේ Academy of Motion Picture Arts and Sciences (AMPAS) ආයතනය මගිනි. එය පිරිනැමෙන්නේ චලන චිත්‍ර සිනමා කර්මාන්තයේ නිරත කලාකරුවන් හටයි. හොදම සිනමා පටය සඳහා වු සම්මානය සඳහා ඇකඩමිය තුළ සියලුම සාමාජිකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට හා නාම යෝජනා කිරීමට අවස්ථාව ලබාදී ඇත. වාර්ෂිකව සිදුකරනු ලබන ඇකඩමි සම්මාන උළෙලදී හොඳම චිත්‍රපටය සඳහා වු සම්මානය උළෙල අවසානයේදී පිරිනමන අතර එය භාර ගනු ලබන්නනේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විසින් අදාළ වේදිකාව මතදීය. හොඳම චලන චිත්‍ර සිනමාපටය සඳහා වු ඇකඩමි සම්මානය වැදගත් සම්මානයක් ලෙස ලොවපුරා පිළිගනු ලබන්නේ එය චිත්‍රපටයක් බිහිකිරීම සදහා දායක වන නිෂ්පාදනය, අධ්‍යක්ෂණය හා තිර රචනය යන සාමුහික ප්‍රයත්නයන්හි අවසාන ප්‍රතිඵලය වන බැවිනි. වසර 2002 සිට ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස්හි කොඩැක් රංග ශාලාවේදීය. එහි ප්‍රධාන තරප්පු පෙළ අසල ඇති රාක්කවල වසර 80 කට පෙර සම්මාන උළෙල ආරම්භ වු කාලයේදී සිට හොදම චිත්‍රපටය සඳහා සම්මාන දිනාගත් චිත්‍රපට ප්‍රදර්ශනයට තබා ඇත.


සටහන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය පිළිබඳ තොරතුරු, හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය යනු කුමක්ද? හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.