ටොලමි X ඇලෙක්සැන්ඩර් I

ටොලමි X ඇලෙක්සැන්ඩර් I (පුරාතන ග්‍රීක:Πτολεμαῖος Ἀλέξανδρος, Ptolemaĩos Aléxandros) යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ. 110 සිට 109 දක්වා සහ ක්‍රි.පූ. 107 සිට 88 දක්වා ඊජිප්තුව පාලනය කළ රජ කෙනෙකි.

ටොලමි X ඇලෙක්සැන්ඩර් I
ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 110 පමණ මව වූ ක්‍ලියෝපැට්රා III සමග (පළමු රාජ්‍ය සමය)
ක්‍රි.පූ. 107 පමණ මව වූ ක්ලියෝපැට්රා III සහ ලේලිය / සුළු-දියණිය / බිරිය වූ බෙරෙනිස් III සමග (දෙවන රාජ්‍ය සමය) (ටොලමියානු)
පූර්වප්‍රාප්තිකයාසොහොයුරු ටොලමි IX ලැතිරොස් (පළමු සහ දෙවන රාජ්‍ය සමය)
අනුප්‍රාප්තිකයාසොහොයුරු ටොලමි IX ලැතිරොස් (පළමු රාජ්‍ය සමය)
පුත්‍රයා වූ ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (දෙවන රාජ්‍ය සමය)
වල්ලභක්ලියෝපැට්රා සෙලීන් I (සොයුරිය)
ඊජිප්තුවේ IIIවන බෙරෙනිස් (ලේලිය සහ සුළු-දියණිය)
දරුවන්ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (Iවන ක්ලියෝපැට්රා සෙලීන්ට දාව)
ක්ලියෝපැට්රා V (IIIවන බෙරෙනිස්ට දාව)
පියාටොලමි VIII ෆිස්කන්
මවඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා

දිවිය

ඔහු ටොලමි VIII ෆිස්කන් පාරාවෝවරයාගේත් IIIවන ක්ලියෝපැට්රා රැජිනියගේත් පුත්‍රයායි. ඔහුගේ මව විසින් ඔහුගේ සොයුරා වූ ටොලමි IX ලැතිරොස්ව බලයෙන් පහ කිරීමෙන් පසු, ක්‍රි.පූ. 110දී ඔහු සිය මව සමග හවුල් පාලනයක් ගෙනගියේ ය. කෙසේනමුත්, ක්‍රි.පූ. 109දී IXවන ටොලමි විසින් ඔහුව බලයෙන් පහකරන ලදී. ක්‍රි.පූ. 107දී ඔහු යලිත් වරක් රජු බවට පත් විය. එසේම ඇගේ මව සමග සම-අනුරාජ පදවිය හෙබවී ය. ක්‍රි.පූ. 101දී සිය මෑණියන්ව මරා දැමූ ඔහු, තනිව හෝ සිය භාර්යාව/ලේලිය වූ IIIවන බෙරෙනිස් සමග රාජ්‍ය පාලනය සිදුකළේ ය.

ඔහු මිය යන විට, IXවන ටොලමි නැවත වරක් සිහසුන හිමි කරග්තතේ ය. IXවන ටොලමි මියයන විට Xවන ටොලමිගේ භාර්යාව වූ IIIවන බෙරෙනිස් මාස හයක් රාජ්‍ය පාලනය සිදුකළා ය.

සටහන්

  1. ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (පටබැඳි නාමය) ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටොලමි X ඇලෙක්සැන්ඩර් I පිළිබඳ තොරතුරු, ටොලමි X ඇලෙක්සැන්ඩර් I යනු කුමක්ද? ටොලමි X ඇලෙක්සැන්ඩර් I යනු කුමක් දර්ශනය කරන්නේ?