ඊටීවී යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදු කරන ඉංග්‍රීසි රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය කොළඹ පිහිටුවා තිබෙයි.
| ඊටීවී ETV | |
|---|---|
| දියත්කල දිනය | 1995 |
| අයිතිකරුවෝ | EAP Group |
| රට | ශ්‍රී ලංකාව |
| භෘෂාව | ඉංග්‍රීසි |
| විකාශන සරිය | ශ්‍රී ලංකාව |
| පෙරදී හැඳින්වුනේ | ETV 2 |
| සහෝදර නාලිකා(ව) | ස්වර්ණවාහිනී |
අතීතය
East West Enterprises Ltdහී එවක සභාපතිවරයා වූ Nahil Wijesuriya මහතා විසින් 1994 දී ඊටීවී 1 (ETV 1) සහ 1995 දී ඊටීවී 2 (ETV 2) ලෙස, ශ්‍රී ලංකාවේ පැය 24 පුරාම විකාශය වන රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කරන ලදී. මුල් කාලීනව නාලිකාව තුල, නොමිලේ විසිරුවා හරිනු ලැබූ ජාත්‍යන්තර සැටලයිට් නාලිකාවක් වූ STAR TV හී වැඩසටහන් විකාශය කල අතර, නාලිකාවට අවශ්‍ය ආදායම් උපයා ගනු ලැබුවේ, දේශීය වෙළඳ ප්‍රචාරණ දැන්වීම් මගින් STAR TV හී සැටලයිට් දැන්වීම් ප්‍රතිස්ථාපනය කිරීමෙනි.
නමුත් පසුකාලීනව ඊටීවී නාලිකා ද්විත්වය එහි හිමිකරුවන් විසින්, EAP සමූහය වෙත අලෙවි කරන ලදී.
1997 වර්ෂයෙදී ඊටීවී 1 (ETV 1) නාලිකාවේ නම ස්වර්ණවාහිනී ලෙසත්, ඊටීවී 2 (ETV 2) නාලිකාවේ නම ඊටීවී (ETV) ලෙසත් වෙනස් කල අතර, එම වසරේම මැයි මසදී ඊටීවී නාලිකාව, EAP සමූහයට අයත් Vanguard Management Services පුද්ගලික සමාගම යටතේ සිය විකාශන කටයුතු ආරම්භ කරන ලදී.
වැඩසටහන්
මේ සමයේ පටන් නාලිකාව තුල ද බෝල්ඩ් ඇන්ඩ් ද බියුට්ෆුල් (The Bold and the Beautiful),ගිල්මෝ ගල්ස් (Gilmore Girls), අමෙරිකන් අයිඩල් (American Idol) වැනි හොලිවුඩ් ටෙලි නාට්‍ය, ප්‍රහසන වැඩසටහන්, සහ රියැලිටි වැඩසටහන් විකාශනය අරඹන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර පුවත් වැඩසටහන (electronic business news program) වූ, ලංකා බිස්නස් රිපෝට් (Lanka Business Report) (LBR) වැඩසටහන, මුලින්ම ඉදිරිපත් කලේ මෙම නාලිකාවයි.
මීට අමතරව ඊටීවී නාලිකාව විසින් හෝම් ගෝමේට් (Home Gourmet), එල්බීඕ.ටීවී (LBO.tv), එල්බීආර්මනී (LBRMoney) වැනි දේශීය ඉංග්‍රීසි වැඩසටහන් නිෂ්පාදනය කරනු ලබයි.
මේවාද බලන්න
භාහිර සබැදි
මූලාශ්‍ර
- Asia Waves website, ETV page
- Sri Lanka Radio and Television information[permanent dead link]
- Lanka Business Report website, http://www.lbr.lk/aboutus.php, ප්‍රතිෂ්ඨාපනය 2014-02-20
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඊටීවී පිළිබඳ තොරතුරු, ඊටීවී යනු කුමක්ද? ඊටීවී යනු කුමක් දර්ශනය කරන්නේ?