කර්ම විපාක

මුල් පිටුව | කර්ම විපාක

ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක.පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබාදෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.

බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු

බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිදුකර පුරුදු කුසල හෝ අකුසල කර්මත්තා කර්මකර්මය හටගැනීමට අවශ්‍ය දේ දේශනා කළ සේක.

කර්මය සත්‍ය වශයෙන්ම සිදුවිය යුතුයි. එය මුළාවක් නොවේ.

  දෙවනුව තමාගේ ක්‍රියාව පිළිබඳ වගකීම දැරිය යුත්තේ තමා විසින්මය. තමන් හරහා ක්‍රියාකරන යහපත් හෝ අයහපත් සත්වයකුගේ හෝ නක්ෂත්‍ර බලපෑමක් නොමැත. තමන් සිහියෙන් සිටින විට තම ක්‍රියාව නිර්ණය කරන්නේ තමන්මය.


  ක්‍රියාවට ප්‍රතිඵලයක් තිබේ. ජලය මත ඇඳි ඉරක් මෙන් නොව සිදුකරන සෑම ක්‍රියාවකටම සිතේ ඇතිවු අරමුණ අනුව ලැබෙන සැප හෝ දුක විපාක තිබේ.


=== කර්මය පිළිබඳ වෙනත් මත ===කර්මය හෙතූ පල දහමට අනුවද විස්තර කල හැක .

බුදුදහමට අනුව කර්මය කලින් නියම කරගෙන සිටි හෝ දෛවවාදික හෝ හදිසියෙන්ම ඇතිවන්නක් නොවේ. මෙම අදහස් මනුෂ්‍යයා අක්‍රිය භාවයට පත්කර සියළු උත්සාහයන් නැති කර දමයි. මේ අදහස් මඟින් මනුෂ්‍යයෙකු තම අතීතයේ සිදුවු දේ කුමක් වුවත් තම අනාගතය යහපත් ආකාරයට වෙනස් කර ගත හැකිය යන කරුණට බාධා පමුණුවන නිසා බුද්ධ ධර්මයේදී මෙවැනි මතයන් මිත්‍යා මත ලෙස නම් කෙරේ.


1. පුබ්බේකත‍හේතු වාදය :- සියළු දුක් සැප ඇතිවන්නේ පෙර කරන ලද කර්මයෙනි.


2. ඉස්සර නිම්මාණ හේතුවාදය :- සියළු දුක හා සැප ලබාදෙන්නේ යම් ශ්‍රේෂ්ඨ දෙවියකුගේ කැමැත්ත පරිදිය . (දේවවාදය)


3. අහේතු - අපච්චයවාදය - සියළු දුක හා සැප ඇතිවීමට කිසිඳු හේතුවක් නැත. ඒවා අහඹු ලෙස හටගනී. (අනියති වාදය)


බුදුදහමේ කර්මය යමෙකුගේ වර්තමාන තත්වයට හේතුවු කරුණු මොනවාද හා ස්වඋත්සාහය හේතුවෙන් කෙනකුට තමාගේ අනාගතය යහපත් කර ගත හැකි අන්දම පිළිබඳ විග්‍රහයක් සිදු කරයි. දේවවාදය හා දෛවය පිළිබඳ විශ්වාස කරන්නන් මෙයට විරුද්ධ මතයක් දරයි.

කර්ම වර්ගීකරණය

මූලික වර්ග


  කුසල කර්ම

  අකුසල කර්ම

  අහෝසි කර්ම


විපාක දීමේ කාල අනුව


  දිට්ඨ ධම්ම වේදනීය (මේ භවයේදීම පලදෙන කාර්ම )

  උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම)

  අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)

  අහෝසි (පළදීමට අවකාස නොලබා අහෝසිවන කාර්ම)


විපාක කෘත්‍ය අනුව


  ජනක කර්ම

  ප්‍රතිසන්දි සිත ලබාදියහැකි කර්ම ( උපත සිදු කරයි )

  උපස්ථම්භක කර්ම

  උපත අනුව ලැබිය යුතු දුක/සැප ලැබීමට අනුබලදේ. ( දුක් සහිත ස්ථානයක උපත සිදුවී නම් වඩ වඩාත් දුක් විඳීමටද, සැප ඇති ස්ථානයක උපත සිදුවීනම් වඩවඩා සැප ලබාදීමටද සමත් වේ. )

  උපපීඩක කර්ම

  උපත අනුව ලැබිය යුතු දුක/සැප ලැබීම බාධාකරයි. ( දුක් සහිත ස්ථානයක උපත සිදුවී නමුත් දුක නොලබා සැප ලබාදීම ) (සැප ඇති ස්ථානයක උපත සිදුවීනමුත් සැප නොලබා දුක් විඳීමට සැලැස්වීම.)

  උපඝාතක කර්ම

  උපත අනුව ලැබිය යුතු දුක/සැප ලැබීම නැතිකරදමයි


ප්‍රතිසන්දි සිත ඇතිකිරීමට බලපාන ජනක කර්ම

ගරුක කර්ම

අනිවාර්යයෙන් ම ඊළඟ භවය සිදුකරන කුසල පක්ෂයේ මහග්ගත කුසලකර්ම හා අකුසල පක්ෂයේ ආනන්තරිය පාප කර්ම මෙනයින් සැලකේ.

ආසන්න කර්ම

මරණාසන්න මොහොතේ ඉද්රිපත්වෙන කුසල හෝ අකුසල කර්ම

ආචිණ්ණ කර්ම

ජීවිතයේ පුරුද්දක් ලෙස කල කර්ම හා නැවත නැවතත් සිහිකළ කර්ම

කටත්තා කර්ම

දැඩි චේතනාවක් නැතිව සිදු කරන කර්ම

කර්මය පිළිබද තව කරුණු දැනගන්න.


තෙරුවන් සරණයි.....!

නිර්මාණය - ශ්‍රද්ධා ධහම් ප්‍රදීපය සංවිධානය ප්‍රධාන කාර්්‍යාලයේ සදහම් කාර්්‍යයකි.

ශ්‍රද්ධා ධහම් ප්‍රදීපය සංවිධානය

වෙන්දේසිවත්ත

හෙට්ටිපොල

 






විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කර්ම විපාක පිළිබඳ තොරතුරු, කර්ම විපාක යනු කුමක්ද? කර්ම විපාක යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.