උපායමාර්ගික කළමනාකරණය

ආයතනික සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා එහි කළමනාකරණය, අලෙවිකරණය, මුල්‍ය, නිෂ්පාදන, මෙහෙයුම්, මානව සම්පත්, තොරතුරු තාක්ෂණය, ගිණුම්කරණය වැනි විවිධ ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කර කටයුතු කිරීම උපාය මාර්ගික කළමනාකරණය මගින් පෙන්වා දෙයි. මහාචාර්ය ෆ්‍රෙඩ් ඩේවිඩ් ගේ නිර්වචනයට අනුව උපාය මාර්ගික කළමනාකරණය යනු , "සංවිධානයකට එහි අරමුණු ළඟා කර ගැනීමට හැකි වන පරිදි විවිධ ශ්‍රිතමය තීරණ සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අගයනු ලබන කලාව සහ විද්‍යාවයි.

ආයතනික ඉලක්ක ඉටු කර ගැනීම සදහා ඇති පුළුල් සැලැස්මක් ලෙස උපායමාර්ග හදුනා ගත හැක.

මුලික සංකල්ප

කළමනාකරණයෙහි විවිධ අංශ සම්බන්ධීකරණය වී ආයතනික අරමුණු කරා කෙරෙන විග්‍රහයකදී මෙහිදී බලපානු ලබන විශේෂ අංග කිහිපයක් සලකා බලමු.

දැක්ම සහ මෙහෙවර

ආයතනයක දැක්ම (Vision) යනු එම ආයතනය අනාගතයේදී ලඟාවීමට බලාපොරොත්තු වන තත්ත්වයයි. එක් එක් ආයතනය සඳහා තම ප්‍රධානීන් විසින් සකස් කරන ලද දැක්මක් ඇත. ආයතනයක මෙහෙවර යනු වෙනත් සමාන ආයතන එම ආයතනය වෙන් කොට හඳුනාගත හැකි මුලික කාර්ය භාරයයි. මෙහිදී ආයතනයේ අනාගත උපායශීලී අදහසත් ඒ සඳහා ව්‍යාපාරික කටයුත්ත කුමක් ද යන්නත් විග්‍රහ කරයි.

බාහිර අවස්ථාවන් සහ තර්ජන

මෙහිදී ස්වොට් (SWOT) විශ්ලේෂණය මගින් පැහැදිලි කරන ආකාරයට, ආයතනයක අනාගතයට හිතකර හෝ අහිතකර ලෙස බලපානු ලැබිය හැකි ආර්ථික , සමාජයීය, සංස්කෘතික, දේශපාලනික ආදී බාහිර සමාජයේ ඇති අවස්ථාවන් හෝ තර්ජනයන් ගනු ලැබේ. බාහිර අවස්ථාවලදී වාසි ලබාගැනීමටත් බාහිර තර්ජන මගහැරීමටත් උපායමාර්ගික කළමනාකරණය ඉතා වැදගත් මෙහෙයක් සිදු කරයි.

අභ්‍යන්තර ශක්තීන් සහ දුර්වලතා

ආයතනයක අභ්‍යන්තර ශක්තීන් ප්‍රාග්ධනිත කරමින් අභ්‍යන්තර දුර්වලතා ඉවත්කරමින් උපායමාර්ග සකස් කලයුතු වෙයි.

දිගුකාලීන අරමුණු

ආයතනයක් ළඟාකරගැනීමට බලාපොරොත්තු වන අනාගත ඉලක්කයන් අරමුණු ලෙස හඳුන්වයි. මෙහිදී වසරක් හෝ ඊට වැඩි කාලයක් තුල ලබාගත යුතු අරමුණු දිගුකාලීන අරමුණු ලෙස විග්‍රහ කරයි. මෙම අරමුණු තාර්කික, අභියෝගකාරී, අදාල, පැහැදිලි මෙන්ම මැනියහැකි විය යුතුය. උදාහරණයක් ලෙස මෙම වසර අවසානයේ 12% ක ලාභාංශයක් ලබාගැනීම අරමුණක් ලෙස දැක්විය හැකිය.

උපායමාර්ග

සංවිධානයක් ගමන් කල යුතු දීශාව හා ඒ සඳහා ළඟා වන්නේ කෙසේද යන්න පිලිබඳව ගනු ලබන තීරණයක් හෝ තීරණ වල එකතුවකි.

උපාය මාර්ගික තීරණයක් යනු

ආයතනයේ දෘෂ්ඨිය මත පදනම් වූ මෙහෙවර ළඟා කර ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන දිගුකාලීන තීරණයන්ය.

උපායමාර්ගික කළමනාකරණය යනු

උපායමාර්ගික කළමනාකරුවන් විසින්, සංවීධානය ගමන් කළ යුතු දිශාවට මඟපෙන්වීම සදහා වන තොරතුරු උපයෝගීකරගෙන තීරණ ගැනීමේ ක්‍රියාවලියයි. - Pearce & Robinson (2008) -

ප්‍රතිපත්ති

ප්‍රතිපත්ති යනු ආයතනයක අරමුණු ලඟා කර ගැනීමට ගන්නා වූ තීරණ සඳහා මගපෙන්වන දෑ හෙවත් මාර්ගොපදෙශයන්ය .නිදසුන් ලෙස රෙගුලාසි ,චක්‍රලේකන , දැක්විය හැකිය.

උපායමාර්ගික මට්ටම්

  1. සංයුක්ත / සමස්ථ මට්ටමේ උපායමාර්ග
  2. ව්‍යාපාරික මට්ටමේ උපායමාර්ග
  3. මෙහෙයුම් මට්ටමේ උපායමාර්ග

සමස්ථ / සංයුක්ත මට්ටමේ උපාය මාර්ග ලෙස පහත සඳහන් ඒවා දැක්විය හැතිය.

01. විස්තීරණ වර්ධන උපාය මාර්ග

  • වෙළෙදපොල විනිවිද යාමේ උපායමාර්ග
  • වෙළෙඳපොල වාර්ධන උපායමාර්ග
  • නිෂ්පාදන වාර්ධන උපාය මාර්ග
  • විවිධාංගීකරණ උපාය මාර්ග

02. ඒකාබද්ධ වාර්ධන උපාය මාර්ග

  • සිරස් ඒකාබද්ධ උපායමාර්ග
    • ඉදිරියට ඒකාබද්ධ වීමේ උපායමාර්ග
    • පසුපසට ඒකාබද්ධ වීමේ උපායමාර්ග
  • තිරස් ඒකාබද්ධ වීමේ උපායමාර්ග

03. ව්විධාංගීකරණ උපායමාර්ග

  • ආශීත විවිධාංගීකරණ උපායමාර්ග
  • තිරස් විවිධාංගීකරණ උපායමාර්ග
  • බහු විවිධාංගීකරණ උපායමාර්ග

04. ආරක්ෂණ උපායමාර්ග

  • වියදම් කපා හැරීම
  • ඉවත් වීම
  • ඈවර කිරිම

උපාය මාර්ගික කළමනාකරණයේ විකාශණය.

  1. ව්‍යාපාරික ප්‍රතිපත්ති අදියර
  2. පුරෝකථනය කළ සැලසුම් අදියර
  3. උපක්‍රමික සැලසුම් අදියර
  4. උපක්‍රමික කළමනාකරණ අදියර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ තොරතුරු, උපායමාර්ගික කළමනාකරණය යනු කුමක්ද? උපායමාර්ගික කළමනාකරණය යනු කුමක් දර්ශනය කරන්නේ?