කිරි වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ලංකාතිලක ප්‍රථිමා මන්දිරයට උතුරු දෙසින් වන්නට ඉදිකොට තිබේ. අඩි 80ක් පමණ උසැති ස්ථූපය පොළොන්නරුවේ ආලාහන පිරිවෙනට අයත්ය. මෙය පුරාතනයේ ඉදිකල චෛත්‍ය අතරින් පුරාතන හුණු බදාම තවමත් ඉතිරිව ඇති එකම චෛත්‍යය වේ.
| කිරි වෙහෙර | |
|---|---|
| විස්තර | |
| පිහිටුම් තොරතුරු | |
| රට | ශ්‍රී ලංකාව |
| පිහිටීම | පොළොන්නරුව |
| ද්වාරය:බුද්ධාගම | |
ඉතිහාසය
ඉතිහාසය පිළිබඳව පැහැදිලි සාධක නොමැති වූවද, මෙම ස්ථූපය පරාක්‍රමබාහු රජුගේ (1153-1186) බිසවක වූ සුබද්‍රා දේවිය විසින් ඉදිකෙරූවක් බැව් විශ්වාස කෙරේ. එසේම ස්තූපය ආරම්භයේදි රූපවතී ස්තූපය නමින් හැඳින්වූ බවද පැවසේ.
ස්ථූපය
උස ප්‍රමාණය අනූව කිරි වෙහෙර පොළොන්නරුවේ පිහිටි දෙවැනි උසම ස්ථූපය සේ සැළකේ. එසේම එය වසර 900 ක පමණ කාලයක් ස්වභාවික බලපෑම් යටතේ, මුල් ඉදිකෙරූ ස්වරූපයෙන්ම බදාම ආලේපිත තට්ටුව ඉතිරිව පවතින ස්ථූප අතුරින් එකක් සේ සැළකේ. මීට අමතරව කිරි වෙහෙර වටා කුඩා ස්තූප ප්‍රමාණයක් දැකගත හැකි වන අතර එම ස්තූප, හිමිවරුන් හා රාජකීයයන් වෙනුවෙන් ඉදිකෙරූ ඒවා බැව් තහවුරුකොට තිබේ. කෙසේ නමුදු කිරි වෙහෙර ඇතුළුව, මෙහි වූ ස්තූප බොහොමයක් නිදන් හොරුන් විසින් විනාශ කොට තිබූ බවද සඳහන් වේ.
මූලාශ්‍ර
- "පොළොන්නරුව කිරිවෙහෙර". danuma.lk. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- "කිරි වෙහෙර පොළොන්නරුව". history.lk. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- "පොළොන්නරුවේ කිරිවෙහෙර". බුදුසරණ. 26 ජුනි 2014. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- "කිරි වෙහෙර". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- "කිරි වෙහෙර". angelfire.com/. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොළොන්නරුව කිරි වෙහෙර පිළිබඳ තොරතුරු, පොළොන්නරුව කිරි වෙහෙර යනු කුමක්ද? පොළොන්නරුව කිරි වෙහෙර යනු කුමක් දර්ශනය කරන්නේ?