ඉසුරු ලිනක්ස් (English: ISURU Linux) මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව සංවර්ධනය කර ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය සදහා සුදුසු පරිදි මෘදුකාංග ඔබ්බවා සකසා ඇත. ඉසුරු ලිනක්ස්, උබුන්ටු ලිනක්ස් (English: Ubuntu) මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිමවා ඇත. එහෙයින් මෙය "මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව" වශයෙන් හැඳින් වේ.
ISURU Linux 20.04 | |
| විකාශකයා | M.V.T. Malinda, Ministry Of Education, Sri Lanka |
|---|---|
| OS පවුල | Unix-like |
| Working state | Current |
| මූලාශ්‍ර ආකෘතිය | Free and open source software |
| Initial release | 30 ජුනි 2012 |
| Latest release | 20.04 LTS / 30 අප්‍රේල් 2020 |
| ලබා ගත හැක්කේ | Multilingual |
| Update method | APT (Software Updater, GNOME Software) |
| Package manager | dpkg, Snappy |
| Platforms | i386, AMD64 |
| Kernel type | Linux (Monolithic-based Hybrid) |
| Userland | GNU |
| Default user interface | GNOME |
| License | GNU GPL & Various others. |
| Official website | isurulinux.sch.lk |
මෙම මෙහෙයුම් පද්ධතියට අදාල නව සංවර්ධන කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුතින් ස්ථාපිත ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධන ශාඛාව මගින් 2023 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කරනු ලබයි.
ඉතිහාසය
ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2012 ජුනි 30 වන දින ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය සදහා හදුන්වා දෙන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ගුරුවරුන් මෙන් ම විවෘත මෘදුකාංග සඳහා ඇලුම් කරන ප්‍රජාවගේ දායකත්වය ලබා ගැණිනි.
මුල්වරට ISURU Linux 12.04 සංස්කරණය නිකුත් කරනු ලැබූ අතර දෙවන සංස්කරණය වුයේ ISURU Linux 14.04 සංසකරණයයි. මෙම ප්‍රධාන සංස්කරණය තුලින් ලබා ගත් අත්දැකීම් පාදක කර ගනිමින් 2016 අප්‍රේල් 30 වන දින ISURU Linux 16.04 "වෙනසකට" ("For a Difference") ලෙස නව සංස්කරණයක් නිකුත් කරණ ලදී.
ශ්‍රී ලංකාවේ අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ "තොරතුරු සංනිවේදන තාක්ෂණය" විෂය ඉගැන්වීම සඳහා භාවිතා කරණු ලැබේ.
භාගත කර ගැනීම
මෙම මෙහයෙුම් පද්ධතිය ඉසුරු ලිනක්ස් නිළ වෙබ් අඩඩිය හරහා භාගත කර ගැනීමට හැකිය. එසේ නෙමැති නම් (ISURU Linux 20.04) බාගත කරගැනීමේ මෙම සබැඳිය භාවිතා කල හැකිය.
ඉසුරු ලිනක්ස් ස්ථාපනය කිරීම
ස්ථාපිත ආකාර
මෙම මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුල ස්ථාපිත කිරීමට භාවිතා කල හැකි ක්‍රම 3ක් පවතී.
- Virtual Machine (VM) එකක් භාවිතා කිරීම මගින්
- Dual Boot ක්‍රමය භාවිතා කිරීම මඟින් (ද්විත්ව මෙහෙයුම් පද්ධති)
- මෙම මෙහෙයුම් පද්ධතිය පමණක්
ලෙස ස්ථාපිත කළ හැකි අතර පහත පද්ධති අවශ්‍යතා සැලකිය යුතුය.
පද්ධති අවශ්‍යතා
ඉසුරු ලිනක්ස් 14.04 සඳහා මතු දැක්වෙන අවම පද්ධති අවශ්‍යතා නිර්දේශ කර ඇත.
- Architecture: IA-32
- Processor: 1 GHz Pentium 4 processor
- RAM: 1 GB
- Hard Disk Space: 15 GB (30 GB නිර්දේශ කරනවා)
- Resolution: 1024 X 768
ඉසුරු ලිනක්ස් 16.04 සඳහා මතු දැක්වෙන අවම පද්ධති අවශ්‍යතා නිර්දේශ කර ඇත.
- Architecture: IA-32, AMD64
- Processor: 2 GHz Dual Core processor
- RAM: 2 GB
- Hard Disk Space: 25 GB (30 GB නිර්දේශ කරනවා)
- Resolution: 1024 X 768
ඉසුරු ලිනක්ස් නවතම සංස්කරණයන්, උබුන්ටු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිමවා ඇති බැවින් උබුන්ටු ලිනක්ස් හී අවම පද්ධති අවශ්‍යතා හා සමපාත වේ.
