විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන්

කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් (කැප්ටන් ඩෝසන්) (උපත ???? - මරණය 1829 මාර්තු 28) යනු බ්‍රිතාන්‍ය ජාතික මහාමාර්ග ඉදිකිරීම් ශිල්පියෙකි. බ්‍රිතාන්‍ය ලංකාවේ (වර්ථමානයේ - ශ්‍රී ලංකාව) බ්‍රිතාන්‍යයන් විසින් 1820 වර්ෂයේදී ලංකාවේ ඉදිකල මුල්ම තාර දැමූ මහා මාර්ගය වූ, කොළඹ-මහනුවර මහා මාර්ගයේ ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු භාරව සිටි පුද්ගලයා වූවේද කැප්ටන් ඩෝසන් වේ.

මරණය

කොළඹ-මහනුවර මහා මාර්ගයේ ඉදිකිරීම් 1820 වසරේදී ආරම්භ වී කෙරීගෙන ගියත් එය සම්පූර්ණ කිරීමට පෙර, හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් නිසා කැප්ටන් ඩෝසන් 1829 මාර්තු 28 වැනි දිනදී මිය යන ලදී. ඔහුගේ මරණය විෂ සහිත සර්පයෙකුගේ දශ්ඨ කිරීමක් නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ස්මාරකයක් ගොඩනැංවීම

මාර්ගය ඉදිකිරීමේදී කැප්ටන් ඩෝසන් විසින් සිදුකරන ලද ඉමහත් කැපකිරීම් සිහිකරනු වස්, කොළඹ-මහනුවර මහා මාර්ගයේ කඩුගන්නාව ගල බිඳි ස්ථානයට (කපොල්ල) ආසන්නව ස්මාරකයක් ඉදිකිරීමට පසුකාලීනව පියවර ගැණුනි.

ආශ්‍රිත

  1. "කළම්බු-කැන්ඩි රෝඩ් ඇන්ඩ් ද ඩෝසන් ටවර්". සුමනා සපරමාදු. සන්ඩේ ඔබ්සවර්. 2011. සම්ප්‍රවේශය 2014 මැයි. {{cite web}}: Check date values in: |accessdate= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් පිළිබඳ තොරතුරු, විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් යනු කුමක්ද? විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් යනු කුමක් දර්ශනය කරන්නේ?