කරගම්පිටිය විහාරය

කරගම්පිටිය විහාරය (හෝ සුබෝධාරාම විහාරය) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ දෙහිවල පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. කොළඹ නගරයට දකුණු දිශාගතව කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි සැතපුම් 9ක් පමණ දුරින් පිහිටි දෙහිවල මංසන්ධියට ආසන්නව විහාරය පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2007 වර්ෂයේ පෙබරවාරි 23වන දිනදී රජයේ ගැසට් අංක 1486 යටතේ සිදුකරන ලදී.

කරගම්පිටිය විහාරය
Karagampitiya Vihara
ප්‍රතිමා ගෘහයෙහි ඇතුල් ගැබ
මූලික තොරතුරු
පිහිටීමකරගම්පිටිය, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°50′56.0″N 79°52′05.9″E / 6.848889°N 79.868306°E / 6.848889; 79.868306
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකොළඹ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (23 පෙබරවාරි 2007)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

මූලාශ්‍ර

  1. Gazette 1486 23 පෙබරවාරි 2007, පිටු අංකය: 7.

වැඩිදුර කියැවීම්

  • චුටිවොංග්ස්, නන්දන; ප්‍රේමතිලක, ලීලානන්ද; සිල්වා, රෝලන්ඩ් (1990). පේන්ටින්ග්ස් ඔෆ් ශ්‍රී ලංකා - කරගම්පිටිය. කොළඹ: සෙන්ටනර් ප්‍රකාශකයෝ.

බාහිර සබැදි

  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1486. 23 පෙබරවාරි 2007.[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කරගම්පිටිය විහාරය පිළිබඳ තොරතුරු, කරගම්පිටිය විහාරය යනු කුමක්ද? කරගම්පිටිය විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?