ඉසුරු ලිනක්ස් නිකුත් කිරීම්
ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ කීපයක් හදුන්වා දී ඇත. මේ දක්වා නිකුත් කල, අනාගතයේ නිකුත් කිරීමට ඇති ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ පිළිබඳ විස්තර පහත පරිදි දැක්විය හැක.
| සංස්කරණය | ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නම | නිකුත් කල දිනය | ||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 12.04 LTS | ||||||||||||||||
| 14.04 LTS | ||||||||||||||||
| 16.04 LTS | ||||||||||||||||
| 18.04 LTS | ||||||||||||||||
| 20.04 LTS | ||||||||||||||||
| Legend: | Red | Release no longer supported | Yellow | Release still supported | Green | Latest version | Blue | Future release | ||||||||
උදව් සහ තාක්ෂණික සහාය
මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පුහුණු කරන ලද විශේෂිත ඉසුරු ලිනක්ස් කණ්ඩායමක් පිහිටුවා ඇත. ජාතික මට්ටමින් මෙන්ම පළාත් මට්ටමින් පුහුණු කරමින් ගොඩනගන මෙම කණ්ඩායම ඔස්සේ කලාප සහ පළාත් මට්ටමින් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමේ දී ඇති වන ප්‍රායෝගික ගැටළු නිරාකරණය කිරීමට මෙන් ම මඟ පෙන්වීම සිදු කරනු ලබයි.
මෙම ගුරුවරුන් පුහුණු කිරීම් සඳහා මෙන් ම දෝෂ නිරාකරණය සඳහා විවෘත මෘදුකාංග භාවිත කරන ප්‍රජාවගෙන් ලැබෙන සුවිශේෂ සහය අති විශාල වන අතර ඔවුන්ගේ සහය සඳහා ෆෝරමය (සංරක්ෂණය කළ පිටපත) හෝ සමාජ ජාල වෙබ් අඩවි (පිටුව) භාවිතා කල හැකිය.
මීට අමතරව ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය තුල සිටින ගුරුවරුන්ගේ නිදහස් හා විවෘත පරිගණක මෘදුකාංග පිළිබද දැනුම වර්ධනය කිරීමට "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" නමින් ගුරු පුහුණු පොතක් ද ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකසා, මුද්‍රණය කර ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය තුල බෙදා හැර ඇත.
යෙදුම් මෘදුකාංග එකතුව
ඉසුරු ලිනකස් මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව ඔස්සේ විවිධ අංශ යටතේ පෙර නිමියෙන් ම එක් කර ඇති යෙදුම් මෘදුකාංග විශාල සංඛ්‍යාවකි. මේසේ විශාල යෙදුම් මෘදුකාංග ප්‍රමාණය එක් කිරීම තුළින් අධ්‍යාපන අමාත්‍යංශය පාසල් පද්ධතියේ දෛනික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සියළුම මෘදුකාංග මේ තුල ඒකරාශී කර පද්ධතියට ලබා දීමට බලාපොරොත්තු වෙයි. මෙම මෘදුකාංග කාණ්ඩ ගණනාවකි. එනම්:
- කාර්යාල මෘදුකාංග
- චිත්‍රක මෘදුකාංග
- ක්‍රමලේඛන භාෂා මෘදුකාංග
- සජීවීකරණ මෘදුකාංග
- බහුමාධ්‍ය මෘදුකාංග
- සර්වර් මෘදුකාංග
- අධ්‍යාපන මෘදුකාංග
- අධ්‍යාපනික ක්‍රීඩා මෘදුකාංග
ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත
ඉසුරු ලිනක්ස් සමඟින් ලැබෙන යෙදුම් මෘදුකාංග භාවිතය පිළිබඳවත් ඒවා පංතිකාමරයේ භාවිත කරන ආකාරය පිළිබඳවත් ප්‍රායෝගිකව අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන ඉසුරු ලිනක්ස් පුහුණු වැඩසටහන් සඳහා සකස් කළ ලේඛනය "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" වශයෙන් හැඳින්වේ.
"ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" හැදෑරීමෙන් පසු, පාඨකයෙකුට ලිනක්ස් හි මූලික දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබා ගත හැකි අතර, එමඟින් ආරම්භක සහ අතරමැදි ලිනක්ස් සහතික කිරීම් කිහිපයක් සඳහා ඔවුන් සූදානම් කළ හැකිය.
එම ජාත්‍යන්තර සහතික කිරීම් කිහිපයක් පහත පරිදි දැක්විය හැක:
- Linux Professional Institute Linux Essentials
- Linux Professional Institute LPIC-1
- CompTIA Linux+
- Ubuntu Certified Professional
- Oracle Linux Certified Implementation Specialist
- SUSE Certified Administrator (SCA)
- Red Hat Certified System Administrator (RHCSA)
තවද ලිනක්ස් ඉගෙන ගන්නන්ට ඔවුන්ගේ වෘත්තීය මාර්ගය සහ විවිධ ලිනක්ස් බෙදාහැරීම් කෙරෙහි ඇති විශේෂ උනන්දුව මත පදනම්ව මෙම ඕනෑම සහතිකයක් උත්සාහ කිරීමට ශක්තිමත් පදනමක් "ඉසුරු ලිනක්ස් පුහුණු අත්පොත" මගින් ලබාදේ.
Screenshots
-
ISURU Linux 14.04 -
ISURU Linux 16.04 -
ISURU Linux 20.04
අඩවියෙන් බැහැර පිටු
- ISURU Linux Official website සංරක්ෂණය කළ පිටපත 2018-07-08 at the Wayback Machine
- Ministry of Education, Sri Lanka Official website සංරක්ෂණය කළ පිටපත 2003-03-24 at the Wayback Machine
- ISURU Linux Official Facebook Fan Page
- ISURU Linux Official Facebook Help Group
- ISURU Linux English Wikipedia Page
- Ministry of Education, Sri Lanka Wikipedia Page
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉසුරු ලිනක්ස් පිළිබඳ තොරතුරු, ඉසුරු ලිනක්ස් යනු කුමක්ද? ඉසුරු ලිනක්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?