උදාගම් ව්‍යාපාරය

උදාගම් යනු ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස, අග්‍රාමාත්‍යව සිටි සමයේ අරඹා ජනාධිපති ලෙස ඝාතනයට ලක්වීම දක්වා පවත්වාගෙන ගිය දිගුකාලීන නිවාස ව්‍යාපාරයකි. මෙම ව්‍යාපෘතියෙන් නව ගම්මාන ඉදිකිරීමත් ඒවායේ ජනතාව පදිංචි කිරීමත් අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමෙන් අදාල ප්‍රදේශ සංවර්ධනය කිරීමත් සිදුවිය.

ආරම්භය

1978 වසරේ ජේ.ආර්. ජයවර්ධන මහතා ජනපති වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව, රණසිංහ ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කෙරුණි. සිය අපේක්ෂා සහිත වූ නිවාස, ජල සම්පාදන, යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීමට, ආරම්භයේදීම ප්‍රේමදාස මහතා විසින් ඊට අදාල සංකල්පණිකරණය, සන්ධානකරණය සහ ක්‍රියාවට නැංවීම පිළිබඳ කාරණා සඳහා නෙෙතික රාමුවක් පිහිටුවන ලදී. ආරම්භක වර්ෂ පහ තුලදී නිවාස ලක්ෂයකුත්, ඊලඟ වර්ෂ පහ තුලදී නිවාස දස ලක්ෂයකුත් ඉදිකිරීම ඔහුගේ අරමුණ විය.

ව්‍යාපාරය

උදාගම් ව්‍යාපාරය මගින් ඉදි කල නිවාස, විදුලිය, ජල සැපයුම් සැළසුම්, සුවසේවා සහ පාසල්, මාර්ග, පොදු ස්ථාන, ප්‍රජා ස්ථාන, ක්‍රීඩාංගන හා ආගමික ස්ථාන ආදිය නවීකරණය කිරීම හේතුවෙන්, අදාල දිස්ත්‍රික්කයේ සමස්ථ සුළු නගර හා ගම්මානයන්හී මහත් වූ යටිතල සංවර්ධනයක් ඇතිවිය. ප්‍රධාන සංවර්ධනයට අමතරව කුඩා වාරි ජලාශ ප්‍රතිසංස්කරණය, පාසල් සහ පොදු ස්ථාන සංවර්ධනය ආදි කටයුතුද සිදුවිය.

ගම් උදාව

උදාගම් ව්‍යාපාරය සමරනු වස් වාර්ශිකව ගම් උදාව සැනකෙලිය සහ වෙළඳ ප්‍රදර්ශනද සංවිධානය කෙරුණි. මිලියන ගණනක රට වටා ජනතාවක් එකල එම ප්‍රදර්ශන නැරඹූ බවද සඳහන් වේ. ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා ඌන සංවර්ධිත හා දුෂ්කර නොදියුණු ප්‍රදේශ තෝරා ගැණුනු අතර මෙමගින් සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවුණි.

ව්‍යාපෘතිය පිරිහීම

1993 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදී ප්‍රහාරයකට ලක්ව රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමගම, උදාගම් ව්‍යාපාරයත් අභාවයට යන ලදී.


ආශ්‍රිත ලිපි

  • සෙවන ලොතරැයිය
  • ජගත් නිවාස වසර
  • ගම් උදාව
  • ජනසවිය

ආශ්‍රිත

  1. "ප්‍රසිඩන්ට් ප්‍රේමදාස වෝස් නෝ ඕර්ඩිනරි ලීඩර් බට් ඇන් 'ඉපොක්-මේකර්'". transcurrents.com. 2012. සම්ප්‍රවේශය 11 ජනවාරි 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උදාගම් ව්‍යාපාරය පිළිබඳ තොරතුරු, උදාගම් ව්‍යාපාරය යනු කුමක්ද? උදාගම් ව්‍යාපාරය යනු කුමක් දර්ශනය කරන්නේ?