ක්ෂාරීය පාංශු ලෝහ යනු, ආවර්තිතා වගුවෙහි පිහිටි රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩයක් වන අතර, එහි මූලද්‍රව්‍යයන් බෙහෙවින් එක්වැනි ගුණාංග සහිත වෙති. ඒවා බොහෝ විට සම්මත උෂ්ණත්වයෙහි සහ පීඩනයෙහිදී, දිලිසෙන-සුළු, රිදීවන් පැහැ වන අතර Be හා Mg අළු පැහැති වේ;එනම් අනෙකුත් මූලද්‍රව්‍ය මෙන් දිලිසෙන සුළු නොවේ, මෙම ක්ෂාරීය පාංශු ලෝහ තරමක් ප්‍රතික්‍රියක වන අතර, +2 ක ආරෝපණයක් හෝ ඔක්සිකරණ අංකය +2 ක් සහිත කැටායන තැනීමට, ඒවායේ බාහිරතම ඉලෙක්ට්‍රෝන දෙක පහසුවෙන් අහිමිකර ගනියි. එනම් ns2 වින්‍යාසයක් දරයි. සාමාන්‍යයෙන් ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩය ක්ෂාරීය පාංශු ලෝහ ලෙස සලකයි. මෙම ක්ෂාරීය පාංශු ලෝහ ආවර්තිතා වගුවේ s ගොනුවට අයත් වේ.
සටහන්
ආශ්‍රිත
- රසායන විද්‍යාව පිළිබඳ රාජකීය සංගමය. "විෂුවල් එලිමන්ට්ස්: ගෲප් 2–දි ඇල්කලයින් අර්ත් මෙට්ල්ස්". විෂුවල් එලිමන්ටස්. රෝයල් සොසයිටි ඔෆ් කෙමිස්ට්‍රි. සම්ප්‍රවේශය 13 ජනවාරි 2012.
- ග්‍රීන්වුඩ්, නෝර්මන් එන්.; අර්න්ෂෝ, ඇලන් (1997). කෙමිස්ට්‍රී ඔෆ් දි එලිමන්ට්ස් (2වන ed.). බටර්වර්ත්-හෙයිනමන්. ISBN 0080379419.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්ෂාරීය පාංශු ලෝහ පිළිබඳ තොරතුරු, ක්ෂාරීය පාංශු ලෝහ යනු කුමක්ද? ක්ෂාරීය පාංශු ලෝහ යනු කුමක් දර්ශනය කරන්නේ?