ඔපෙක් සංවිධානය

මුල් පිටුව | ඔපෙක් සංවිධානය

ඔපෙක් යනු ලොව ඛනිජ තෙල් අපනයනය කරන්නන් ගේ සංවිධානයයි. වර්තමානයේ ලොව මහද්වීප තුනක් පුරා පැතිරුණු ඛනිජ තෙල් නිෂ්පාදනය හා අපනයනය කරන රාජ්‍යයන් 13 ක් මෙහි සාමාජිකත්වය දරයි. ආසියානු, ඇමරිකානු සහ අප්‍රිකානු මහද්වීපය පුරා මෙම රාජ්‍යයන් පැතිර තිබේ. ඇල්ජීරියාව, ඇන්ගෝලාව, කොන්ගෝව, ගුවානා, ගැබොන්, ඉරානය, ඉරාකය, කුවේටය, ලිබියාව, නයිජීරියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව යන රටවල් ඔපෙක් සංවිධානයේ සාමාජිකයෝ වෙති. මිලියන 484 ක ජනගහනයක් සහිත මෙම ඔපෙක් සාමාජික රටවල් වල ප්‍රධානතම වෙළෙඳ හා අපනයන ද්‍රව්‍ය ඛණිජ තෙල්ය. එසේම එම රටවල සමස්ත ආර්ථික, සමාජීය හා දේශපාලන සංවර්ධනය අපනයන ආදායම මත රදා පවතී. ඛනිජ තෙල් වලින් ලබන ආදායම කර්මාන්ත සහ ආර්ථික සංවර්ධනය සඳහා මෙන්ම එම රටවල ජනගහනයට සරිලන රැකියා අවස්ථා සැපයීමට හා අධ්‍යාපන මෙන්ම සෞඛ්‍ය පහසුකම් සැපයීමටද තුඩුදෙයි. සමස්තයක් ලෙස ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ එය පවත්වා ගැනීමට මෙහි ආදායම ඍජුව බලපාන කරුණකි.

ඔපෙක් සංවිධානයේ මූලික පරමාර්ථ

එහි සාමාජිකයන්ට පෞද්ගලිකවත් සංවිධානයක් වශයෙනුත් උපරිම ප්‍රතිලාභ අත්කර දීම, සාමාජික රටවල් අතර ඛනිජ තෙල් නිෂ්පාදනය හා අපනයනය ද පිළිබඳ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය හා ප්‍රතිපත්තිවල ඒකාත්මික භාවයක් ගොඩනැගීම, ලෝකයේ ඛනිජ තෙල් වෙළඳපොලේ තෙල් මිල හානිකර අන්දමින් සහ අනවශ්‍ය ලෙස ඉහළ යාම පාලනය කර ගනිමින් තෙල්වල මිල ස්ථාවරව පවත්වා ගැනීමේ මාර්ග සෙවීම,

තෙල් මිලට ගන්නා රටවලට කාර්යක්ශම ආර්ථිකයක් පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව ඛනිජ තෙල් සැපයුම සහතික කිරීම හා ඛනිජ තෙල් කර්මාන්තයේ මුදල් ආයෝජනය කර ඇති රටවලට ඔවුන්ගේ ආයෝජන සඳහා හොද ප්‍රතිලාභයක් අත්කර දීම.

ඔපෙක් හි බිහිවීම

1960 සැප්තැම්බර් 14 දා ඉරාකයේ බැග්ඩෑඩ් නුවර දී, ආරම්භක සාමාජිකයන් ලෙස ඉරානය, ඉරාකය, කුවේටය, සෞදි අරාබිය හා වෙනිසියුලාව යන රටවල් පහ එක්වී ඔපෙක් සංවිධානය බිහි කර ගත්හ. 1962 නොවැම්බර් මස 6 වනදා මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ලියාපදිංචි කෙරිණ.

ඔපෙක් සාමාජිකත්වය ලබා ගැනීම

යම් රටක ශුද්ධ බොරතෙල් අපනයනය ඔපෙක් සාමාජික රටක ශුද්ධ බොරතෙල් අපනයනය ට සමාන තත්ත්වයක පවතින්නේ නම්ද, එය මුළු සාමාජිකයන්ගෙන් 3/4 බහුතර ඡන්දයෙන් ද සම්මත විය යුතු අතර ආරම්භක සාමාජික රටවල් පහේ අනුමැතිය ද හිමි වී තිබිය යුතුය.

ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වය ආකාර

1.ආරම්භක සාමාජිකත්වය

ආරම්භක සාමාජිකයන් යනු 1960 ඉරාකයේදී ඔපෙක් සංවිධානය බිහි කර ගැනීමේ ගිවිසුමට අත්සන් තැබූ ආරම්භක රටවල් පහයි.

2. පූර්ණ සාමාජිකත්වය

පූර්ණ සාමාජිකයන් යනු ආරම්භක සාමාජිකයන් ඇතුළුව ඔපෙක් සමුළුව දී සාමාජික ඡන්දයෙන් අයදුම්පත් පිළිගනු ලැබූ රටවල්ය

3. සම සාමාජිකත්වය

සම සාමාජිකයන් වනාහි පූර්ණ සාමාජිකත්වය හිමි නොවූ එහෙත් ඔපෙක් සමුළුවකදී විස්තර කර දක්වනු ලබන විශේෂ විධිවිධාන යටතේ පිරිනමනු ලබන සාමාජිකත්වයයි.

