උරෝස්ථිය

උරෝස්ථිය යනු පපුව මධ්‍යයේ පිහිටි ටයිපටියක හැඩය ඇති පැතලි අස්ථියකි. උරස් කූඩුවේ පූර්ව පෙදෙස තනමින් මෙය කාටිලේජ ඔස්සේ පර්ශු සමග සම්බන්ධ වේ. මෙය හෘදය, පෙනහැලි, සහ ප්‍රධාන රුධිර වාහිනී හානිවලින් ආරක්ෂා කරයි. උරෝස්ථිය ප්‍රධාන කලාප තුනකින් යුක්ත ය: උරෝස්ථි මිට, දේහය සහ අසිපත් ප්‍රසරය එම ප්‍රදේශ වේ. මෙය සිරුරේ පිහිටි විශාලතම සහ දිගුම පැතලි අස්ථිවලින් එකකි. මෙයට අනුරූප ඉංග්‍රීසි වදන වන “sternum” යන්න පපුව යන අරුතැති ග්‍රීක στέρνον වදනින් සම්භවය වූවකි.

උරෝස්ථිය
උරෝස්ථියේ කොටස් - උරෝස්ථි මිට (කොළ), දේහය (නිල්), අසිපත් ප්‍රසරය (දම්)
උරෝස්ථියේ පිහිටීම (රතු).
තොරතුරු
ලතින්Sternum
හඳුන්වනයන්
MeSHA02.835.232.904.766
Dorlands
/Elsevier
s_23/12758288
TAA02.3.03.001
FMA7485
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යූහය

උරෝස්ථිය පපුවේ පූර්ව මධ්‍ය පෙදෙස තනන දිගු පැතලි අස්ථියකි. උරෝස්ථියේ මුදුන අක්ෂකාස්ථිවලට ආධාරවන අතර, එහි පැති කෙළවරවල් පළමු පර්ශු යුගල හතේ පර්ශුක කාටිලේජ සමග සම්බන්ධ වේ. උරෝස්ථියේ ඇතුළු පෘෂ්ඨය උ‍රෝස්ථිපෙරකාඩීය බන්ධනි සම්බන්ධ වන ස්ථානයකි. එහි මුදුන sternocleidomastoid muscle පේශිය සමග ද සම්බන්ධ ය. උරෝස්ථිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ය. ඒවා ඉහළ සිට පහළට පිළිවෙලින් පහත පරිදි වේ:

  • උරෝස්ථි මිට
  • දේහය
  • අසිපත් ප්‍රසරය

ස්වාභාවික පිහිටුමේ දී, උරෝස්ථිය පහළින් සහ ඉදිරියෙන් මඳක් ආනතව පිහිටා ඇත. පූර්ව දෙසින් එය මඳක් උත්තල අතර, පසුපසින් මඳක් අවතල ය. ඉහළින් මඳක් පුළුල්වන එය "T" අක්ෂරයක හැඩයෙන් යුතු අතර, උරෝස්ථි මිට දේහයට සම්බන්ධ වන ස්ථානයේ දී එය මඳක් පටු වී ඇත. අනතුරුව උරෝස්ථි දේහයේ මධ්‍යයේ සිට මඳක් පහළට යන තෙක් එය නැවතත් පුළුල් වන අතර, පහළ අන්තයට යාමේ දී එය ක්‍රමයෙන් පටු වේ. වැඩිහිටියන් තුළ, උරෝස්ථිය සාමාන්‍යයෙන් 17 cm පමණ දිගැති ය. කාන්තාවන්ට වඩා පුරුෂයින් තුළ එය දිගින් වැඩි ය.

අමතර පින්තූර

මේවාත් බලන්න

  • Pectus carinatum
  • Pectus excavatum

ආශ්‍රේයයන්

  1. Saladin, Kenneth S. (2010). Anatomy and Physiology: The Unity of Form and Function, Fifth Edition. New York, NY: McGraw-Hill. p. 266. ISBN 978-0-07-352569-3.
  2. Dyce, Keith M.; Sack, Wolfgang O.; Wensing, C. J. G. (2009-12-03). Textbook of Veterinary Anatomy (ඉංග්‍රීසි බසින්). Elsevier Health Sciences. ISBN 1437708757.

සැකිල්ල:Spine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උරෝස්ථිය පිළිබඳ තොරතුරු, උරෝස්ථිය යනු කුමක්ද? උරෝස්ථිය යනු කුමක් දර්ශනය කරන්නේ?