එන්ට්‍රොපිය

මුල් පිටුව | එන්ට්‍රොපිය

එන්ට්‍රොපිය යනු, තාපගතික කාර්යාවලියක් හරහා ශක්තිය ගලා යෑම ගණන් තැබීමට සහය වීම සඳහා ගණිතමය ලෙසින් අර්ථදැක්වුනු තාපගතික රාශියකි.

පද්ධතියක එන්ට්‍රොපිය යනු පද්ධතියේ අහඹුතාව පිළිබඳ මිනුමකි. එන්ට්‍රොපිය අවස්ථා ශ‍්‍රිතයකි. එය පද්ධතියේ ආරම්භක හා අවසාන අවස්ථාව මත පමණක් රඳා පවතින අතර වෙනස් වීම් සිදු වන මාර්ගය මත රඳා නො පවතී. එන්ට්‍රොපිය ද භෞතික හා රසායනික වෙනස් වීම් කෙරෙහි බලපාන සාධකයකි. ඒකලිත පද්ධතියක සිදු වන ස්වයංසිද්ධ වෙනස් වීම් එන්ට්‍රොපියේ වැඩි වීම හේතුවෙන් සිදු වේ.

කිසියම් පද්ධතියක් හා සම්බන්ධ එන්ට්‍රොපිය අවස්ථා ශ‍්‍රිතයක් නිසා, එන්ට්‍රොපි වෙනස අවසාන එන්ට්‍රොපි අගයෙන් ආරම්භක එන්ට්‍රොපි අගය අඩු කිරීමෙන් ගණනය කළ හැකි ය.

∆S = ∆Sඅවසාන - ∆Sආරම්භක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එන්ට්‍රොපිය පිළිබඳ තොරතුරු, එන්ට්‍රොපිය යනු කුමක්ද? එන්ට්‍රොපිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.