1968 වසරෙහි එක්සත් ජනපද ජනාධිපතිවරණය යනු, 1968, නොවැම්බර් 5 දින දී පැවැත්වුනු, 46වන සිව්-වාර්ෂික ජනාධිපතිවරණය වෙයි. රිපබ්ලිකානු නාමිකයාවූ, හිටපු උප-ජනාධිපති රිචඩ් නික්සන් විසින්, ඩිමොක්‍රටික් නාමිකයාවූ, ධූරාන්දර උප-ජනාධිපති හර්බට් හම්ප්‍රි පරාජය කොට මැතිවරණය ජය ගති. කැරලි කෝලහාල සහ අපරාධ වලින් පෙලී තිබුණු දේශයෙහි නගරයන්හී නීතිය සහ සාමය යළි පිහිටුවීමේ පොරොන්දුව සහිතව නික්සන් විසින් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේය.
එක්සත් ජනපද ජනාධිපතිවරණය, 1968
|
|---|
| ← 1964 | නොවැම්බර් 5, 1968 | 1972 → |
|
| ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 60.8% |
|---|
| | | | | | පක්ෂය | රිපබ්ලිකන් | ඩිමොක්‍රටික් | ඇමරිකන් ඉන්ඩිපෙන්ඩන්ට් |
|---|
| ජනප්‍රිය ඡන්ද | 31,783,783 | 31,271,839 | 9,901,118 |
|---|
| ප්‍රතිශතය | 43.4% | 42.7% | 13.5% |
|---|
|
ජනාධිපතිවරණ ප්‍රතිඵල සිතියම. රතු නිරූපණය කරන්නේ නික්සන්/ඇග්නිව් දිනූ ප්‍රාන්ත වන අතර, නිල් නිරූපණය කරන්නේ හම්ප්‍රි/මස්කි දිනූ ප්‍රාන්ත වෙති. තැඹිලි නිරූපණය කරන්නේ වොලස්/ලමේ දිනූ ප්‍රාන්ත මෙන්ම නික්සන්/ඇග්නිව් වෙනුවට වොලස්/ලමේ වෙත ඡන්දය ප්‍රකාශ කළ උතුරු කැරොලයිනා වෙතින් වූ අවිශ්වාසී වරකයෙක්ගේ ගේ ඡන්දයද වෙයි. සංඛ්‍යා වෙතින් නිරූපණය වන්නේ එක් එක් ප්‍රාන්තය වෙත වෙන් කර තිබූ පර්ෂද ඡන්ද වෙති. |
|
සටහන්
- "ඩේව් ලෙයිප්ස් ඇට්ලස් ඔෆ් යූ.එස්. ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්ස්". uselectionatlas.org. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 21, 2012.
- කැලිෆෝර්නියාවේ ඉපිද කැලිෆෝර්නියාව වෙතින් එ.ජ. සෙනෙට් මන්ත්‍රීවරයෙකු වුවද , 1968දී රිචඩ් නික්සන්ගේ පදිංචි නිල ප්‍රාන්තය නිව්යෝර්ක් වූයේ, 1962 දී කැලිෆෝර්නියා ආණ්ඩුකාර මැතිවරණය පරාජය වී, කීතිඥ රැකියාවක් සඳහා නිව්යෝර්ක් වෙතට පැමිණි නිසාය. ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ පළමු ධූර කාලයේදී, කැලිෆෝර්නියාවේ ඔහුගේ පදිංචිය, නික්සන් විසින් යළි-සකස් කර ගන්නා ලදි. එමනිසා, වඩාත් විශ්වසනීය ආශ්‍ර ග්‍රන්ථ විසින්, 1968 මැතිවරණය සඳහා නික්සන්ගේ ගෘහ ප්‍රාන්තය ලෙසින් නිව්යෝර්ක් සඳහන් කරන අතර, 1972 (සහ 1960) මැතිවරණ සඳහා ඔහුගේ ගෘහ ප්‍රාන්තය ලෙසින් කැලිෆෝර්නියා දක්වයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1968 එක්සත් ජනපද ජනාධිපතිවරණය පිළිබඳ තොරතුරු, 1968 එක්සත් ජනපද ජනාධිපතිවරණය යනු කුමක්ද? 1968 එක්සත් ජනපද ජනාධිපතිවරණය යනු කුමක් දර්ශනය කරන්නේ?