ඉන්දක දෙවියන් යනු ඌව පළාතට අයත් නමුණුකුළ කන්දට අධිපති දෙවියන් වේ. රාවණ යුගයේදී මන්දාතු නමින් ප්‍රචලිත මෙම හෙළ සෙනෙවිවරයා අදටත් නමුණුකුළ කන්දේ ඇති රහසිගත උමඟයක භාවනානුයෝගීව සිටින බව ඒ අවට ගම්වාසීන්ගේ අදහසයි. ඌව පළාතට වැසි නොලැබෙන විට මුතියංගන විහාරයේ ඇති මහ පෙතිකඩය ගෙන මහ පෙරහරින් නමුණුකුළට ගොස් මන්දාතු හෙවත් ඉන්දක දෙවියන්ට බාරහාර පුදපූජා පැවැත්වීමෙන් මහ වැසි වැටෙන බව එදා සිට අද දක්වා එම ප්‍රදේශවාසීන් අත්දකින ආශ්චර්‍යයකි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දික දෙවි පිළිබඳ තොරතුරු, ඉන්දික දෙවි යනු කුමක්ද? ඉන්දික දෙවි යනු කුමක් දර්ශනය කරන්නේ?