කිරි වෙහෙර යනු ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි සොළොස්මස්ථානයන්ට අයත් ස්ථූපයකි. එය පළමුවරට ඉඳිකරන ලද්දේ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු වූ ක්‍රි.පූ. 01 වන සියවසේ රුහුණු රට රජ කළ මහානාග රජු විසින් ය. පසුකාලීනව විටින් විට සිදු වූ ගරාවැටීම් වලින් පසුව අද දක්නට ලැබෙන ස්ථූපය ගොඩනඟන ලද්දේ වර්ෂ 1961දී ය. එය අඩි 95 ක උසකින් යුතු වන අතර අඩි 280 ක වට ප්‍රමාණයකින් යුතුය.
අති පූජ්‍ය ආචාර්යය කොබවක ධම්මින්ද නායක හිමියන්, කතරගම කිරිවෙහෙර විහාරයෙහි විහාරාධිකාරි තනතුර හොබවති.
ගෞතම බුදුන්වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ අද මෙම ස්ථූපය පිහිටි ස්ථානයටද වැඩම කොට උන්වහන්සේගේ පාදස්පර්ශයෙන් මෙම භූමිය පිවිතුරු කළ සේක. ඒ අනූව කතරගම කිරි වෙහෙර සොළොස්මස්ථානයන්ට අයත් වේ. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත.
සෙල්ලිපි
ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් සෙල්ලිපි දෙකක් කිරි වෙහෙර ස්තූප භූමියෙන් හමුව තිබෙන අතර ඉන් එක් සෙල්ලිපියක මහදලි මහන රාජ නම් රුහුණු ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ පිළිබද සටහන් කර ඇත. මෙම සෙල්ලිපියෙ හි කිරි වෙහෙර ස්තූපය සඳහන් වන්නේ කජරගාම රාජමහා වෙහෙරෙ හි මංගලමහාසෑය නමින් වේ.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "හවු ගෝඩ් ස්කන්ධ හෙල්ප්ස් ද ෆේත්ෆුල්". සම්ප්‍රවේශය 2007-03-05.
- "කිරි වෙහෙර". සම්ප්‍රවේශය 2007-03-05.
- Manjula, HAKL (14 අප්‍රේල් 2020). "කිරිවෙහෙර (කතරගම)". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 8 ජූලි 2023.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිරි වෙහෙර, කතරගම පිළිබඳ තොරතුරු, කිරි වෙහෙර, කතරගම යනු කුමක්ද? කිරි වෙහෙර, කතරගම යනු කුමක් දර්ශනය කරන්නේ?