ඉතිහාසඥයා

ඉතිහාසඳයෙක් යනු, අතීතය පිළිබඳ පර්යේෂණ පවත්වන, අධ්‍යයනය කරන සහ ලේඛනය කරන පුද්ගලයෙක් වන අතර එය පිළිබඳව අධිකාරී බලයක් ඔහු තුල ඇති බවට සැලකෙයි. මනුෂ්‍ය වර්ගයා සබැඳි අතීත සිදුවීම් හා කාලාන්තරයෙහි සමස්ත ඉතිහාසය පිළිබඳව, අඛණ්ඩ හා ක්‍රමානුකූල ආඛ්‍යානය සහ පර්යේෂණයට ලක්කිරීම, ඉතිහාසඥයෙකුගේ ප්‍රස්තූතගත කාරණා වෙති. ලිඛිත ඉතිහාසයට පූර්ව සිද්ධීන් පිළිබඳ අවධානය යොමු කරන පුද්ගලයෙක්, ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ඉතිහාසඥයෙක් වෙයි. "ඉතිහාසඥයා" යන පදය, ආධුනික මෙන්ම වෘත්තීය ඉතිහාසඥයින් විස්තර කිරීමටද එකලෙසින් භාවිතා කල හැකි වුවද, අදාල විෂය ක්ෂේත්‍රයෙහි උපාධීන් හිමි කර ගත් අයවළුන් සඳහා මෑතදී සිට එය වෙන් කර ඇත. කෙසේවතුදු, සමහරක් ඉතිහාසඥයින්, ප්‍රකාශන හෝ පුහුණුකිරීම් සහ පළපුරුද්ද මත පිළිගනු ලැබ ඇත. දහනවවන සියවසෙහි අගභාගය වන විට, "ඉතිහාසඥයා" යන්න වෘත්තීය ජීවනෝපායක් වූයේ ජර්මනියෙහි හා අනෙකුත් ස්ථානයන්හී මේ පිළිබඳ පර්යේෂණ විශ්වවිද්‍යාල පැන නැගෙත්මය.

සටහන්

  1. "හිස්ටෝරියන්". Wordnetweb.princeton.edu. සම්ප්‍රවේශය ජූනි 27, 2008.
  2. හර්මන්, ඒ. එම්. (1998). ඔකියුපේෂනල් අවුට්ලුක් හෑන්ඩ්බුක්: 1998-99 සංස්කරණය. ඉන්ඩියානාපොලිස්: JIST වර්ක්ස්. පිටුව 525.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉතිහාසඥයා පිළිබඳ තොරතුරු, ඉතිහාසඥයා යනු කුමක්ද? ඉතිහාසඥයා යනු කුමක් දර්ශනය කරන්නේ?