ඉන්දිරා වසන්ති සමරසේකර (Ph.D., F.R.S.C, F.C.A.E., D.Sc., O.C) කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ 12 වන හා වර්තමාන උප කුලපතිනියයි.
| ඉන්දිරා සමරසේකර | |
|---|---|
ඉන්දිරා සමරසේකර | |
| 12 වැනි උපකුළපති | |
| උපත | අප්‍රේල් 11, 1952 කොළඹ,ශ්‍රී ලංකාව |
| උගත් ශාස්ත්‍රාලය | ලංකා විශ්වවිද්‍යාලය කැලිෆෝනියා විශ්වවිද්‍යාලය බ්‍රිතාන්‍ය කොළොම්බියා විශ්වවිද්‍යාලය |
| වෘත්තිය | යාන්ත්‍රික ඉංජිනේරු |
| කලත්‍රයා | හරින්ද්‍ර සමරසේකර |
| වෙබ් අඩවිය | කාර්යාලය |
පවුලේ විස්තර
ශ්‍රී ලංකා දෙමළ සම්භවයක් ඇති පවුලකට දාව 1952 අප්‍රේල් 12 දින කොළඹදී උපන් ඉන්දිරා, හතර දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් සාමාජිකාව වූවාය. අවුරුදු 3 දී ඇගේ පියා ඇතුලු සිය පවුල සමඟ බ්‍රිතාන්‍යයට පැමිණි ඇගේ ළමා කාලය බ්‍රිතාන්‍යයේ ගත විය. ඊට වසර 3 කට පසුව නැවතත් ඇය ශ්‍රී ලංකාවට පැමිණියාය. මේ සමය වන විට ශ්‍රී ලංකාව සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස පිඩාවට පත්ව තිබූ අතර බොහෝ කරදර මධ්‍යයේ ඔවුහූ යාපනයට යන ලදී.
කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය ලංකා විශ්වවිද්‍යාලයෙන් 1974 දී යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලබා ගනිමින් මෙරට ප්‍රථම කාන්තා යාන්ත්‍රික ඉංජිනේරුවරිය බවට පත් වූවාය. විවාහයෙන් පසු ඔවුන් ඇමරිකාවටත්, පසුව කැනඩාවේදී ඉන්දිරා බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හැදෑරුවාය. සිංහල ජාතිකයෙකු වූ හරින්ද්‍ර සමරසේකර සමඟ විවාහ වී සිටින ඇයට දරුවන් දෙදනෙකු සිටියි.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දිරා සමරසේකර පිළිබඳ තොරතුරු, ඉන්දිරා සමරසේකර යනු කුමක්ද? ඉන්දිරා සමරසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?