ඔපෙක් රටවල තෙල් නිෂ්පාදනය තෙල් මිලට බලපාන්නේ කෙසේද ?

ඔපෙක් සාමාජික රටවල ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරු අවම වශයෙන් වසරකට දෙවරක් හෝ මුණගැසෙති. එහිදී ඛනිජ තෙල් නිෂ්පාදනය හා තෙල් වෙළෙඳ පොළේ මූලිකාංග පිළිබඳ සාකච්ඡා කරති. එසේම අනාගත ලෝක වෙළඳපොලේ තෙල් ඉල්ලුම හා සැපයුම පිළිබඳව ද මෙහිදී කරුණු සලකා බැලේ. සාමාජික රටවල තෙල් නිෂ්පාදන මට්ටම් අඩු වැඩි කිරීමට මෙම රැස්වීම් අතරතුර දී තීරණය කෙරේ. නිෂ්පාදනයෙන් 43% ක් සහ ලෝක තෙල් වෙළඳාමෙන් 51%ක් රඳා පවතිනුයේ ඔපෙක් සාමාජික රටවල් අතෙහිය. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන අඩු වැඩි කිරීම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වැඩි වීම කෙරෙහි සෘජුවම බලපායි. බොරතෙල් මිල කෙරෙහි ඔපෙක් සංවිධානය තීරණ බලපෑම සහ තෙල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන වල මිල වෙනස්වීම වෙන වෙනම සලකා බැලිය යුතු වේ. තෙල් ආශිත නිශ්පාදන වලට අවසාන පාරිභෝගිකයා ගෙවන මිල වෙනස්වීම කෙරෙහි වෙනත් විවිධ සාධක බලපායි. ඇතැම් රටවල තෙල් නිෂ්පාදනය යට පාරිභෝගිකයා ගෙවන ලබන මිලෙන් 70% ක් පමණ ගෙවණු ලබන්නේ බදු මුදල් වශයෙනි. ඒවා රටේ රාජ්‍ය ප්‍රතිපත්ති මත සිදුවන්නකි. එම නිසා ඇතැම් අවස්ථාවල ලෝක වෙළඳපොලේ තෙල් මිලෙහි විශාල වෙනස්කමක් වුවද එය පාරිභෝගිකයා කෙරෙහි සෘජුවම විශාල බලපෑමක් ඇති නොකිරීමට ද ඉඩ තිබේ.

පරිසර නීති රීති සහ ඔපෙක් සංවිධානය

සාධාරණ සහ ඔප්පු කර ඇති සැබෑ අවශ්‍යතා මත පනවා ඇති පරිසර නීති රීති කෙරෙහි ඔපෙක් සංවිධානය තම පූර්ණ සහයෝගය දක්වයි. ඔවුන් දරන මතය වන්නේ ද අනාගත පරපුර උදෙසා ලෝකය පිරිසිදු ස්ථානයක් විය යුතු බවයි. පරිසරය රැක ගනිමින් සාර්ව ආර්ථික සංවර්ධනයක් ඇතිකර ගැනීම උදෙසා බලශක්තිය පහසු මිලකට අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි තත්ත්වයක් පවත්වා ගැනීමට මෙම සංවිධානය ක්‍රියා කරයි. එහෙත් ඇතැම් රට වල බදු ප්‍රතිපත්ති නිසා පාරිභෝගික ජනතාව තෙල් නිෂ්පාදන සඳහා විශාල මුදලක් බදු ලෙස ගෙවති.

එම රටවල් තෙල් ආශ්‍රිත නිෂ්පාදන වල බදු මුදල් මඟින් ඉතා විශාල ආදායමක් උපයා ගනී. ඛනිජ තෙල් නිෂ්පාදන වලින් වන පරිසර හානියට වන්දි ලෙස බොහෝ රටවල් අය කරනු ලබන "හරිත බදු" තුළින් ලබාගන්නා ආදායම්ද පරිසර සංරක්ෂණය සඳහා නිසි ලෙස යොදා නොගන්නා බවට ඔපෙක් සංවිධානය බොහෝ රටවලට චෝදනා නගයි. ඒවා ඔවුන්ගේ අයවැය පියවීම වැනි කටයුතුවලට යොදවන බවත් බදු නිසා තෙල් මිල නිතර වෙනස් වීම රටවල් වල කර්මාන්ත සහ සමස්ත ආර්ථිකයටම අයහපත් බලපෑමක් ඇති කරන බව සංවිධානය පෙන්වා දෙයි.

බාහිර සබැදි

නවයුගය සගරාව 2007 අප්‍රේල් කලාපය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔපෙක් සංවිධානය පිළිබඳ තොරතුරු, ඔපෙක් සංවිධානය යනු කුමක්ද? ඔපෙක් සංවිධානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.