1.2 සිට ප්‍රාථමිකතාව සඳහා ඔබට පරීකෂා කිරීමට අවශ්‍ය විශාලම සංඛ්‍යාව දක්වා සංඛ්‍යා ලයිස්තුවක් ලියන්න. එම ලයිස්තුව A ලෙස හදුන්වමු. (මෙය පින්තූරයේ වම් පස වු කොටු ලයිස්තුවයි)
2.වෙනත් සොයා ගත් ප්‍රාථමික සංඛ්‍යා සඳහා වු ලයිස්තුවක ප්‍රථම සංඛ්‍යාව වන 2 ලියන්න. මෙම ලයිස්තුව B ලෙස හදුන්වමු. (මෙය පින්තූරයේ දකුණු පස වු ලයිස්තුවයි) 3.2 හි සියලු ගුණාකාර A ලයිස්තුවෙන් කපා හරින්න. 4.ලයිස්තුවේ ඉතිරි ප්‍රථම අංකය ප්‍රාථමික අංකයකි. එම අංකය B ලයිස්තුව ලියන්න. 5.එම අංකය හා එහි ගුණාකාර සියල්ල A ලයිස්තුවෙන් කපා හරින්න. ගුණාකාර කපාහැරීම අදාල සංඛ්‍යාවේ වර්ගයෙන් ආරම්භ කළ හැක. මන්දයත් ඊට පහලින් ඇති ගුණාකාර පෙර පියවරේදී දැනටමත් කපා හැර ඇත. 6.A ලයිස්තුවේ කිසිදු අංකයක් ඉතිරි නොවන තෙක් පියවර අංක 4 හා 5 නැවත නැවතත් සිදු කරන්න. ඔබ A ලයිස්තුවේ විශාලම සංඛ්‍යාවේ වර්ග මූලයට වඩා වැඩි සංඛ්‍යාවකට ලගා වු විට A ලයිස්තුවේ ඉතිරි සියලු සංඛ්‍යා ප්‍රාථමික සංඛ්‍යා වන බවද අවධානයට ගන්න.
පහත දැක්වෙන්නේ ඇල්ගොරිතම සදහා වු ව්‍යාජ කේතයක
// arbitrary search limit limit ← 1.000.000
// assume all numbers are prime at first
is_prime(i) ← true, i ∈ [2, limit]
for n in [2, √limit]:
if is_prime(n): // eliminate multiples of each prime, // starting with its square is_prime(i) ← false, i ∈ {n², n²+n, n²+2n, ..., limit} for n in [2, limit]:
if is_prime(n): print n
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්ගොරිතම පිළිබඳ තොරතුරු, ඇල්ගොරිතම යනු කුමක්ද? ඇල්ගොරිතම යනු කුමක් දර්ශනය කරන්නේ?